Connect with us

ක්‍රීඩා

රග්බි තහනම ඉවතට

Published

on

ලෝක රග්බි කවුන්සිලය , ශ්‍රී ලංකා රග්බි සඳහා පනවා තිබූ තහනම ඉවත් කර තිබෙන බව, අද (04)  ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ආසියානු රග්බි සම්මේලනයේ සභාපති “කයිස් අල් දලායි” මේ බව තහවුරු කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ කයිස් අල් දලායි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඩුබායි හීදී හමුවූ  අවස්ථාවේදීයි.

ලෝක රග්බි කවුන්සිලය විසින් , ශ්‍රී ලංකා රග්බි සඳහා පනවා තිබූ තහනම මීට දින කිහිපයකට පෙර ඉවත් කළ බවත් , එය නිල වශයෙන් ප්‍රකාශය කිරීමට නියමිත බවත් ආසියානු රග්බි සම්මේලනයේ සභාපතිවරයා , ක්‍රීඩා අමාත්‍යවරයාට වෙත පවසා තිබේ.

ක්‍රීඩා

බ්‍රැඩ්බි පළිහ ත්‍රිත්ව විදුහලට

Published

on

By

2024 බ්‍රැඩ්බි පළිහ ජයගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම ඊයේ (07) සමත් විය.

78 වැනි බ්‍රැඩ්බි පළිහ වෙනුවෙන් පල්ලෙකැලේ පැවති දෙවන අදියරේ තරගය ලකුණු 25 – 23ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින් ත්‍රිත්ව විදුහල මෙම ජය වාර්තා කළේය.

මෙවර බ්‍රැඩ්බි පළිහ පළමු අදියරත් ත්‍රිත්ව විද්‍යාලය ජයගත් අතර අදියර දෙකේම සමස්ත ලකුණු ප්‍රමාණයට අනුව 42 – 39ක් ලෙස මෙවර බ්‍රැඩ්බි පළිහ ජයගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත්විය.

Continue Reading

ක්‍රීඩා

නවසීලන්ත දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුර රංගනට

Published

on

By

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

එහිදී නවසීලන්තය ඇෆ්ගනිස්තානයට එරෙහිව එළැඹෙන එක්දින ටෙස්ට් සහ ශ්‍රී ලංකාවට එරෙහිව ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට ඔහුගේ දායකත්වය ලබා දෙන බව එම නිවේදනයේ දැක්වේ.

මේ අතර නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර්ද පත් ක‍ර ඇති බව සඳහන්ය.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද යි

Published

on

By

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) පැවැත්වේ.

තරගය පස්වරු 3.30ට එංගලන්තයේ ලන්ඩන්හි ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

අද තරගය සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වෙනුවට විශ්ව ප්‍රනාන්දු ව කැඳවා ඇති අතර නිශාන් මදුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස්ව කැඳවා තිබේ.

තෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම

1. දිමුත් කරුණාරත්න, 2. පැතුම් නිශ්ශංක, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. ධනංජය ද සිල්වා (නායක), 7. කමිඳු මෙන්ඩිස්, 8. මිලාන් රත්නායක, 9. විශ්ව ප්‍රනාන්දු, 10. ලහිරු කුමාර, 11. අසිත ප්‍රනාන්දු

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved