Connect with us

ක්‍රීඩා

ලක් කෙල්ලෝ බංග්ලාදේශයත් පරදයි!

Published

on

ලෝක කුසලාන පන්දුවාර විස්සයි 20 කාන්තා  ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වූ දෙවැනි තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7 කින් පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග දෙකම පිට පිටම ජය ලැබීමට සමත් වීම කැපී පෙනේ.  

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කේප්ටවුන්හිදී පැවැති මෙම තරගයේදී ලකුණු 127ක ජයග්‍රාහි ඉලක්කය පන්දුවාර 18.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

ආරම්භක පිතිකාරි හර්ෂිතා සමරවික්‍රම අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 50 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැස්කරමින් තරගයේ දක්‍ෂත ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා නිලක්‍ෂි ද සිල්වා ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කාරියක් බවට පත්වෙමින් පන්දු 38 කින් නොදැවී ලකුණු 41 ක් රැස්කිරීමට සමත් වූවාය.

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිල පන්දුවාර 20 කදී කඩුලු 8 ට 126
(ශමීමා සුල්ටාන් 20, සොබානා මොස්ටායි 29, නිගාර් සුල්ටාන් 28, ඕෂදී රණසිංහ 23/3, චමරි අතපත්තු 19/2)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පන්දුවාර 18.2 කදී කඩුලු 3 ට 129
(හර්ෂිතා සමරවික්‍රම නොදැවී 69, චමරි අතපත්තු 15, නිලක්‍ෂි ද සිල්වා නොදැවී 41, මරුෆා අක්ටර් 23//3)

ක්‍රීඩා

ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි

Published

on

By

පාකිස්තාන තුන්ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

35 හැවිරිදි ඉමාඩ් වසීම් පසුගිය වසරේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.

නමුත් පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් අවස්ථා තුනකදී තරගයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් විය.

ඒ දක්ෂතා හේතුවෙන් ඉමාඩ් වසීම් නැවතත් විස්සයි විස්ස තරග බිමිට පිවිසියේය.

ඒ අනුව ඔහු විස්සයි විස්ස ලෝක කුසලානයට ද ක්‍රීඩා කළේය.

නමුත් මෙවර විස්සයි විස්ස තරගාවලියේදී පාකිස්තානය දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ඉමාඩ් වසීම් එක්දින තරග 55ක් සහ විස්සයි විස්ස තරග 75ක් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.

ඔහු පාකිස්තාන වෙනුවෙන් දවාගනෙ ඇති මුළු කඩුලු සංඛ්‍යාව 117කි.

ඊයේ දිනයේදී ඉමාඩ් වසීම් සඳහන් කළේ දෙවන වරටත් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන්  සමුගන්නා බවය.

නමුත් ඉමාඩ් වසීම් තවදුරටත් දේශිය තරග සහ ලීග් තරග ක්‍රීඩා කරන බවත් සඳහන් වේ.

Continue Reading

ක්‍රීඩා

ICC ශ්‍රේණිගත කිරීම්හි ක්‍රීඩකයින් 6ක් පළමු දස දෙනා අතරට

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 06 දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්හි පළමු දස දෙනා අතර රැදී සිටිමට සමත්ව තිබේ.

ඒ අනුව පන්දුවාර 20 පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයේ වනිඳු හසරංග රැදී සිටින අතර, එහි තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ඔහු රැදී සිටින්නේ 4 වන ස්ථානයේදීය.

මහීෂ් තීක්ෂණ පන්දුවාර 20 පන්දු යවන්නන් අතර පස්වන ස්ථානයේ පසුවේ.

එමෙන්ම, නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි එංගලන්තයේ හැරී බෲක් පළමු තැන සහ ජෝ රූට් දෙවන තැනට පත්ව සිටින අතර, ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස්ට හිමිව ඇත්තේ 06 වන ස්ථානයයි.

ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන් අතර 8 වන ස්ථානයේ රැදී සිටී.

පැතුම් නිශ්ශංක පන්දුවාර 20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 09 වන ස්ථානයේ පසුවන අතර, කුසල් මෙන්ඩිස්ට එහි හිම ව ඇත්තේ 11 වන ස්ථානයයි.

Continue Reading

ක්‍රීඩා

දික්වැල්ලට සහනයක්

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම මාස 3 දක්වා අඩු කර තිබේ.

ඒ අනුව අද (11) සිට ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබී ඇති බව වාර්තා වේ.

නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වීමත් සමග නිරෝෂන් දික්වැල්ලට නැවත දැනුම්දෙන තුරු සියලුම ක්‍රිකට් තරග තහනම් කිරීමට බලධාරීන් පියවර ගත් අතර එම තහනමට එරෙහිව දික්වැල්ල සිය නීතිඥවරුන් මඟින් අභියාචනයක් ඉදිරිපත් කලේය.

එම අභියාචනය අනුව දික්වැල්ලට මෙම සහනය ලැබී ඇති බවයි වාර්තා වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved