Connect with us

ක්‍රීඩා

දිමුත් ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙන්න යයි!

Published

on

අප්‍රේල් 16දා අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟ දෙකෙන් පසු තමන් ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙන බව දිමුත් කරුණාරත්න පවසයි.
ඔහු මේ බව කියා සිටියේ නවසීලන්තය සමඟ අද (20) පැවැති දෙවන ටෙස්ට් තරඟය පරාජය වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ සම්බන්ධයෙන් තමා තේරීම් කමිටුව සමඟ සාකච්ඡා පවත්වා ඇති නමුත් තේරීම් කමිටුවෙන් තමාට අවසන් පිළිතුරක් ලැබී නොමැති බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

“මම තේරීම් කමිටුවත් එක්කත් කතා කරා අයර්ලන්ත තරගාවලියෙන් පස්සේ කණ්ඩායමේ නායකත්යෙන් ඉවත් වෙන්න. මොකද ඊළග චක්‍රය (ලෝක ටෙස්ට් ශූරතාවලියේ) වසර දෙකක් ක්‍රීඩා කරන්න ඕනෙ චක්‍රයක්. ඉතිං මම හිතනවා නව නායකයෙක් පත් කරලා ඒක කරොත් ගොඩක් වෙලාවට හොදයි කියලා. මොකද මම ඒකෙන් භාගයක් කරලා ඔහුගෙ අතට දෙනවට වඩා ඔහුම මුල ඉදල ඒක කරගෙන යන එක හොදයි.

“ඉතිං තේරීම් කමිටුවත් එක්කත් සාකච්ඡා කරා, තාම මට හරියට උත්තරයක් ලැබුණේ නැහැ. ඉතිං මම කිව්වා ඊළග තරගාවලියත් කරලා ඊට පස්සේ අලුත් චක්‍රයේ දී දෙන්නම් කියලා. තාම මට හරියට ඒ පැත්තෙන් උත්තරයක් ආවේ නෑ මොකක්ද වෙන්නේ කියලා. ඉතිං ඒක එනකම් බලාගෙන ඉන්නවා. නමුත් මගේ කල්පනාව තියෙන්නේ ගොඩක් වෙලාවට ඊලග තරගාවලියෙන් පස්සේ අලුත් නායකයාට අවස්ථාවක් ලබා දෙන්න.”

ක්‍රීඩා

දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නොමිලයේ බලන්න දෙයි

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා (ජුනි 25දා) ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රේක්‍ෂකයන්ට එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අංක 3 සහ 4 දොරටුවලින් ක්‍රීඩාංගණයට ඇතුළු වියහැකි වේ.

මෙම තරගය පෙ.ව. 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

Continue Reading

ක්‍රීඩා

යුපුන් ජර්මනියේදී දස්කම් පෙන්වයි

Published

on

By

ජර්ම­නියේ ඇන්හෝ­ල්ට්හිදි පැවති 27 වැනි අන්ත­ර්ජා­තික මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී පිරිමි මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තර­ග­ය­කදී යුපුන් අබේ­කෝන් තත්පර 10.18ක කාල­යක් වාර්තා කර­මින් ඔහුගේ හොඳම පෞද්ග­ලික දක්ෂ­තාව සට­හන් ක‍ළේය.

මේ වසරේ සැප්තැ­ම්බර් මාසයේ ටෝකියෝ හි පැවැ­ත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ මීටර් 100 පරි­සා­ධන මට්ටම තත්පර 10ක් වේ.

Continue Reading

ක්‍රීඩා

මැතිව්ස්, ටෙස්ට් පිටියට සමු දෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට අද (21) සමුදුන්නේය.

ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

මෙම තරගය අද දිනයේදී ජය පරාජයෙන් තොරව අවසන් විය.

16 වසරක් පුරාවට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ මැතිව්ස්, ටෙස්ට් තරග 119කදී ඉනිම 211ක් ක්‍රීඩා කර තිබේ.

එහිදී ලකුණු 8,214ක් ලබා ගෙන ඇති ඔහු, ටෙස්ට් ශතක 16කට සහ අර්ධ ශතක 45ක් ලබාගැනීමටද සමත් වී තිබේ.

ඊට අමතරව ඔහු විසින් ටෙස්ට් කඩුලු 33ක්ද දවා ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved