ජපානයේ හොක්කයිදෝ බුන්කියෝ විශ්ව විද්‍යාලය විසින් ශ්‍රී ලංකා බේස්බෝල් සොෆ්ට්බෝල් සංගමය වෙත පරිත්‍යාග කරන ලද බේස්බෝල් උපකරණ භාරදීමේ උත්සවයක් ඊයේ (25) තානාපති කාර්යාලයේ බෝල්රූම් ශාලාවේදී පැවැත්වුණි.
මෙම මුලපිරීම ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඇති ශක්තිමත් ක්‍රීඩා හා සංස්කෘතික සබඳතා ඉස්මතු කරමින්, බේස්බෝල් ක්‍රීඩාව හරහා මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරනු ලබයි.
හොක්කයිදෝ බුන්කියෝ විශ්ව විද්‍යාලයේ බේස්බෝල් ක්‍රීඩාලෝලීන්ගේ හා එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ප්‍රජා සාමාජිකයින්ගේ ත්‍යාගශීලී දායකත්වයෙන් මෙම බේස්බෝල් උපකරණ එක්රැස් කරගෙන ඇත. ශ්‍රී ලංකා බේස්බෝල් සොෆ්ට්බෝල් සංගමය සමඟ සහයෝගීතාවයෙන් යුක්තව, ශ්‍රී ලංකා පාර්ශවයෙන් මෙම පරිත්‍යාගය සම්බන්ධීකරණය කරන ලද්දේ ආසියානු බේස්බෝල් සම්මේලනයේ නියෝජ්‍ය විනිසුරු අධ්‍යක්ෂ සුජීව විජයනායක මහතා විසිනි.
හොක්කයිදෝ බුන්කියෝ විශ්ව විද්‍යාලයේ සභාපති ආචාර්ය තොෂිහිරෝ වතනබේ, එහි උප සභාපති හරුමි අඕ, ජපානයේ ඉබරකි හි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කොන්සල් ජනරාල් ආචාර්ය සුනිල් ගමගේ, ශ්‍රී ලංකා බේස්බෝල් සොෆ්ට්බෝල් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න සහ ආසියානු බේස්බෝල් සම්මේලනයේ නියෝජ්‍ය විනිසුරු අධ්‍යක්ෂ සුජීව විජයනායක යන මහත්වරුන් ඇතුළු ගෞරවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පවත්වන්ට යෙදුණි.
හොක්කයිදෝ බුන්කියෝ විශ්ව විද්‍යාලයේ මෙම ත්‍යාගශීලී දායකත්වය ශ්‍රී ලංකාවේ බේස්බෝල් සංවර්ධනයට සහාය වීම, තරුණ ක්‍රීඩකයින්ට උපකරණ සඳහා වඩා හොඳ ප්‍රවේශයක් ලබා දීම සහ ක්‍රීඩාවට ඇති සහභාගීත්වයක් දිරිමත් කිරීම අරමුණු කරයි. ශ්‍රී ලංකාව තුළ බේස්බෝල් ක්‍රීඩාව ජනප්‍රිය වෙමින් පවතින අතර, ජපානය එහි ව්‍යාප්තිය සඳහා සහාය වීමට කැපවී සිටී. (නිමි)