Connect with us

ක්‍රීඩා

පළමු ටෙස්ට් තරගය එංගලන්තය ජය ගිනියි

Published

on

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම  සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය.

එංගලන්තයේ මැන්චෙස්ටර්හිදි පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව, 236කි.

ඊට පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 358ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු සංඛ්‍යාව 326ක් ලබාගත්තේය.

පන්දු 183 කදී ලකුණු 113ක අගනා ශතකයක් රැස් කළ කමිදු මෙන්ඩ්ස් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කශේරුව බවට පත් විය.

දිනේෂ් චන්දිමාල්, පන්දු 119 දී ලකුණු 79ක් රැස් කරමින් ශ්‍රී ලංකා දෙවැනි නිම තවදුරටත් ශක්තිමත් කළේ ය.

ඒ අනුව ලකුණු 205 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, පන්දුවාර 57යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් දැවී තිබියදී තරගය ජය ගැනීමට සමත් විය.

ජෝ රූට් නොදැවී ලකුණු 62 ක් රැස් කිරීමට සමත් විය.

අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය.

ඒ අනුව තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ, තරග 1ට 0ක් ලෙස එංගලන්තය පෙරමුණේ පසුවේ.

ක්‍රීඩා

ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සිල වර්ජනයක?

Published

on

By

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින වත්මන් රාජත්‍රාන්තික අර්බුදය මීට හේතුවයි.

එළැඹෙන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළුව සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

කොදෙව් ටෙස්ට් නායකත්වයට රොස්ටන් චේස්

Published

on

By

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නව නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් නම්කර ඇත. 

33 හැවිරිදි වියේ පසුවන චේස්, කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් තරග 49ක ඉනිම් 90කදී ලකුණු 2,265ක් රැස්කර තිබේ.

ඔහු ශතක 5ක් හා අර්ධ ශතක 11කට හිමිකම් කියයි.

චේස් නායකත්වය දරණ පළමු ටෙස්ට් තරගය ඔහුගේ 50වන ටෙස්ට් තරගය වනු ඇත.

කෙසේ නමුත් 2023 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාකළ ටෙස්ට් තරගාවලියෙන් පසු ඔහු මේ දක්වා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩාකර නොමැත.

කොදෙව් ටෙස්ට් නායක ලෙස කටයුතු කළ ක්‍රේග් බ්‍රැත්වේට් පසුගිය මාර්තු මස ඉන්දීය කොදෙව් නායකත්වයෙන් ඉවත් විය.

Continue Reading

ක්‍රීඩා

හෙට යළිත් ඇරඹෙන  IPL

Published

on

By

ඉන්දු – පාකිස්තාන ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය යළි හෙට (17) සිට ආරම්භවීමට නියමිතව ඇත.

ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම අතර තරගය හෙට රාත්‍රි 7ට බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හිමිව ඇති අතර කොල්කටා නයිට් රයිඩර් කණඩායම පසුවන්නේ එහි හයවන ස්ථානයේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved