ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා පිල අද (26) සමත් විය.
ඒ, අවසන් පූර්ව තරගයේදි පාකිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින්.
එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී ලකුණු 140ක් රැස්කර ගැනීමට සමත් විය.
පාකිස්ථාන පිල වෙනුවෙන් මුනීබා අලි ලකුණු 37ක් රැස්කර ගැනීමට සමත් වූවාය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් උදේශිකා ප්‍රබෝදනී සහ කවීෂා දිල්හාරි කඩුළු 2ක බැගින් දවා ගැනීමට සමත් විය.
අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 19.5කදී කඩුළු 7ක් දැවී ලකුණු 141 රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායිකා චමරි අතපත්තු විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 63ක් රැස්කර ගත්තේ පන්දු 48ක්දීය.
ඊට හයේ පහරක් සහ හතරේ පහර 9ක් ඇතුළත් වේ.
අනගි ඉනිමක් ක්‍රීඩා කළ අනුෂ්කා සංජීවනී පන්දු 22කදී ලකුණු 24ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහරක් ද සමගිනි.
ඒ අනුව ශ්‍රී ලංකා පිල කඩුලු 3ක ජයක් සමග ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
අවසන් මහා තරගය ලබන 28 වැනිදා දඹුල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.