Connect with us

ක්‍රීඩා

වෝනර් ගේ ‘බෑගී ග්‍රීන්ස්’ උස්සලා!

Published

on

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි ආරම්භ පිතිකරු ඩේවිඩ් වෝනර් පළඳින ටෙස්ට් කැප් තොප්පි 2ක් සොරකම් කර ඇති බව වාර්තා වේ.

ඉන් එක කැප් තොප්පියක් 2011දී සිය මංගල ටෙස්ට් තරගයට පෙර මයිකල් ස්ලේටර් විසින් පිරිනැමූ කැප් තොප්පියකි.

‘බෑගී ග්‍රීන්ස්’ ලෙස හැඳින්වන මෙම කැප් තොප්පිය, ටෙස්ට් වරම් ලැබූ සියලු ඕස්ට්‍රේලියානු ක්‍රීඩයකයන් වෙත පිරිනැමෙන අතර, එය තමන් සතු වටිනාම වස්තුවක් ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩයකයන් විසින් සලකනු ලබයි.

පකිස්තානය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තෙවැනි ක්‍රිකට් තරගය සිඩ්නි නුවරදී පැවැත්වෙන අතර, එය වෝනර් ගේ අවසන් ටෙස්ට් තරගයද වේ. මෙල්බර්න් සිට සිඩ්නි අතර ගමනේදී මෙම කැප් තොප්පි දෙක ඇතුළත් ගමන්මල්ලක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කර ඇත.

සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට වීඩියෝවක් එක්කරමින් වෝනර් ඉල්ලා ඇත්තේ මෙම කැප් තොප්පිය මෙම තරගයට පැළඳීමට හැකිවීම තමාට ඉතා වටිනා බවත්, එම බෑගය ගත් පුද්ගලයාට ඇත්තටම අවශ්‍ය බෑගයක් නම්, එවැනි තවත් ගමන් මල්ලක් තමා ළඟ ඇති බවත්, එම පුද්ගලයාට කිසිඳු කරදරයක් සිදු නොවන බවත්ය.

තමා ගේ ‘බෑගී ග්‍රීන්ස්’ කැප් තොප්පි යළිත් භාරදෙන්නේ නම් එම අතිරේක ගමන් මල්ල සතුටින් ලබාදෙන බවත්, එය භාර දීමට තමාගේ සමාජ මාධ්‍ය ඔස්සේ හෝ ක්‍රිකට් ඕස්ට්‍රේලියා හරහා අමතන ලෙස වෝනර් ඉල්ලා සිටියි.

ක්‍රීඩා

චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි

Published

on

By

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබේ.

ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන් ඉවත් වූ කෝබින් බෝශ් වෙනුවටය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වන චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක් මුම්බායි කලමණාකාරිත්වය විසින් නියමකර තිබේ.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 26.4ක් පමණ වේ.

Continue Reading

ක්‍රීඩා

ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සිල වර්ජනයක?

Published

on

By

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින වත්මන් රාජත්‍රාන්තික අර්බුදය මීට හේතුවයි.

එළැඹෙන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළුව සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

කොදෙව් ටෙස්ට් නායකත්වයට රොස්ටන් චේස්

Published

on

By

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නව නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් නම්කර ඇත. 

33 හැවිරිදි වියේ පසුවන චේස්, කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් තරග 49ක ඉනිම් 90කදී ලකුණු 2,265ක් රැස්කර තිබේ.

ඔහු ශතක 5ක් හා අර්ධ ශතක 11කට හිමිකම් කියයි.

චේස් නායකත්වය දරණ පළමු ටෙස්ට් තරගය ඔහුගේ 50වන ටෙස්ට් තරගය වනු ඇත.

කෙසේ නමුත් 2023 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාකළ ටෙස්ට් තරගාවලියෙන් පසු ඔහු මේ දක්වා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩාකර නොමැත.

කොදෙව් ටෙස්ට් නායක ලෙස කටයුතු කළ ක්‍රේග් බ්‍රැත්වේට් පසුගිය මාර්තු මස ඉන්දීය කොදෙව් නායකත්වයෙන් ඉවත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved