Connect with us

ක්‍රීඩා

දිමුත් වෙනුවෙන් මාලිංග ඉල්ලීමක් කරයි

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශේෂ වීඩියෝවක් පළ කර තිබේ.

හෙට (06) ආරම්භ වන ටෙස්ට් තරගයෙන් පසු ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට නියමිතව ඇතැයි පළ වූ පුවත සම්බන්ධයෙන් ප්‍රචාර දක්වමින් ලසිත් මාලිංග මෙම වීඩියෝව සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණි.

Posted by Lasith Malinga on Tuesday, February 4, 2025

ක්‍රීඩා

ජාතික ක්‍රීඩා සභාවට සාමාජිකයින් පත් කරයි!

Published

on

By

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම, පිළිබඳ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීම අරමුණු කර ගනිමින් නව ජාතික ක්‍රීඩා සභාවක් පත් කර තිබේ.

 අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් මේ පත් කිරීම් අද (14) සිදු කර ඇත.

ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස, ප්‍රියන්ත ඒකනායක මහතා පත් කර ඇත.

ඔහු රග්බි ක්‍රීඩකයෙකු සහ පැසිපන්දු ක්‍රීඩකයෙකු වන අතර ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා ලෙසත්, ශ්‍රී ලංකා සහ ආසියානු රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස ද  නවසීලන්තයේ සහ වේල්සයේ රග්බි සමාජයෙහි ද ක්‍රීඩා කර තිබේ.

ජාතික ක්‍රීඩා සභාවේ සෙසු සාමාජිකයින්ද පත් කර ඇත.

සමන්තා නානායක්කාර – කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයනය පිළිබඳ මහචාර්යවරියක් සහ ක්‍රීඩා මනෝවිද්‍යාඥවරියක් වන අතර ලංකාවේ පළමු ක්‍රීඩා මහචාර්යවරියද ඇයයි. ඇය විශ්වවිද්‍යාල මට්ටම දක්වා බාස්කට්බෝල් ක්‍රීඩිකාවක් ද වේ.

රුක්මන් වෑකඩපොළ –  ජාත්‍යන්තර බොක්සින් සංගමයේ උපදේශකයෙකු සහ ක්‍රීඩා විනිසුරුවරයෙක් ද වන ඔහු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් සහ ක්‍රිඩා ගුරුවරයෙක් වශයෙන් ද සේවයෙහි නිරත වේ.

සිදත් වෙත්තමුනි – 1982 – 1987 දක්වා ආරම්භක පිතිකරුවෙක් ලෙස ද ටෙස්ට් ක්‍රිකට් සහ එක් දින ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා සහභාගී වූ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වේ.

චානක ජයමහ – ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙක් ලෙස දැනට අධිකරණ කටයුතුවල නියැලෙන අතර Colombo Dockyard PLC හි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කර ඇත.

රොහාන් අබේකෝන් – ශ්‍රී ලංකා  රග්බි ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කටයුතුවල නියැලී ඇති අතර ජාතික රග්බි තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් වශයෙන් ද කටයුතු කර ඇත. රග්බි 7 වන කණ්ඩායමේ (7s)  නායකත්වය දැරූ අයෙක් වේ.

නිරෝෂන් විජේකෝන් – බැට්මිටන් ක්‍රීඩකයෙක් වන අතර ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් සඳහා සහභාගී වූ පළමු බැට්මිටන් ක්‍රීඩකයා ද වන අතර (1983- 1987 , 1989- 1992) ශ්‍රී ලංකා බැට්මිටන් ශූරතාවලියේ කේවල ශූරතාවය හිමිකර ගෙන තිබේ.

ජාතික තේරීම් කමිටු සභාපති සහ ජාතික පුහුණුකරුවෙක් වශයෙන්ද ඔහු කටයුතු කර ඇත.

මුරාද් ඉස්මයිල් – ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය, ඇතුළුව සම්මේලන ගණනාවකට සම්බන්ධව කටයුතු කර තිබේ. ගොල්ෆ් තේරීම් කමිටුවෙහි හිටපු සාමාජිකයෙක් ලෙසත්, මේස පන්දු සංගමයේ හිටපු ලේකම් ලෙසත් කටයුතු කර තිබේ.

රොෂාන් මහනාම – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර 1996 ක්‍රිකට් ලෝක කුසලානේ ශ්‍රී ලංකාවට දිනා දුන් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වේ. ටෙස්ට් තරඟ ඉතිහාසයේ දිවා රාත්‍රී තරඟ තීරකයෙකු වශයෙන් පෙනී සිටි පළමු පුද්ගලයා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සහ තාක්ෂණික උපදේශක කමිටු මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද කටයුතු කර ඇත. හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම තරඟ තීරකයෙක් ද වේ. 

සී. රත්නමුදලි – මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වන අතර විශ්වවිද්‍යාල මට්ටමේ ක්‍රීඩා සම්බන්ධයෙන්ද කටයුතු කර ඇත. වොලිබෝල් ජාතික සම්මේලනයේ කටයුතු කරන ලද ක්‍රීඩා රෙගුලාසි හා ක්‍රීඩා සම්බන්ධ අධ්‍යයන කටයුතුවල නිරත වූ අයෙක් ද වේ.

ශ්‍රියානි කුලවංස – ඔලිම්පික් ක්‍රීඩිකාවක් වන අතර පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමත්, ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමත් දිනාගන්නා ලදී. 1989 සිට 2004 දක්වා ජාත්‍යන්තර ක්‍රීඩා හැත්තෑවකට අධික සංඛ්‍යාවකට සහභාගි වී ඇත. තවමත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බාධක ඉසව්වේ වාර්තාවට ද ඇය හිමිකම් කියයි.

මලික් ජේ. ප්‍රනාන්දු – ඩිල්මා පුද්ගලික සමාගමෙහි සමසභාපතිවරයා ලෙස කටයුතු කරයි.

ශානිත ප්‍රනාන්දු –  හිටපු රග්බි ක්‍රීඩකයෙකු වන අතර CR & FC රග්බි කණ්ඩායම නියෝජනය කරමින් වසර 12 කට වැඩි කාලයක් විවිධ දස්කම් දැක්වූ අයෙකු වේ.1994 දී කණ්ඩායමේ නායකත්වය දැරූ අතර 1994 සිට 1998 දක්වා රග්බි ජාතික කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කළේය. CR & FC රග්බි සමාජයේ හිටපු උපසභාපතිවරයා ද විය.

ජාතික ක්‍රීඩා සභාවේ පත් කිරීම් අද (14) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. 

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා අතින් මෙම පත්වීමේ ලිපි බාරදීම සිදු විය.

මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ද සහභාගී විය.

Continue Reading

ක්‍රීඩා

ලංකාව ඔස්ට්‍රේලියාව වාර්තාගත ලෙස පරදවයි

Published

on

By

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම ජයග්‍රහණය (ලකුණු පරතරය අනුව) ලෙස වාර්තා අතරටද එක්විය.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 282ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 24.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 107ක් පමණි.

ඒ අනුව තරග 2කින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙසින් ශ්‍රී ලංකාව ජය ගත්තේය.

Continue Reading

ක්‍රීඩා

කුසල්ගෙන් ශතකයක්

Published

on

By

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර අද (14) පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී සිය එක්දින දිවියේ 5වන ශතකය රැස්කිරීමට කුසල් මෙන්ඩිස් සමත් විය.

පන්දු 113කින් ගොඩනැගුණු කුසල්ගේ ඉනිමට හතරේ පහර 11ක් ඇතුළත් විය.

මෙය ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තාකළ පළමු එක්දින ශතකය ද වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 43.3කදී කඩුලු 3ක් දැවී ලකුණු 209ක් රැස්කර ඇත.

කඩුල්ලේ රැඳී සිටින නායක චරිත් අසලංක ලකුණු 46ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 4වන කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් පවත්වාගෙන සිටියි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved