Connect with us

ක්‍රීඩා

ලෝක කුසලාන ක්‍රිකට් සමාරම්භක උලෙළ අවලංගු කරයි!

Published

on

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරදා එනම් අද (04) පස්වරු 7ට අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ සමාරම්භක උලෙළ ආරම්භවීමට පැය 24ක් තිබියදී එය හදිසියේම අවලංගු කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ ප්‍රකාශිත මෙම තීරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ නිල සමාරම්භක උත්සවයක් නොපැවැත්වෙන පළමු අවස්ථාව මෙය බවට ද මාධ්‍ය වාර්ති පලව ඇත.

ගිනිකෙළි සහ ලේසර් සංදර්ශන ඇතුළත්ව අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සූදානම්ව තිබූ මෙම සමාරම්භක උත්සවයට ආශා බෝස්ලේ, රන්වීර් සිං, ආර්ජිට් සිං, ෂෙර්යාස් ඝෝෂාල් ඇතුළු බොලිවුඩයේ ජනප්‍රිය චරිත රැසක් සහභාගීවීමට සිටි හෙයින් විශාල පිරිසක් සමාරම්භක උලෙළ නැරැඹීමේ අපේක්ෂාවෙන් සිටි බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ.

කෙසේ වුවද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ක්‍රිකට් නායකයින් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීම සිදු කිරීමට මෙදින කටයුතු යොදා තිබේ. 

එය ක්‍රිකට් තරගාවලියේ ‘නායකයින්ගේ දිනය‘ ලෙසින් නම් කොට ඇත. 

‘නායකයින්ගේ දින‘ කටයුතු සැලසුම් කළ පරිදි සිදු වෙද්දී සමාරම්භක උත්සවය අවලංගු කිරීම සම්බන්ධයෙන් විධිමත් ප්‍රකාශයක් නොකිරීම පිළිබඳ බොහෝ දෙනා විමතිය පළ කරති. 

ඉන්දීය නායක රෝහිත් ෂර්මා ඇතුළු කණ්ඩායම් නායකයින් 10 දෙනාම ‘නායකයින්ගේ දිනය‘ වෙනුවෙන් අද නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී රැස් වෙති.

මෙම දැවැන්තම ක්‍රිකට් තරගාවලියේ සාම්ප්‍රදායිකව පවත්වනු ලබන සමාරම්භක උත්සවය වෙනුවට මේ 14 වැනිදා අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියාව සහ පාකිස්ථානය අතර ගැටුමට පෙර විශේෂ උත්සවයක් සංවිධාන කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සූදානම් වනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේය. 

කෙසේ වුවද ආරක්ෂක හේතුන් මත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිදු වන බොහෝ කටයුතු සම්බන්ධයෙන් පූර්ව ප්‍රචාරයන් සිදු නොකිරීමට සංවිධායකයෝ වගබලාගෙන සිටිති.

ක්‍රීඩා

මුම්බායි ඉන්දියන්ස් අවසන් පූර්ව වටයට

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ(21) සමත්විය.

ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජය ගැනීමත් සමගිනි

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් ලබා ගන්නා ලදී.

සූර්ය කුමාර් යාදෙව් පන්දු 43ක දී ලකුණු 73ක් රැස්කළේ 6 පහර 4ක් සහ 4 පහර 7ක් සමගිනි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකිවුයේ ලකුණු 121ක් පමණි.

පන්දු යැවිමේදී මිචෙල් සැන්ට්නර් හා ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3 බැගින් බිද හෙලීය.

Continue Reading

ක්‍රීඩා

චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි

Published

on

By

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබේ.

ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන් ඉවත් වූ කෝබින් බෝශ් වෙනුවටය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වන චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක් මුම්බායි කලමණාකාරිත්වය විසින් නියමකර තිබේ.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 26.4ක් පමණ වේ.

Continue Reading

ක්‍රීඩා

ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සිල වර්ජනයක?

Published

on

By

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින වත්මන් රාජත්‍රාන්තික අර්බුදය මීට හේතුවයි.

එළැඹෙන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළුව සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved