Connect with us

ක්‍රීඩා

පරාජයට හේතු හොයන්න SLCය කළමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

Published

on

ඉන්දීය කණ්ඩායමට ‌එරෙහිව තිරුවානන්තපුරම්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලද දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කලමනාකරු වෙත නියෝග කර තිබේ.

කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවේ අදහස් වලට අමතරව කණ්ඩායම් කමනාකරුගේ අදහස්ද වලින්ද මෙම වාර්තාව සමන්විත විය යුතු වන අතර අදාළ වාර්තාව දින 5 ක කාලයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසද කණ්ඩායම් කළමනාකරු වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී තිබේ.

තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 22 කට සීමා වෙමින් ලකුණු 317 ක පරාජයක් ඉන්දියාව හමුවේ ලැබීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල දස්කම්වල පසුබිම ‌කුමක්ද යන්න මෙම සමාලෝචන වාර්තාව හරහා අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ.

ක්‍රීඩා

පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්

Published

on

By

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ  (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ.

FIFA විසින් වසර 8ක් තුළ පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව මෙයයි.

ජාත්‍යන්තර පාපන්දු නිර්ණායකයන්ට අනුව පාකිස්තාන පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපොහොසත් වීම මෙම තහනම පැනවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

2019 වසරේ ජුනි මාසයේ සිට පාකිස්තාන පාපන්දුව FIFA විසින් පත් කරන ලද සාමාන්‍යකරණ කමිටුවක් විසින් පාලනය කරනු ලබයි.

කෙසේ නමුත් ඔවුන් විසින් ලබාදෙන නිර්දේශයන්ට අනුව කටයුතු කිරීමට පාකිස්තාන පාපන්දු සම්මේලනය අපොහොසත් වී ඇත. 

ඒ අනුව FIFA නිර්දේශ ක්‍රියාත්මක කරන තෙක් පාකිස්තානයේ මෙම තහනම බලපැවැත් වේ.

Continue Reading

ක්‍රීඩා

ස්මිත්ගෙන් ශතකයක්

Published

on

By

ටෙස්ට් ක්‍රිකට් දිවියේ 36වන ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කිරීමට ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් අද (7) සමත් විය.

ශ්‍රී ලංකා හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ අද ඔස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් ඔහු මෙම ඉනිම ක්‍රීඩා කළේය.

පන්දු 191කට මුහුණදෙමින් ස්මිත් ක්‍රීඩාකළ මෙම ශතකයට හයේ පහරක් හා හතරේ පහර 9ක් ඇතුළත් විය.

මෙය ස්මිත් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩාකළ 4වන ටෙස්ට් ශතකය වන අතර, ඒ සියල්ලම ඔහු ශ්‍රී ලංකාවේදීම රැස්කර තිබීම විශේෂත්වයකි.

ස්මිත්ගේ ඉනිමත් සමග ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 248ක් රැස්කරගෙන ශ්‍රී ලංකා පළමු ඉනිම වඩා ලකුණු 9ක් පසුපසින් සිටියි.

ස්මිත් සමගින් කඩුල්ලේ රැඳී සිටින ඇලෙක්ස් කේරී ලකුණු 76ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 4වැනි කඩුල්ලට ලකුණු 157ක සබඳතාවක් මේ වනවිට ගොඩනගා ඇත.

Continue Reading

ක්‍රීඩා

දිමුත් වෙනුවෙන් මාලිංග ඉල්ලීමක් කරයි

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශේෂ වීඩියෝවක් පළ කර තිබේ.

හෙට (06) ආරම්භ වන ටෙස්ට් තරගයෙන් පසු ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට නියමිතව ඇතැයි පළ වූ පුවත සම්බන්ධයෙන් ප්‍රචාර දක්වමින් ලසිත් මාලිංග මෙම වීඩියෝව සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණි.

Posted by Lasith Malinga on Tuesday, February 4, 2025

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved