Connect with us

ක්‍රීඩා

හරීන්, ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන 4ක් තාවකාලිකව අත්හිටුවයි !

Published

on

වහාම ක්‍රියාත්මක වනපරිදි ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම් හා සම්මේලනවල ලියාපදිංචිය මෙලෙස අත්හිටුවා ඇති බව සඳහන් ය.

ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත් කර තිබේ.

අදාළ සංගම් හා සම්මේලනවල ඉදිරි කටයුතු සිදුකිරීම සහ ඊට අදාළ නිලවරණය කැඳවීම සඳහා නිසි බලධාරියා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කර ඇති බව සඳහන් ය.

ක්‍රීඩා

චමරිට දඩයක්

Published

on

By

ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කර තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී ඉකුත් සිකුරාදා පැවති කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී අයි සී සී චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කර ඇත.

“ජාත්‍යන්තර තරඟයක් අතරතුර ක්‍රිකට් උපකරණ, ඇඳුම්, පැළඳුම් උපකරණ හා උපාංග අනිසි ලෙස භාවිතා කිරීම” සම්බන්ධයෙන් අයි සී සී චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය අතපත්තු විසින් උල්ලංඝනය කර ඇති බව අනාවරණය වී ඇති බව සඳහන්ය.

මේ සමග චමරි අතපත්තුගේ විනය වාර්තාවට එක් අගෞරව ලකුණක්ද එකතු වී ඇත.

මෙම සිදුවීම දකුණු අප්‍රිකානු ඉනිමේ 32 වන ඕවරයේදී සිදුවිය.

එහිදී ඇනරි ඩර්ක්සන් විසින් 4 පහරක් එල්ල කිරීමෙන් පසු අතපත්තු ඇගේ අව් කණ්ණාඩිය ගලවා බිමට දැමීමේදී එය කැබලි කිහිපයකට කැඩී යාම සිදුවිය.

Continue Reading

ක්‍රීඩා

ICC කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව සයවැනි තැනට

Published

on

By

ICC කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සයවැනි ස්ථානයට පත් ව තිබේ.

ඒ එක්දින තරග 21කට ක්‍රීඩා කරමින් ප්‍රසාද ලකුණු 1765ක් ලබා ගනිමිනි.

මෙම ලැයිස්තුවේ පළමු තැන හිමි ව ඇත්තේ, ඔස්ට්‍රෙලියානු කාන්තා කණ්ඩායමටය.

දෙවැනි ස්ථානය එංගලන්තයටත් තෙවැනි ස්ථානය ඉන්දීය කණ්ඩායමටත් හිමි ව තිබේ.

මීට අමතර ව කාන්තා එක්දින ක්‍රිකට් පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල සිදු කර ඇති නවතම යාවත්කාලීන කිරීම් අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ස්ථාන දෙකකින් පහත වැටී ඇත.

ඔස්ට්‍රෙලියානු ක්‍රීඩිකා බෙත් මූනි සහ ඇෂ් ගාර්ඩ්නර් දක්වන ලද කුසලතා හේතුවෙන් ඔවුන් පිළිවෙළින් ස්ථාන 07 හා 08 යන ස්ථානවලට පැමිණීම මීට හේතුව ලෙස දැක්වේ.

Continue Reading

ක්‍රීඩා

IPL යළි ඇරඹෙන දිනය?

Published

on

By

අතරමැද නවතා දැමුණු ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය නැවතත් මැයි මස 17 වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙයි.

පළමු තරගය ලෙස මැයි මස 17 වන දින රොයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙයි.

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 3 වන දින පැවැත්වීමට නියමිතයි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved