Connect with us

ක්‍රීඩා

මාස්ටර්ස් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Published

on

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ‘ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්’ ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 22 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව හා සත්කාරක ඉන්දියාව සමගින් බ.ඉ. කොදෙව්, ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් කණ්ඩායම් 5ක් මෙහිදී ක්‍රීඩාකරනු ලබයි.

මාර්තු 16වනදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සහ ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම අතර පෙබරවාරි 22 වැනිදා පැවැත්වේ.

මේ අතර මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා මාස්ටර්ස් සංචිතය ඊයේ (14) නිවේදනය කළේය.

ශ්‍රී ලංකා මාස්ටර්ස් සංචිතය

කුමාර් සංගක්කාර (නායක), රොමේෂ් කළුවිතාරණ, අෂාන් ප්‍රියන්ජන්, උපුල් තරංග, නුවන් ප්‍රදීප්, ළහිරු තිරිමාන්න, චින්තක ජයසිංහ, සීක්කුගේ ප්‍රසන්න, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා

ක්‍රීඩා

චමරිගේ සුපිරි ඉනිම සමඟ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

Published

on

By

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද (14) හැකිවිය..

ක්‍රයිස්චර්ච් හිදී පැවති මෙම තරගය නවසීලන්තය පරදා ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු 07කිනි.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 05ක් තුළ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 101ක් පමණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මල්කි මදාරා පන්දුවාර 03යි පන්දු 05ක් තුළ ලකුණු 14ක් පමණක් ලබාදෙමින් නවසීලන්ත කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වූවාය.

කවිෂා දිල්හාරි සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 02 බැඟින් බිඳ දැමූහ.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට එමා මැක්ලියෝඩ් පත් වුණේ ලකුණු 44ක් රැස් කරමිනි.

 ලකුණු 102ක ජයග්‍රාහී ඉලක්කය හඹා යමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවට පහරදීම ආරම්හ කලේය.

කණ්ඩායම් නායිකා චමරි අතපත්තු නොදැවී ලකණු 64ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරාගෙන ගිය අතර; නිලක්ෂිකා සිල්වා සහ කවීෂා දිල්හාරි ලකුණු 12 බැගින් රැස් කලහ.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14යි එක් පන්දුවක් තුළ කඩුලු 03ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් මෙම තරගය ජයගැනීමට සමත්විය.

Continue Reading

ක්‍රීඩා

මාතර ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම් කඩිනම් කෙරේ

Published

on

By

මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත නිම කිරීමට පියවර ගෙන තිබෙනවා.

ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (13) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමඟ පැවැත්වුණි.

මෙම අවස්ථාවට යෝජිත ඉඩමෙහි භාරකාරත්වය හිමිව ඇති අමරපුර ධර්‍මරක්ෂිත නිකායේ අතිගරු මහානායක ධූර තැන්පත් අති පූජ්‍ය  ත්‍රිකුණාමලයේ ආනන්ද මාහිමියන්ද,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ශම්මි ද සිල්වා මහතා, සනත් ජයසූරිය මහතා සහ සුජීව ගොඩලියද්ද මහතාද,මාතර ක්‍රීඩා සමාජයේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වෙන්කර තිබියදීත් මෙතෙක් අළුත්වැඩියා නොකළ සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය ඉක්මනින් අළුත්වැඩියාව ආරම්භ කිරීමටත් මෙහිදී තීරණය කර තිබේ.

Continue Reading

ක්‍රීඩා

රුමේෂ් සහ අරුණ හෙට සිඩ්නි තරග බිමට

Published

on

By

ඔස්ට්‍රේලියාවේදී හෙට (15) පැවැත්වෙන ‘සිඩ්නි ට්‍රැක් ක්ලැසික්’ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ හිටපු හෙල්ල විසිකිරීම ජාතික ශූර රුමේෂ් තරංග සහ මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශන සහභාගිවීමට නියමිතය.

මේ තරගාවලිය ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික තරගාවලි මාලාවේ ‘චැලේන්ජර් තරගාවලියක්’ ලෙස පැවැත්වෙන්නකි.

ඔවුන් දෙදෙනාම මේ වන විට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින අතර රුමේෂ් තරංග පසුගිය සතිවල ඔස්ට්‍රේලියාවේ පැවැති තරගාවලි 2ක් සඳහා ද සහභාගී වූවේය.

එහිදී ඔහු ‘ස්ට්‍රයිව් ප්‍රෝග්‍රෑම් – ඒ’ තරගාවලියේදී මීටර් 82.66ක දක්ෂතාවක් දැක්වූ අතර ‘පර්ත් ට්‍රැක් ක්ලැසික්’ තරගාවලියේදී මීටර් 85.41ක දක්ෂතාවක් දක්වමින්, ඒ වන විට වසරේ හොඳම දක්ෂතාව දැක්වීමට සමත් විය.

මේ වන විට රුමේෂ්ගේ එම විසිකිරීම් දෙක වසරේ හොඳම විසිකිරීම් අතර දෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසු වේ.

අරුණ දර්ශනද රුමේෂ් තරග කළ ‘පර්ත් ට්‍රැක් ක්ලැසික්’ තරගාවලිය සඳහා සහභාගීවීමේ සූදානමෙන් පසු වූ නමුත් ඔහුට වීසා ප්‍රමාදය හේතුවෙන් එම තරගාවලිය සඳහා නිසි වේලාවට ළඟා වීමට නොහැකි විය.

මෙය ඔහු මෙම තරගවාරයේ සහභාගී වන පළමු තරගාවලිය වන අතර තරගාවලියේ ඉසව්ව සඳහා සුදුසුකම් ලබා සිටින ක්‍රීඩකයන් අතරින් පෞද්ගලික හොඳම කාලය (තත්පර 44.99) හිමි ක්‍රීඩකයා අරුණ වේ.

ඔහු එම කාලය පැරිස් ඔලිම්පික් උළෙලෙහිදී මූලික වටයේදී වාර්තා කරන ලදී.

මේ අතර රුමේෂ් සතු වූ ජාතික වාර්තාව පසුගිය සතියේදී අලුත් කරමින් ටෝකියෝ ලෝක ශූරතාව සඳහා ද සුදුසුකම් ලැබූ සුමේධ රණසිංහ මෙන්ම මීටර් 400 ක්‍රීඩක කාලිංග කුමාරගේ යන දෙදෙනා මෙම ‘සිඩ්නි ට්‍රැක් ක්ලැසික්’ තරගාවලිය සඳහා තෝරාගත් ක්‍රීඩක ලැයිස්තුව සඳහා ඇතුළත්ව සිටි නමුත් ඔවුන් ඒ සඳහා සහභාගී නොවනු ඇති බවට වාර්තා වේ.

හෙට ‘සිඩ්නි ඔලිම්පික් පාක්’ මලල ක්‍රීඩා සංකීර්ණයේදී හෙල්ල විසිකිරීමෙන් මීටර් 85.50 සහ මීටර් 400 ඉසව්වෙන් තත්පර 44.85 යන දක්ෂතාවලට ළඟා වුවහොත් ටෝකියෝ ලෝක ශූරතාවලිය සඳහා සෘජු සුදුසුකම් හිමිකර ගැනීමට රුමේෂ් සහ අරුණට අවස්ථාව උදා වනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved