Connect with us

ක්‍රීඩා

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද සිට

Published

on

දෙස් විදෙස් ක්‍රිකට් තරු සහභාගී වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර අද (30) ආරම්භ වේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු තරගය, ගියවර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවැත්වෙනු ඇත. 

තරග 24කින් සමන්විත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර හෙට සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවත්වීමට නියමිතව තිබේ.

මෙවර තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස්, කලම්බු ස්ට්‍රයිකර්ස්, දඹුල්ල අවුරා, ගෝල් ටයිටන්ස් සහ බී ලව් කැන්ඩි යන කණ්ඩායම් 5 තරග වැදීමට නියමිතය.

මූලික වටයේ තරග 12ක් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ මූලික වටයේ තරග 8ක් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

අවසන් වටයේ තරග තුන සහ අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර ශූරයින්ට පිරිනැමෙන කුසලානය කොළඹ අවට ප්‍රදේශවලදී ඉකුත්දා ප්‍රදර්ශනය කෙරුණු අතර මෙවර ශූරයින්ට පිරිනැමෙන LPL කුසලානය ප්‍රතිචක්‍රීකරණය කළ ඇලුමිනියම් කෑන්වලින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

ඒ, වෙරළ තීරවලින් සොයාගත් ඇලුමිනියම් කෑන් 2,523ක් යොදාගනිමිනි. 

මෙලෙස ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් මගින් ක්‍රිකට් කුසලානයක් නිර්මාණය කළ පළමු අවස්ථාව මෙය වේ.

විචිත්‍රාංග රැසකින් හැඩ වුණු LPL තරගාවලියේ සමාරම්භක උත්සවය අද (30) පස්වරු 5.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.

ක්‍රීඩා

චමරිට දඩයක්

Published

on

By

ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කර තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී ඉකුත් සිකුරාදා පැවති කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී අයි සී සී චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කර ඇත.

“ජාත්‍යන්තර තරඟයක් අතරතුර ක්‍රිකට් උපකරණ, ඇඳුම්, පැළඳුම් උපකරණ හා උපාංග අනිසි ලෙස භාවිතා කිරීම” සම්බන්ධයෙන් අයි සී සී චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය අතපත්තු විසින් උල්ලංඝනය කර ඇති බව අනාවරණය වී ඇති බව සඳහන්ය.

මේ සමග චමරි අතපත්තුගේ විනය වාර්තාවට එක් අගෞරව ලකුණක්ද එකතු වී ඇත.

මෙම සිදුවීම දකුණු අප්‍රිකානු ඉනිමේ 32 වන ඕවරයේදී සිදුවිය.

එහිදී ඇනරි ඩර්ක්සන් විසින් 4 පහරක් එල්ල කිරීමෙන් පසු අතපත්තු ඇගේ අව් කණ්ණාඩිය ගලවා බිමට දැමීමේදී එය කැබලි කිහිපයකට කැඩී යාම සිදුවිය.

Continue Reading

ක්‍රීඩා

ICC කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව සයවැනි තැනට

Published

on

By

ICC කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සයවැනි ස්ථානයට පත් ව තිබේ.

ඒ එක්දින තරග 21කට ක්‍රීඩා කරමින් ප්‍රසාද ලකුණු 1765ක් ලබා ගනිමිනි.

මෙම ලැයිස්තුවේ පළමු තැන හිමි ව ඇත්තේ, ඔස්ට්‍රෙලියානු කාන්තා කණ්ඩායමටය.

දෙවැනි ස්ථානය එංගලන්තයටත් තෙවැනි ස්ථානය ඉන්දීය කණ්ඩායමටත් හිමි ව තිබේ.

මීට අමතර ව කාන්තා එක්දින ක්‍රිකට් පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල සිදු කර ඇති නවතම යාවත්කාලීන කිරීම් අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ස්ථාන දෙකකින් පහත වැටී ඇත.

ඔස්ට්‍රෙලියානු ක්‍රීඩිකා බෙත් මූනි සහ ඇෂ් ගාර්ඩ්නර් දක්වන ලද කුසලතා හේතුවෙන් ඔවුන් පිළිවෙළින් ස්ථාන 07 හා 08 යන ස්ථානවලට පැමිණීම මීට හේතුව ලෙස දැක්වේ.

Continue Reading

ක්‍රීඩා

IPL යළි ඇරඹෙන දිනය?

Published

on

By

අතරමැද නවතා දැමුණු ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය නැවතත් මැයි මස 17 වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙයි.

පළමු තරගය ලෙස මැයි මස 17 වන දින රොයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙයි.

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 3 වන දින පැවැත්වීමට නියමිතයි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved