Connect with us

ක්‍රීඩා

ලංකාව අයර්ලන්තය පහසුවෙන් පරදවයි; වනිදුට කඩුලු 5යි

Published

on

2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ  තෙවැනි තරගයෙන් අයර්ලන්තය  ලකුණු 133  කින් පරාජයට පත් කිරීමට සමත් විය.

ඒ අනුව ලංකාව බී කාණ්ඩයේ තව දුරටත් ඉදිරියෙන් සිටීමට සමත් විය.

බුලවායෝහිදී පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පනදුවාර 49.5 කදී සියලු දෙනා දැවී ලකුණු 325 ක් රැස්කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත පිල පන්දුවාර 31 කදී සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 195ක් පමණි.

වනිදු හසරංග ලකුණු 79කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

දිමුත් කරුණාරත්න සිය ඒක්දින දිවියේ පළමු ශතකය රැස්කරමින්  පන්දු 103 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 103 ක් රැස්කිරීමට සමත් වූ අතර එය ඔහුට තරගයේ වීරයා සම්මානය දිනාදීමට ඉවහල් විය.

ශ්‍රී ලකා පිල (පන්දුවාර 49.5 කදී) 325 

(පැතුම් නිස්සංක 20, දිමුත් කරුණාරත්න 103, සදීර 19සමරවික්‍රම 82, චරිත් අසලංක 38, ධනංජය ද සිල්වා නොදැවී 42, බර්නි මැකර්ති 56/3, මාර්ක් අදයිර් 46/4, ගැරත් ඩෙලනි 52/2)

අයර්ලන්ත පිල (පන්දුවාර 31කදී) 195

(වනිදු හසරංග  79/5)

ක්‍රීඩා

සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

Published

on

By

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය.

ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

Continue Reading

ක්‍රීඩා

LPL වෙන්දේසියේදී ඉහල මිලක් හිමිවූ මතීෂ

Published

on

By

කොළඹදී දැන් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇමෙරිකානු ඩොලර් 120,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 360 කට ආසන්න මුදලකට අළෙවි විය.

එහිදී කොළඹ කණ්ඩායම විසින් මතීෂ පතිරණ මිලදීගත් අතර මේ වන විටත් පැවැත්වෙන වෙන්දේසියේදී මේ දක්වා ඉහළම මිල මතීෂට හිමිවිය.

Continue Reading

ක්‍රීඩා

2024 LPL ක්‍රීඩක වෙන්දේසිය (සජීව විකාශය)

Published

on

By

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ආරම්භ කර තිබේ.

එහි සජීවී විකාශය :- 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved