Connect with us

ක්‍රීඩා

සිළුමිණට ක්‍රිකට් වාරණයක්!

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි නිලධාරීන් සම්බන්ධයෙන් වන කරුණු සහ ප්‍රකාශ ප්‍රචාරය කිරීම සහ ප්‍රසිද්ධියට පත් කිරීමෙන් සිළුමිණ පුවත්පත, www.silumina.lk වෙබ් අඩවිය සහ ඊට අදාළ සමාජ මාධ්‍ය ගිණුම් වළක්වමින් කොළඹ දිසාධිකරණය විසින් වාරණ නියෝග තුනක් නිකුත් කර තිබේ.

සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදියකු සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා විසින් ගොනු කර ඇති පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම වාරණ නියෝග නිකුත් කර ඇත. 

කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම වාරණ නියෝග නිකුත් කර තිබේ.

සිළුමිණ පුවත්පතේ සහ එම වෙබ් අඩවියේ පළවූ පුවතකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ උප සභාපති විසින් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා මෙම නඩුව ගොනු කර තිබුණි. 

එම පුවත්පතේ මාධ්‍යවේදියකු සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මෙහි විත්තිකරුවන් ලෙස නම් කර සිටිති.

ඉකුත් ජූනි මස 26 වැනිදා එම නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය ඔවුන් ඉල්ලා සිටි වාරණ නියෝග තුනක් නිකුත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් වන නඩුව විභාග කර අවසන් වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි නිලධාරීන් සම්බන්ධයෙන් වන කරුණු ප්‍රකාශ සහ ඔවුන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශ පළ කිරීම වළක්වා තිබේ. 

මෙම වාරණ නියෝග සිළුමිණ පුවත්පත, www.silumina.lk වෙබ් අඩවිය සහ මෙහි විත්තිකරුවන් විසින් පවත්වා ගෙන යන සියලුම සමාජ මාධ්‍ය ගිණුම්වලට අදාළ වේ.

මෙම නඩුවට අදාළ විරෝධතා සහ පිළිතුරු ජූලි මස 10 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස නියම කර තිබේ.

නීතිඥ සංජේ ෆොන්සේකාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ කුවේරා ද සොයිසා සහ පසිඳු බණ්ඩාර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට ඇත.

ක්‍රීඩා

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

Published

on

By

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (6) පැවැත්වීමට නියමිතව ඇත.
a
ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය බංග්ලාදේශය හා පාකිස්තානය අතර ඩුබායිහිදී පැවැත්වේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සහභාගිවන දෙවන අවසන් පූර්ව තරගය  ඉන්දියාව සමගින් සාජාහිදී පැවැත්වේ.

මෙම තරගය දෙකම මෙරට වේලාවෙන් පෙ.ව. 10.30ට ආරම්භවීමට නියමිතව ඇත.

Continue Reading

ක්‍රීඩා

ඔලිම්පික් කමිටුවේ ලේකම් ට එරෙහි පෙත්සමට දුන් නියෝගය

Published

on

By

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම මේ මස 18 වනදා යළි කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද (05) නියෝග කලේය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු ලේකම් නලින් අධිකාරී ආරච්චිගේ සහ ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම අද (05) කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි ඇතැම් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්, විරෝධතා ගොනුකිරීම සඳහා තමන්ට තවදුරටත් කාලය ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

ඒ අනුව නඩුව යළි මෙම මස 18 වනදා කැඳවීමට නියෝග කළ දිසා අධිකරණය එදිනට පෙර විරෝධතා සහ ඊට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඉදිරිපත් කරන ලෙසට පාර්ශ්වකරුවන්ට නියෝග කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ කමිටුවේ ලේකම්වරයාට දූෂණ චෝදනා එල්ල වී තිබෙන බැවින් ඔහුට එම තනතුර දැරීමට හැකියාවක් නොමැති බවය.

එබැවින් ඔහුගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා යෞවනයන්ගේ ජයග්‍රාහී ආරම්භය

Published

on

By

ආසියානු වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ පළමු තරගයෙන් නේපාලයට එරෙහිව ලකුණු 55ක ජයක් ලැබීමට සමත් විය.

මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ තරගය ඊයේ (29) සාජාහිදී පැවැත්විණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුළදී සියලු දෙනා දැවී ලකුණු 233ක් රැස්කිරීමට සමත් විය.

එහිදී ශාරුජන් ෂම්මුගනාදන් (62) හා ලක්වින් අබේසිංහ (50) අර්ධ ශතක රැස්කළහ.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නේපාලයට පන්දුවාර 46.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 178ක් පමණි.

ආරම්භක පිතිකරු මායන් යාදව් ලකුණු 62ක් රැස්කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

ප්‍රවීන් මනීෂ ලකුණු 30කට කඩුලු 3ක් දවාගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

ඊට අමතරම නිව්ටන් රංජිත්කුමාර් (2/17), කුගදාස් මාතුලන් (2/21) හා නායක විහස් තෙව්මික (2/51) කඩුලු 2 බැගින් දවාගත්තේය.

තරගයේ වීරයාට හිමි සම්මානය ශාරුජන් ෂම්මුගනාදන්ට හිමිවිය.

මේ අතර මෙම තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරගයෙන් ඇෆ්ගනිස්තානය පරාජය කර ලකුණු 45ක ජයක් ලැබීමට බංග්ලාදේශය සමත් විය.

කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ තරග ‘A’හා ‘B’ ලෙස කොටස් දෙකක් යටතේ පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය එහි ‘B’කාණ්ඩයෙන් ක්‍රීඩාකරයි.

මේ යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන මීළඟ තරගය හෙට (1) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන අතර, එම තරගය මෙරට වේලාවෙන් පෙ.ව. 10.30ට ආරම්භවීමට නියමිතව ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved