Connect with us

ක්‍රීඩා

දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි

Published

on

නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසීය.

තරග තුන බැගින් වූ එක්දින හා විස්සයි20 තරගාවලියකට ක්‍රීඩාකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (20) රාත්‍රියේ නවසීලන්තය බලා පිටත්ව ගිය අතර, දිවයිනෙන් පිටවත් යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නායක චරිත් අසලංක,

“ක්‍රීඩකයන් හොඳ මානසිකත්වයෙන් ඉන්නවා. T-10 තරගාවලිය ක්‍රීඩා කරලා හොඳින් ලකුණු අතරත්, කඩුලු අතරත් හිටියා. ඒක හොඳ සූදානමක් කණ්ඩායමට.

අභියෝගාත්මක තරගාවලියක්. නවසීලන්තය ඔවුන්ගේ රටේදී ගොඩක් ශක්තිමත්. කණ්ඩායමේ ගොඩක් ලොකු වෙනස්කම්  කරන්නේ නෑ. නමුත් අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගේ අත්දැකීම්, නවකයන්ට ලබාදීමේ බලාපොරොත්තුවක් තියෙනවා.  

නවසීලන්තයේ ක්‍රීඩාකරද්දී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදෙන්න ඕන නිසයි දුනිත් කණ්ඩායමෙන් ඉවත්කළේ. ඒක හරි අමාරු තීරණයක්. මටත් තේරීම් කමිටුවටත්, පුහුණුකරුටත් අමාරු තීරණයක් වුණා. නවසීලන්තයේ වගේ තණතීරුවල ක්‍රීඩා කරද්දී සමහර වෙලාවට මේ තීරණ ගන්න වෙනවා”.

දෙරට අතර තරග 3 බැගින් වූ විස්සයි20 හා එක්දින තරගාවලියේ පළමුව විස්සයි20 තරගාවලිය පැවැත්වේ.

එම තරග මේ මස 28, 30 සහ 2025 වසරේ ජනවාරි 2 යන දිනවල පැවැත්වීමට සැලසුම්කර තිබේ.

ක්‍රීඩා

මුම්බායි ඉන්දියන්ස් අවසන් පූර්ව වටයට

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ(21) සමත්විය.

ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජය ගැනීමත් සමගිනි

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් ලබා ගන්නා ලදී.

සූර්ය කුමාර් යාදෙව් පන්දු 43ක දී ලකුණු 73ක් රැස්කළේ 6 පහර 4ක් සහ 4 පහර 7ක් සමගිනි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකිවුයේ ලකුණු 121ක් පමණි.

පන්දු යැවිමේදී මිචෙල් සැන්ට්නර් හා ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3 බැගින් බිද හෙලීය.

Continue Reading

ක්‍රීඩා

චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි

Published

on

By

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබේ.

ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන් ඉවත් වූ කෝබින් බෝශ් වෙනුවටය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වන චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක් මුම්බායි කලමණාකාරිත්වය විසින් නියමකර තිබේ.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 26.4ක් පමණ වේ.

Continue Reading

ක්‍රීඩා

ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සිල වර්ජනයක?

Published

on

By

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින වත්මන් රාජත්‍රාන්තික අර්බුදය මීට හේතුවයි.

එළැඹෙන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළුව සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved