Connect with us

ක්‍රීඩා

බ්‍රැඩ්බි පළිහ ත්‍රිත්ව විදුහලට

Published

on

2024 බ්‍රැඩ්බි පළිහ ජයගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම ඊයේ (07) සමත් විය.

78 වැනි බ්‍රැඩ්බි පළිහ වෙනුවෙන් පල්ලෙකැලේ පැවති දෙවන අදියරේ තරගය ලකුණු 25 – 23ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින් ත්‍රිත්ව විදුහල මෙම ජය වාර්තා කළේය.

මෙවර බ්‍රැඩ්බි පළිහ පළමු අදියරත් ත්‍රිත්ව විද්‍යාලය ජයගත් අතර අදියර දෙකේම සමස්ත ලකුණු ප්‍රමාණයට අනුව 42 – 39ක් ලෙස මෙවර බ්‍රැඩ්බි පළිහ ජයගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත්විය.

ක්‍රීඩා

ස්මිත්ගෙන් ශතකයක්

Published

on

By

ටෙස්ට් ක්‍රිකට් දිවියේ 36වන ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කිරීමට ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් අද (7) සමත් විය.

ශ්‍රී ලංකා හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ අද ඔස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් ඔහු මෙම ඉනිම ක්‍රීඩා කළේය.

පන්දු 191කට මුහුණදෙමින් ස්මිත් ක්‍රීඩාකළ මෙම ශතකයට හයේ පහරක් හා හතරේ පහර 9ක් ඇතුළත් විය.

මෙය ස්මිත් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩාකළ 4වන ටෙස්ට් ශතකය වන අතර, ඒ සියල්ලම ඔහු ශ්‍රී ලංකාවේදීම රැස්කර තිබීම විශේෂත්වයකි.

ස්මිත්ගේ ඉනිමත් සමග ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 248ක් රැස්කරගෙන ශ්‍රී ලංකා පළමු ඉනිම වඩා ලකුණු 9ක් පසුපසින් සිටියි.

ස්මිත් සමගින් කඩුල්ලේ රැඳී සිටින ඇලෙක්ස් කේරී ලකුණු 76ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 4වැනි කඩුල්ලට ලකුණු 157ක සබඳතාවක් මේ වනවිට ගොඩනගා ඇත.

Continue Reading

ක්‍රීඩා

දිමුත් වෙනුවෙන් මාලිංග ඉල්ලීමක් කරයි

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශේෂ වීඩියෝවක් පළ කර තිබේ.

හෙට (06) ආරම්භ වන ටෙස්ට් තරගයෙන් පසු ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට නියමිතව ඇතැයි පළ වූ පුවත සම්බන්ධයෙන් ප්‍රචාර දක්වමින් ලසිත් මාලිංග මෙම වීඩියෝව සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණි.

Posted by Lasith Malinga on Tuesday, February 4, 2025

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් විස්තර විචාරක පීටර් ලාලෝර් ගාල්ලේදී ‘ඔන්ලයින්’ ක්‍රමයට රස්සාවෙන් දොට්ටදායි

Published

on

By

තීරයේ ඊශ්‍රායල ප්‍රහාරය සහ මිනිස් සංහාර පිළිබඳ සටහනක් ‘ට්විටර්’ මඟින් ප්‍රචාරය කිරීම වරදක් ලෙස සලකා ගාල්ලට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් මාධ්‍යවේදී පීටර් ලාලෝර්ගේ ක්‍රිකට් විචාරක රැකියාව ‘ඔන්ලයින්’ ක්‍රමයට අහිමි කිරීමට ඔහු සේවය කළ ‘සෙන්’ ගුවන්විදුලි ආයතනය තීරණය කරයි.

සංචාරක ඔස්ට්‍රේලියානු පිල හා ශ්‍රී ලංකාව අතර හෙට ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගයේ විස්තර ප්‍රචාරයට සූදානමින් සිටි පීටර් ලාලෝර්ගේ ක්‍රිකට් විචාරක රැකියාව අහිමි කළ බව එම ආයතනය ඊයේ ඊමේල් මඟින් දැනුම් දී ඇත.

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය පිළිබඳව සමාජ මාධ්‍යවල පළ කළ සටහනක් මෙයට හේතුවී ඇති අතර, ‘සෙන්’ ගුවන්විදුලි බලධාරීන් විසින් ලාලෝර්ට දන්වන ලද්දේ ඔහු තවදුරටත් ඔවුන්ගේ විචාර කණ්ඩායමේ කොටස්කරුවකු නොවන බවයි. 

ඔහුට එල්ලවී ඇති ප්‍රධාන චෝදනාව වූයේ ලාලෝර්ගේ ට්විටර් පණිවිඩයෙන් යුදෙව් විරෝධය පතුරුවන බවයි.

ලාලෝර්ගේ විසින් එසේ රීපෝස්ට් කළ ට්විටර් පණිවිඩයක් පහත දැක්වේ.



කෙසේවුවද ලාලෝර් ඉවත් කිරීමෙන් පසු ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා ඔහුට සහාය පළ කර තිබේ. 

පලස්තීන අයිතිවාසිකම් පිළිබඳ සැමවිටම හඬ නඟන ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු කවාජා පවසන්නේ ක්‍රිකට් මාධ්‍යවේදී ලාලෝර්ට අසාධාරණයක් සිදුව ඇති බවය.

පාකිස්තාන සම්භවයක් ඇති උස්මාන් කවාජා ඉන්ස්ටග්‍රෑම් හි ලාලෝර්ට සහාය දක්වමින් සටහනක් තබා ඇති අතර,‘ගාසාවේ ජනතාව සමඟ සිටීම යනු යුදෙව් විරෝධයක් නොවේ. 

මෙය ඔස්ට්‍රේලියාවේ සිටින අපගේ යුදෙව් සහෝදර සහෝදරියන්ට එරෙහි ප්‍රහාරයක් ද නොවේ. 

මෙය ඊශ්‍රායල රජයට සහ එහි පිළිකුල් සහගත හැසිරීමට එරෙහි විරෝධතාවක් පමණි. 

මෙය යුක්තිය සහ මානව හිමිකම් පිළිබඳ කාරණයකි’ යනුවෙන් කවාජා සටහන් කළේය.

උස්මාන් කවාජාගේ ඉන්ස්ටග්‍රෑම් පනිවුඩය පහත දැක්වේ.

‘සෙන්’ ගුවන්විදුලි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රේග් හචින්සන් පවසන්නේ මාධ්‍යවේදී ලාලෝර්ගේ පණිවිඩය මඟින් ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම නැවත බෙදා ගැනීමක් සිදුව ඇති බවත් මෙල්බර්න්හි වෙසෙන යුදෙව් ජනතාවට එයින් අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වන බවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved