Connect with us

ක්‍රීඩා

සංගක්කාර යලි ක්‍රිකට් පිටියට

Published

on

2024 International Masters League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙබවීමට කුමාර් සංගක්කාර හට අවස්ථාව හිමි වී තිබේ.

එළඹෙන නොවැම්බර් මස 17 සිට දෙසැම්බර් මස 08 වැනි දා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් දේශය, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වීමට නියමිතය.

මෙහි දී සංගක්කාරට අමතරව එක් එක් කණ්ඩායම්වල නායකත්ව වගකීම් Sachin Tendulkar (ඉන්දියාව), Shane Watson (ඕස්ට්‍රේලියාව), Eoin Morgan (එංගලන්තය), Brian Lara (බටහිර ඉන්දීය කොදෙව්), Jacques Kallis (දකුණු අප්‍රිකාව) යන ප්‍රවීණ ක්‍රීඩකයින් වෙත පැවරී තිබේ.

තරගාවලිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ආරම්භ වීමට නියමිත අතර, එම තරගය නොවැම්බර් මස 17 වැනි දා පැවැත්වෙනු ඇති. ඉන් පසුව නොවැම්බර් 19 එංගලන්තය, නොවැම්බර් 25 බටහිර ඉන්දීය කොදෙව්, නොවැම්බර් 30 එංගලන්තය සහ දෙසැම්බර් 02 ඕස්ට්‍රේලියාව සමඟින් ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතය.

ක්‍රීඩා

දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නොමිලයේ බලන්න දෙයි

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා (ජුනි 25දා) ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රේක්‍ෂකයන්ට එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අංක 3 සහ 4 දොරටුවලින් ක්‍රීඩාංගණයට ඇතුළු වියහැකි වේ.

මෙම තරගය පෙ.ව. 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

Continue Reading

ක්‍රීඩා

යුපුන් ජර්මනියේදී දස්කම් පෙන්වයි

Published

on

By

ජර්ම­නියේ ඇන්හෝ­ල්ට්හිදි පැවති 27 වැනි අන්ත­ර්ජා­තික මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී පිරිමි මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තර­ග­ය­කදී යුපුන් අබේ­කෝන් තත්පර 10.18ක කාල­යක් වාර්තා කර­මින් ඔහුගේ හොඳම පෞද්ග­ලික දක්ෂ­තාව සට­හන් ක‍ළේය.

මේ වසරේ සැප්තැ­ම්බර් මාසයේ ටෝකියෝ හි පැවැ­ත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ මීටර් 100 පරි­සා­ධන මට්ටම තත්පර 10ක් වේ.

Continue Reading

ක්‍රීඩා

මැතිව්ස්, ටෙස්ට් පිටියට සමු දෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට අද (21) සමුදුන්නේය.

ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

මෙම තරගය අද දිනයේදී ජය පරාජයෙන් තොරව අවසන් විය.

16 වසරක් පුරාවට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ මැතිව්ස්, ටෙස්ට් තරග 119කදී ඉනිම 211ක් ක්‍රීඩා කර තිබේ.

එහිදී ලකුණු 8,214ක් ලබා ගෙන ඇති ඔහු, ටෙස්ට් ශතක 16කට සහ අර්ධ ශතක 45ක් ලබාගැනීමටද සමත් වී තිබේ.

ඊට අමතරව ඔහු විසින් ටෙස්ට් කඩුලු 33ක්ද දවා ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved