ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹදී පැවැත්විය.
එහිදි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මී සිල්වා මහතා තේරී පත්වූ බව දැනුම් දී තිබේ.
ශම්මී සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස මෙලෙස තේරී පත්වුයේ අඛණ්ඩව සිව්වැනි වාතාවටය.
(පෙර පුවත 2025 මාර්තු 31පෙ.ව.10.56)
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අදයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹදී පැවැත්වීමට නියමිතය.
මෙවර නිලවරණයේදී වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා නැවත වරක් සභාපති තනතුරට නාමයෝජනා භාර දී තිබේ.
ඊට අමතරව සභාපති ධුරය සඳහා නාමයෝජනා ලබා දී තිබෙන්නේ ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වෙල යන මහත්වරුන්ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති, ලේකම්, උප ලේකම්, හාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන තනතුරු සඳහාද අද (31) පැවැත්වෙන නිලවරණයේදී නිලධාරීන් තෝරා පත් කර ගැනීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද (31) උදෑසන 10.30 ට ආරම්භ කිරීමට නියමිතය.