Connect with us

ක්‍රීඩා

මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව Final යයි

Published

on

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමුුු අවසන් පූර්ව තරගය ඊයේ (13) කොඒෂියාව සහ ආජන්ටිනාව අතර පැවැති අතර එය 3 – 0 ලෙස ජය ගැනීමට මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව සමත්විය.

එම ජයග්‍රහනයත් සමග ආජන්ටිනාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

තරගයේ 34 වැනි විනාඩියේදී දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට මෙසී සමත්වුණු අතර පළමු අර්ධයේ 39 වැනි විනාඩියේදී තවත් ගෝලයක් ජුලියන් අල්වාරේස් සමත්විය.

ඒ අනුව පළමු අර්ධය අවසන් වෙද්දී ගෝල 2- 0 ලෙස ආජන්ටිනාව ඉදිරියෙන් සිටි අතර දෙවැනි අර්ධයේ 69 වැනි විනාඩියේදී තවත් ගෝලයක් වාර්තා කිරීමට ජුලියන් සමත්විය.

ඒ අනුව තරගය 3- 0 ලෙස ආජන්ටිනාව ජය ගත් අතර දෙවැනි අවසන් පූර්ව තරගය හෙට අළුයම 12. 30 ට ප්‍රබල ප්‍රංශය සහ පළමු වතාවට අවසන් පූර්ව තරගයකට සුදුසුකම් ලැබූ මොරොක්කෝව අතර පැවැත්වීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නොමිලයේ බලන්න දෙයි

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා (ජුනි 25දා) ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රේක්‍ෂකයන්ට එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අංක 3 සහ 4 දොරටුවලින් ක්‍රීඩාංගණයට ඇතුළු වියහැකි වේ.

මෙම තරගය පෙ.ව. 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

Continue Reading

ක්‍රීඩා

යුපුන් ජර්මනියේදී දස්කම් පෙන්වයි

Published

on

By

ජර්ම­නියේ ඇන්හෝ­ල්ට්හිදි පැවති 27 වැනි අන්ත­ර්ජා­තික මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී පිරිමි මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තර­ග­ය­කදී යුපුන් අබේ­කෝන් තත්පර 10.18ක කාල­යක් වාර්තා කර­මින් ඔහුගේ හොඳම පෞද්ග­ලික දක්ෂ­තාව සට­හන් ක‍ළේය.

මේ වසරේ සැප්තැ­ම්බර් මාසයේ ටෝකියෝ හි පැවැ­ත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ මීටර් 100 පරි­සා­ධන මට්ටම තත්පර 10ක් වේ.

Continue Reading

ක්‍රීඩා

මැතිව්ස්, ටෙස්ට් පිටියට සමු දෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට අද (21) සමුදුන්නේය.

ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

මෙම තරගය අද දිනයේදී ජය පරාජයෙන් තොරව අවසන් විය.

16 වසරක් පුරාවට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ මැතිව්ස්, ටෙස්ට් තරග 119කදී ඉනිම 211ක් ක්‍රීඩා කර තිබේ.

එහිදී ලකුණු 8,214ක් ලබා ගෙන ඇති ඔහු, ටෙස්ට් ශතක 16කට සහ අර්ධ ශතක 45ක් ලබාගැනීමටද සමත් වී තිබේ.

ඊට අමතරව ඔහු විසින් ටෙස්ට් කඩුලු 33ක්ද දවා ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved