Connect with us

ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපතිට

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය සහ ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ඉන් යෝජනා කර ඇති අතර එම වාර්තාව අද (15) ජනාධිපතිවරයාට භාරදුන්නේය.

විශ්‍රාමික විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ප්‍රමුඛ කමිටුවක් මගින් එම නව ව්‍යවස්ථා කෙටුම්පත සැකසීය.

සම්පූර්ණ නිවේදනය පහතින්,

ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කරයි

Published

on

By

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද (17) ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් වේ.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන සෙනසුරාදා (20) බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය මෙසේය : චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරී, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝදනී, අචිනි කුලසූරිය, ඉනෝෂී ප්‍රියදර්ෂනී, කාව්‍යා කාවින්දී, සචිනි නිසංසලා, ෂෂිනි ගිම්හානී හා අමා කාංචනා

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩක “ජොන්ටි” වෙඩි තබා මරාදාලා

Published

on

By

අම්බලන්ගොඩ බෝගහවත්ත කන්ද මාවතේ ප්‍ර දේශයේ නිවසක ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හිනිදුමගේ ධම්මික නිරෝෂන හෙවත් ජොන්ටි (41) නැමැති දෙදරු පියෙකි.

මිය ගිය පුද්ගලයා 2002 වසරේ 19පහල ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම නියොජනය කරමින් එහි නායකත්වයද දැරූ ක්‍රීඩකයෙකි.

ඔහු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වූ සටහනක් පහත දැක්වේ.


අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද ඔහු විසින් දරා ඇති බව වාර්තා වේ.

නිවස ආසන්නයේ ඇති අවමගුල් ගෙදරකට යාමට ඊයේ (16) රාත්‍රි 9.30 ට පමණ නිවසෙන් එලියට එන අවස්තාවේ දි යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පැවසීය.

මෙම ඝාතනය පාතල ක්‍රියාවක්ද යන බව අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන කරයි.

Continue Reading

ක්‍රීඩා

ICC වාර්ෂික සමුළුව මෙවර ලංකාවේ

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එම මහ සභා රැස්වීම ජූලි 19 සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවය.

මෙම ක්‍රිකට් සමුළුව සඳහා අප්‍රිකාව, අමෙරිකාව, ආසියාව, නැගෙනහිර ආසියා පැසිෆික් සහ යුරෝපය වැනි කලාප ආවරණය වන පරිදි ලොව පුරා ICC සාමාජික රටවල් 10‍8කින් නියෝජිතයින් 220කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා එක්වනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved