Connect with us

ක්‍රීඩා

ලංකාවට තවත් රන් පදක්කමක්

Published

on

තායිලන්තයේ  පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ  මීටර 400X4 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ අද (16) පැවැති අවසන් තරගයේදී රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, රාජිත රාජකරුණා සහ පබසර නිකූ සහභාගි වූහ.

එම ඉසව්ව විනාඩි 03. තත්පර එකයි දශම 5යි6කින් නිම කළ ශ්‍රී ලංකා කණ්ඩායම නව තරග වාර්තාවක් සහ නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී රන් පදක්කම් 3ක් රිදී පදක්කම් දෙකක්  සහ ලෝකඩ පදක්කම් 3ක් සමගින් සමස්ත පදක්කම් 8ක් දිනා ගැනීමට සමත් වුණි.

එය වාර්තා අතරට එක් වුණේ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියක ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙසය.

එම පදක්කම 8ත් සමග ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිව්වන ස්ථානය දිනා ගත් අතර එය ශ්‍රී ලංකාව ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලි ඉතිහාසයේ පදක්කම සටහනක හිමිකර ගත් ඉහළ ම ස්ථානයයි.

සබැදි පුවත්
ලංකාවට රිදී පදක්කමක්!

ක්‍රීඩා

ඩිලන්ත, GT4 යුරෝපියානු මෝටර් රථ තරගාවලියේ ඉසව්වකින් 2වැනි තැනට

Published

on

By

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ පැවැති GT4 යුරෝපියානු තරගාවලියේ ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මෙහි දෙවෙනි තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා විනාඩි 15 කට තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවුණද යළි තරගයට එක්ව තරගය අවසන් කිරීමට ඩිලන්ත හා සහායක රියදුරුට හැකි විය.

මෙම තරගාවලියේ මීළඟ තරගය ජූනි 28 දා ස්පාහිදී පැවැත්වේ.

Continue Reading

ක්‍රීඩා

රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හිදී යුපුන්ට 4වැනි ස්ථානය

Published

on

By

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්වට තරගවැදි ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් එම තරගය තත්ත්පර 10:21කින් නිමා කරමින් එහි සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

කෙසේවුවද, ඔහුට මේ තරගයේදී ඔහුගේ හොඳම කාලය වන තත්ත්පර 10:18 සීමාව පසු කිරීමට නොහැකි වී ඇත.

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ඔහු මේ තරගය සඳහා සහභාගි විය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර අද (19) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.47ට තරඟ වදීමට නියමිත බවද වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

යුපුන් අද තරඟ බිමට

Published

on

By

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද (18) යළි ජාත්‍යන්තර තරඟ බිමට එක්වේ.

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්ව සඳහා එක්වන යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.25 ට තරඟ වැදීමට නියමිතය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර හෙට (19) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.47ට තරඟ වදිනු ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved