Connect with us

ක්‍රීඩා

හත්වසරකට පසු ලංකාවේ කෙල්ලෝ ඉන්දීය කෙල්ලන් දණගස්වයි!

Published

on

තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් සටනේ අද (4) පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කර කඩුලු 3ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස්කිරීමට සමත් විය.

Richa Ghosh ලකුණු 58ක් රැස්කරමින් ඉන්දීය ඉනිම ඔසවා තැබුවාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක් වූ සුගන්දිකා කුමාරි (3/44) හා චමරි අතපත්තු (3/43) කඩුලු 3 බැගින් බිඳදැමූහ.

මෙහිදී ලකුණු 276ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකාරිනියෝ කඩුලු 7ක් දැවී තිබියදී තරගයේ අවසන් පන්දුවාරයේ දී (49.1) ලකුණු 278ක් රැස්කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවරියන් වූ හර්ෂිතා සමරවික්‍රම (53) හා නිලක්ෂිකා සිල්වා (56) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූහ.

මෙවර වසර 7කට පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් එක්දින තරගයකදී ඉන්දියාව පරාජය කළ පළමු අවස්ථාව විය.

අවසන්වරට ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව පරාජය කර තිබුණේ 2018 වසරේදීය.

තරගයේ වීරවරිය ලෙසින් පන්දු 33කින් ප්‍රහාරාත්මක ලකුණු 56ක් රැස්කළ නිලක්ෂිකා සිල්වා සම්මාන දිනාගත්තාය.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මේ දක්වා ක්‍රීඩාකළ තරග 3න් තරග 2ක් ජයගෙන තවමත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය රැකගෙන සිටියි.

ඉන්දියාව එහි පෙරමුණේ සිටින අතර, තවමත් එකඳු ජයක් හෝ ලබා නොමැති දකුණු අප්‍රිකාව අවසන් ස්ථානයේ පසුවේ.

ක්‍රීඩා

PSL තරගාවලියත් යළි ඇරඹේ

Published

on

By

තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව මැයි 17දා යළිත් ඇරඹෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය මැයි 25දා පැවැත්වීමට නියමිතය.

තරගාවලිය අත්හිටුවන විට එහි ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබුණේ තවත් තරග 08ක් පමණි.

ඉන්දු පකිස්තානු ගැටුම් හමුවේ නතර කෙරුණු ඉන්දියාවේ IPL තරගාවලියද යළි ආරම්භ කරන බවට මීට පෙර නිවේදනය කර තිබුණි.

සබැඳි පුවත් :

IPL යළි ඇරඹෙන දිනය?

Continue Reading

ක්‍රීඩා

චමරිට දඩයක්

Published

on

By

ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කර තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී ඉකුත් සිකුරාදා පැවති කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී අයි සී සී චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කර ඇත.

“ජාත්‍යන්තර තරඟයක් අතරතුර ක්‍රිකට් උපකරණ, ඇඳුම්, පැළඳුම් උපකරණ හා උපාංග අනිසි ලෙස භාවිතා කිරීම” සම්බන්ධයෙන් අයි සී සී චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය අතපත්තු විසින් උල්ලංඝනය කර ඇති බව අනාවරණය වී ඇති බව සඳහන්ය.

මේ සමග චමරි අතපත්තුගේ විනය වාර්තාවට එක් අගෞරව ලකුණක්ද එකතු වී ඇත.

මෙම සිදුවීම දකුණු අප්‍රිකානු ඉනිමේ 32 වන ඕවරයේදී සිදුවිය.

එහිදී ඇනරි ඩර්ක්සන් විසින් 4 පහරක් එල්ල කිරීමෙන් පසු අතපත්තු ඇගේ අව් කණ්ණාඩිය ගලවා බිමට දැමීමේදී එය කැබලි කිහිපයකට කැඩී යාම සිදුවිය.

Continue Reading

ක්‍රීඩා

ICC කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව සයවැනි තැනට

Published

on

By

ICC කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සයවැනි ස්ථානයට පත් ව තිබේ.

ඒ එක්දින තරග 21කට ක්‍රීඩා කරමින් ප්‍රසාද ලකුණු 1765ක් ලබා ගනිමිනි.

මෙම ලැයිස්තුවේ පළමු තැන හිමි ව ඇත්තේ, ඔස්ට්‍රෙලියානු කාන්තා කණ්ඩායමටය.

දෙවැනි ස්ථානය එංගලන්තයටත් තෙවැනි ස්ථානය ඉන්දීය කණ්ඩායමටත් හිමි ව තිබේ.

මීට අමතර ව කාන්තා එක්දින ක්‍රිකට් පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල සිදු කර ඇති නවතම යාවත්කාලීන කිරීම් අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ස්ථාන දෙකකින් පහත වැටී ඇත.

ඔස්ට්‍රෙලියානු ක්‍රීඩිකා බෙත් මූනි සහ ඇෂ් ගාර්ඩ්නර් දක්වන ලද කුසලතා හේතුවෙන් ඔවුන් පිළිවෙළින් ස්ථාන 07 හා 08 යන ස්ථානවලට පැමිණීම මීට හේතුව ලෙස දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved