Connect with us

ක්‍රීඩා

ලංකාව ලෝක කුසලානයට; තරග හයෙන් හයම ජය ගනියි

Published

on

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ සිම්බාබ්වේ පිල කඩුලු 9කින් පරාජයට පත් කිරීමට  ශ්‍රී ලංකා පිල අද (02) සමත් විය.

මේ අනුව ශ්‍රී ලංකාව සහභාගි වූ තරග හයෙන් හයම ජය ගැනීමට සමත් වූ අතර එසේම ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානයට සහභාගි වීමට ද සුදුසුකම් ලබා ගත්තේය.

බුලවායෝ හිදි පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා දිනා ගත් අතර ඔහු පළමු පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 32.2 කදී සියලුදෙනා දැවීරැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 165ක් පමණි.

ලකුණු 166ක ජයග්‍රහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33.1ක පන්දුවක් තුළ එක් කඩුල්ලක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ පැතුම් නිශ්ශංක සිය දෙවන එක්දින ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 101ක් රැස් කළ‌ේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසියේ ආබාධයකට ලක්වූ ලහිරු කුමාර වෙනුවට මතීෂ පතිරණ කැඳවමිනි.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සාර්ථක පිතිකරු වූ ෂොන් විලියම්ස් මේ තරගයේදී ද ලකුණ 56ක් රැස් කිරීමට සමති විය.

පන්දුයැවිමේදි මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් සහ ඩිල්ෂාන් මධුසංඛ කඩුලු 3ක් දවා ගත් අතර මතීෂ පතිරණ කඩුලු දෙකක් දවා ගත්හ.

ලකුණු සටහන

ක්‍රීඩා

චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි

Published

on

By

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබේ.

ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන් ඉවත් වූ කෝබින් බෝශ් වෙනුවටය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වන චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක් මුම්බායි කලමණාකාරිත්වය විසින් නියමකර තිබේ.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 26.4ක් පමණ වේ.

Continue Reading

ක්‍රීඩා

ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සිල වර්ජනයක?

Published

on

By

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින වත්මන් රාජත්‍රාන්තික අර්බුදය මීට හේතුවයි.

එළැඹෙන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළුව සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

කොදෙව් ටෙස්ට් නායකත්වයට රොස්ටන් චේස්

Published

on

By

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නව නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් නම්කර ඇත. 

33 හැවිරිදි වියේ පසුවන චේස්, කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් තරග 49ක ඉනිම් 90කදී ලකුණු 2,265ක් රැස්කර තිබේ.

ඔහු ශතක 5ක් හා අර්ධ ශතක 11කට හිමිකම් කියයි.

චේස් නායකත්වය දරණ පළමු ටෙස්ට් තරගය ඔහුගේ 50වන ටෙස්ට් තරගය වනු ඇත.

කෙසේ නමුත් 2023 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාකළ ටෙස්ට් තරගාවලියෙන් පසු ඔහු මේ දක්වා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩාකර නොමැත.

කොදෙව් ටෙස්ට් නායක ලෙස කටයුතු කළ ක්‍රේග් බ්‍රැත්වේට් පසුගිය මාර්තු මස ඉන්දීය කොදෙව් නායකත්වයෙන් ඉවත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved