Connect with us

ක්‍රීඩා

සත්කාරක ඉන්දියාව පරදා ‌ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනා ගනියි

Published

on

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගයෙන්  සත්කාරක ඉන්දියාව කඩුලු 7කින්  පරාජයට පත්කරමින් ලෝක කුසලානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

ඔස්ට්‍රේලියාව දිනාගත් 6 වැනි ලෝක කුසලානය මෙය වේ.

මීට පෙර 1987,1999,2003,2007 සහ 2015 වර්ෂවලදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන හිමිකරගෙන ඇත.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කය ඔස්ට්‍රේලියාව පන්දුවාර 43කදී කඩුලු 4ක් පමණක් දැවී පසුකර ගියේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ශතකයක් රැස්කරමින් ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙත ජයග්‍රහණය රැගෙන ආවේය.

ක්‍රීඩා

යුපුන් අද තරඟ බිමට

Published

on

By

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද (18) යළි ජාත්‍යන්තර තරඟ බිමට එක්වේ.

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්ව සඳහා එක්වන යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.25 ට තරඟ වැදීමට නියමිතය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර හෙට (19) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.47ට තරඟ වදිනු ඇත.

Continue Reading

ක්‍රීඩා

හර්දික් පාණ්ඩ්‍යා ට තරඟ තහනමක්

Published

on

By

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබේ.

ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සහභාගී වූ අවසන් තරගයේදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙනි.

හර්දික් පාණ්ඩ්‍යාට දඩයක් හා එක් තරග තහනමක් පනවා ඇති බව සඳහන් ය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ,  කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට ද ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් හෝ තරග ගාස්තුවෙන් 50%ක් නියම කර ඇති බවය.

අවස්ථා 05ක දී අයි.පී.එල් ශූරතාව හිමිකරගෙන ඇති මුම්බායි ඉන්දියන් කණ්ඩායමට මෙවර තරගාවලියේ ජයගැනීමට හැකිවූයේ නියමිත තරග 14න් 04ක් පමණක් වන අතර ඒ හේතුවෙන් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වුණි.

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ලොක්කෙක්ට එරෙහිව අධි චෝදනා

Published

on

By

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති “ලෙජන්ට් ට්‍රොපි 2024” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර පෙචලෝඩියා ආකාශ් සැකකරුට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු දක්වමින් ඊයේ (17) පවසන ලදී.

රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමණාකාරවරයා ලෙස කටයුතු කරමින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෆිල්ම්ස්ටඩ්ට හා නවසීලන්ත ක්‍රීඩක නිල් බෲට මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා කරමින් මෙම නඩු පවරා තිබුණි.

එම ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට උපුල් තරංග ක්‍රීඩකයාට බලපෑම් කිරීමට එරෙහිව කැන්ඩි සෑම් ආමි කණ්ඩායමේ ක්‍රිකට් කළමණාකාර යෝගි පටෙල්ට එරෙහිව මාතලේ මහාධිකරණය හමුවේ පැවරූ අධිචෝදනා නඩුවේ විභාගය ජූලි මස 08 දින ආරම්භ වීමට නියමිතය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved