Connect with us

ක්‍රීඩා

දූෂණ මර්ධන අංශයේ ප්‍රධානියාට ලංකාවෙන් ඇරයුමක්

Published

on

පාකිස්තානු පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය අතරතුරදී තරග පාවාදීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් සිදුකරන ලද චෝදනාව විමර්ශනය කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සබාවේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරීවරයා වන ඇලෙක්ස් මාර්ෂල් මහතාට ශ්‍රී ලංකාවට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (23 දා) තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙසේ ද පවසයි :

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකයකු ලෙස ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩාවේ අඛන්ඩතාව ආරක්ෂා කිරීමට බැඳී සිටින ආයතනයක් වන අතර ඉහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් මෑ කාලයේ සිදුකරන ලද චෝදනා සම්බන්ධයෙන් ගත හැකි නිවැරදිම ක්‍රියාමාර්ගය මෙය බව ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වාසය පළ කරයි. එම ප්‍රකාශය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් සහ එහි පාර්ශ්වකරුවන්ගේ කීර්තිනාමයට විශාල හානියක් සිදුවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසයයි.”

ක්‍රීඩා

20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹෙයි

Published

on

By

20/20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් (03) ආරම්භ වේ.

ඩුබායිහි දී පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 20 වන දින දක්වා පැවැත්විමට නියමිතය.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම “ඒ” කාණ්ඩය යටතේ තරග වැඳීමට නියමිත අතර පාකිස්ථානය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පාකිස්ථාන කණ්ඩායම සමග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

කොදෙව් පිල ඔක්තෝබරයේදී ලංකාවට

Published

on

By

තරග තුන බැගින් වූ එක්දින ජාත්‍යන්තර තරගාවලියක් හා පන්දුවාර විස්සයි 20 තරගාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිල ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුව පන්දුවාර විස්සයි 20 තරග තුන ඔක්තෝබර් 13, 15 හා 17 යන දින වලදී දඹුල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

මේ අතර, එක්දින ජාත්‍යන්තර තුන ඔක්තෝබර් 20, 23 හා 26 යන දින වලදී මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත.

Continue Reading

ක්‍රීඩා

කමිඳුගෙන් ලෝක වාර්තාවක්

Published

on

By

පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් (ලකුණු 50 සීමාව පසු කළ) වාර්තා කළ ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් අද (26) වාර්තා අතරට එක්වුණි. 

ඒ අනුව වසර 132ක් පැරණි ටෙස්ට් ඉතිහාසයේ මෙම දස්කම දැක්වූ පළමු ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් සැලකෙයි.

නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී අද පැවැති 02 වැනි ටෙස්ට් තරගයේදී ඔහු මෙම වාර්තාව තැබීය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved