Connect with us

ක්‍රීඩා

ලංකාවේ රිදී පදක්කම් සිහිනය බොඳවෙයි

Published

on

චීනයේ හංජෝ හි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීට ස්වල්ප මොහොතකට පෙර මීටර් 400 x 4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා පිලට සිය රිදී පදක්කම අහිමි වී තිබේ.

ඒ, තරගයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වෙනත් අයෙකුගේ මංතීරුව ස්පර්ශ කළ බවට තරග බලධාරීන් තීරණය කිරීමත් සමගිනි.

මේ අනුව, තරගයේ තෙවැනි ස්ථානය දිනාගත් ඉන්දීය පිලට රිදී පදක්කම හිමිවේ. 

කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් මේ වනවිටත් අභියාචනයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ක්‍රීඩා

LPL ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ

Published

on

By

2024 ලංකා ප්‍රිමියර් ලීග්, LPL ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) පැවැත්වේ.

කොළඹදී පැවැත්වෙන මෙම ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන දේශීය හා විදේශීය ක්‍රිඩකයින් ගණන 420කි.

ඒ අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 154 දෙනෙකු ඇතුළත්ය.  

ප්‍රකට ඉන්දීය වෙන්දේසිකරුවෙකු වන චාරු ශර්මා විසින් මෙම වෙන්දේසිය මෙහෙයවනු ලැබේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග්, LPL  ක්‍රිකට් තරඟාවලිය ජූලි 01වනදා ආරම්භ වීමට නියමිත අතර තරඟාවලිය සඳහා කණ්ඩායම් 05ක් එක්වීමට නියමිතය.

පල්ලේකැලේ, දඹුල්ල සහ ආර් ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවල තරඟ පැවැත්වීමට සැලසුම් කර ඇත

තරඟාවලිය ජූලි 21වනදා තෙක් පැවැත්වීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ආසියානු සහය දිවීමේ රිදී පදක්කම ලංකාවට

Published

on

By

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු සහය දිවීමේ ශූරතා තරගාවලියේදී අද (20) පස්වරුවේ පැවැති මීටර 400×4 මිශ්‍ර සහාය ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විනාඩි 3.14.12ක කාලයකදී තරගය නිමාකරමින් මෙම දක්ෂතාවය දැක්වීමට සමත් වූහ.

අරුණ දර්ශණ, සයුරි මෙන්ඩිස්, පසිඳු කොඩිකාර හා නදීෂා රාමනායක යන අයගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමන්විත විය.

මෙහි රන් පදක්කම විනාඩි 3.17.00කින් තරගය අවසන් කළ ඉන්දීය කණ්ඩායමත්, ලෝකඩ පදක්කම විනාඩි 3.18.45කින් අවසන් කළ වියට්නාම කණ්ඩායමත් දිනාගත්තේය.

සහාය දිවීමේ ශූරතා තරගාවලියක් ආසියාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීමද විශේෂිතය.

Continue Reading

ක්‍රීඩා

ඩිලන්ත, GT4 යුරෝපියානු මෝටර් රථ තරගාවලියේ ඉසව්වකින් 2වැනි තැනට

Published

on

By

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ පැවැති GT4 යුරෝපියානු තරගාවලියේ ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මෙහි දෙවෙනි තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා විනාඩි 15 කට තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවුණද යළි තරගයට එක්ව තරගය අවසන් කිරීමට ඩිලන්ත හා සහායක රියදුරුට හැකි විය.

මෙම තරගාවලියේ මීළඟ තරගය ජූනි 28 දා ස්පාහිදී පැවැත්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved