Connect with us

ක්‍රීඩා

ශ්‍රී ලංකා යෞවනයන්ගේ ජයග්‍රාහී ආරම්භය

Published

on

ආසියානු වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ පළමු තරගයෙන් නේපාලයට එරෙහිව ලකුණු 55ක ජයක් ලැබීමට සමත් විය.

මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ තරගය ඊයේ (29) සාජාහිදී පැවැත්විණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුළදී සියලු දෙනා දැවී ලකුණු 233ක් රැස්කිරීමට සමත් විය.

එහිදී ශාරුජන් ෂම්මුගනාදන් (62) හා ලක්වින් අබේසිංහ (50) අර්ධ ශතක රැස්කළහ.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නේපාලයට පන්දුවාර 46.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 178ක් පමණි.

ආරම්භක පිතිකරු මායන් යාදව් ලකුණු 62ක් රැස්කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

ප්‍රවීන් මනීෂ ලකුණු 30කට කඩුලු 3ක් දවාගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

ඊට අමතරම නිව්ටන් රංජිත්කුමාර් (2/17), කුගදාස් මාතුලන් (2/21) හා නායක විහස් තෙව්මික (2/51) කඩුලු 2 බැගින් දවාගත්තේය.

තරගයේ වීරයාට හිමි සම්මානය ශාරුජන් ෂම්මුගනාදන්ට හිමිවිය.

මේ අතර මෙම තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරගයෙන් ඇෆ්ගනිස්තානය පරාජය කර ලකුණු 45ක ජයක් ලැබීමට බංග්ලාදේශය සමත් විය.

කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ තරග ‘A’හා ‘B’ ලෙස කොටස් දෙකක් යටතේ පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය එහි ‘B’කාණ්ඩයෙන් ක්‍රීඩාකරයි.

මේ යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන මීළඟ තරගය හෙට (1) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන අතර, එම තරගය මෙරට වේලාවෙන් පෙ.ව. 10.30ට ආරම්භවීමට නියමිතව ඇත.

ක්‍රීඩා

චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි

Published

on

By

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබේ.

ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන් ඉවත් වූ කෝබින් බෝශ් වෙනුවටය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වන චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක් මුම්බායි කලමණාකාරිත්වය විසින් නියමකර තිබේ.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 26.4ක් පමණ වේ.

Continue Reading

ක්‍රීඩා

ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සිල වර්ජනයක?

Published

on

By

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින වත්මන් රාජත්‍රාන්තික අර්බුදය මීට හේතුවයි.

එළැඹෙන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළුව සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

කොදෙව් ටෙස්ට් නායකත්වයට රොස්ටන් චේස්

Published

on

By

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නව නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් නම්කර ඇත. 

33 හැවිරිදි වියේ පසුවන චේස්, කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් තරග 49ක ඉනිම් 90කදී ලකුණු 2,265ක් රැස්කර තිබේ.

ඔහු ශතක 5ක් හා අර්ධ ශතක 11කට හිමිකම් කියයි.

චේස් නායකත්වය දරණ පළමු ටෙස්ට් තරගය ඔහුගේ 50වන ටෙස්ට් තරගය වනු ඇත.

කෙසේ නමුත් 2023 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාකළ ටෙස්ට් තරගාවලියෙන් පසු ඔහු මේ දක්වා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩාකර නොමැත.

කොදෙව් ටෙස්ට් නායක ලෙස කටයුතු කළ ක්‍රේග් බ්‍රැත්වේට් පසුගිය මාර්තු මස ඉන්දීය කොදෙව් නායකත්වයෙන් ඉවත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved