Connect with us

ක්‍රීඩා

මෙරට ක්‍රිකට් කණ්ඩායමේ 2024 තරග කාලසටහන

Published

on

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් (පිරිමි) කණ්ඩායමේ 2024 ක්‍රිකට් තරගාවලි කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, ලබන වසරේ පළමු තරගාවලිය වන්නේ සිම්බාබ්වේ කණ්ඩායම සමග මෙරට පැවැත්වෙන එක්දින තරගාවලියයි. මෙයට  එක්දින තරග 3ක් සහ පන්දුවාර විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිකුත් කළ සම්පූර්ණ කාලසටහන මෙසේය :

ක්‍රීඩා

අසලංකගෙන් ශතකයක්

Published

on

By

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද  (12) සමත් විය.

ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරගයේදීය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන්නේය.

එහෙත් හුදකලා සටනක නිරතවූ නායක චරිත් අසලංක ශ්‍රීලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට කටයුතු කළේය.

එහිදී අසලංක හයේ පහර 03ක් සහ හතරේ පහර 11ක් සමඟින් සිය ශතකය වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට පන්දුවාර 45ක් අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 214ක් ලබා සිටී.

චරිත් අසලංක ලකුණු 127කට දැවී ගියේය.

Continue Reading

ක්‍රීඩා

පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්

Published

on

By

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ  (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ.

FIFA විසින් වසර 8ක් තුළ පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව මෙයයි.

ජාත්‍යන්තර පාපන්දු නිර්ණායකයන්ට අනුව පාකිස්තාන පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපොහොසත් වීම මෙම තහනම පැනවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

2019 වසරේ ජුනි මාසයේ සිට පාකිස්තාන පාපන්දුව FIFA විසින් පත් කරන ලද සාමාන්‍යකරණ කමිටුවක් විසින් පාලනය කරනු ලබයි.

කෙසේ නමුත් ඔවුන් විසින් ලබාදෙන නිර්දේශයන්ට අනුව කටයුතු කිරීමට පාකිස්තාන පාපන්දු සම්මේලනය අපොහොසත් වී ඇත. 

ඒ අනුව FIFA නිර්දේශ ක්‍රියාත්මක කරන තෙක් පාකිස්තානයේ මෙම තහනම බලපැවැත් වේ.

Continue Reading

ක්‍රීඩා

ස්මිත්ගෙන් ශතකයක්

Published

on

By

ටෙස්ට් ක්‍රිකට් දිවියේ 36වන ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කිරීමට ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් අද (7) සමත් විය.

ශ්‍රී ලංකා හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ අද ඔස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් ඔහු මෙම ඉනිම ක්‍රීඩා කළේය.

පන්දු 191කට මුහුණදෙමින් ස්මිත් ක්‍රීඩාකළ මෙම ශතකයට හයේ පහරක් හා හතරේ පහර 9ක් ඇතුළත් විය.

මෙය ස්මිත් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩාකළ 4වන ටෙස්ට් ශතකය වන අතර, ඒ සියල්ලම ඔහු ශ්‍රී ලංකාවේදීම රැස්කර තිබීම විශේෂත්වයකි.

ස්මිත්ගේ ඉනිමත් සමග ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 248ක් රැස්කරගෙන ශ්‍රී ලංකා පළමු ඉනිම වඩා ලකුණු 9ක් පසුපසින් සිටියි.

ස්මිත් සමගින් කඩුල්ලේ රැඳී සිටින ඇලෙක්ස් කේරී ලකුණු 76ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 4වැනි කඩුල්ලට ලකුණු 157ක සබඳතාවක් මේ වනවිට ගොඩනගා ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved