Connect with us

ක්‍රීඩා

කාන්තාවන් හෙට පාපන්දු ඉතිහාසය අලුත් කරයි

Published

on

කටාර් හි පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හෙට (01) දිනයේදී කොස්ටාරිකාව සහ ජර්මනිය අතර හෙට පැවැත්වෙන කණ්ඩායම්-අදියර තරගයේදී තරග තීරක කර්තව්‍යය සම්පූර්ණයෙන්ම කාන්තාවන්ට පැවරෙනු ඇත.

පිරිමි තරගාවලියකදී මෙලස තරගයක වගකීම සම්පූර්ණයෙන් කාන්තාවන්ට මෙලෙස පැවරෙන්නේ ඉතිහාසයේ පළමු වරටයි.

මෙහි ප්‍රධාන තරග තීරකවරිය වන Stephanie Frappart පිරිමි ලෝක කුසලානයකදී තරග තීරක ධූරයේ කටයුතු කරන පළමු කාන්තාව ලෙස ඉතිහාසගත වේ.

ඇගේ සහය තරග තීරකවරියන් ලෙස බ්‍රසීලයේ Neuza Back හා මෙක්සිකෝවේ Karen Diaz Medina එක්වේ.

ඊයේ දින මෙක්සිකෝව හා පෝලන්තය අතර තරගයේ සිවුවැනි නිලධාරිනිය ලෙස නම්වූ ස්ටෙෆනී, මෙවර ලෝක කුසලානයට එක් වූ පළමු තරග නිලධාරිනිය බවටද පත්විය.

38 හැවිරිදි ස්ටෙෆනි ෆ්‍රැපර්ට් 2020 දී පිරිමි චැම්පියන්ස් ලීග් තරගයක තීරක වූ පළමු කාන්තාව බවට පත් වූ අතර ඇය 2019 යුරෝපීය සුපිරි කුසලානයේ ලිවර්පූල් සහ චෙල්සි අතර තරගයේ විනිසුරු ලෙස කටයුතු කරමින් ලොව ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ තරගයක විනිසුරුවරයා ලෙස කටයුතු කළ පළමු කාන්තාව ලෙස ද ඉතිහාස ගත විය.

ක්‍රීඩා

විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබයි

Published

on

By

බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ගැනීමට සමත් විය.

ඒ, එම ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ ලොව ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙසිනි.

2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසාධන මට්ටම සපුරා ගැනීමට 20 හැවිරිදි විරේන් නෙත්තසිංහ පසුගිය මාස කිහිපයේදී ලොව පුරා විවිධ රටවල පැවැති තරගවලට සහභාගී විය.

ඒ අතරට පෝලන්තය, නෙදර්ලන්තය සහ තායිලන්තය ඇතුළු රටවල් ගණනාවකදී පැවැති බැඩ්මින්ටන් තරගාවලි ඇතුළත්.

මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේදී බැඩ්මින්ටන් ක්‍රීඩකයින් 38 දෙනෙකුට පරිසාධන මට්ටම පසුකර ඍජු ලෙස සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ ඊට සුදුසුකම් ලබා ගත්තේ ඔවුන් අතරින් 32 වැනි ස්ථානයට පත් වෙමිනි.

මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා මෙන්ම, ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙසද, විරේන් වාර්තා අතරට එක් විය.

2012 වසරේදී නිලූක කරුණාරත්නගෙන් අනතුරුව පරිසාධන මට්ටම පසු කර ඍජු ලෙස ඔලිම්පික් වරම් දිනූ පළමු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන්නේද විරේන් නෙත්තසිංහ.

(News1st)

Continue Reading

ක්‍රීඩා

මැතිව්ස්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹයි

Published

on

By

තම වීඩියෝවක් ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පෙන්වා දෙයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ ගැන සිය අදහස් දක්වා තිබේ.

මැතිව්ස් පෙන්වාදෙන්නේ තමන් විසින් සම්මුඛ සාකඡාවකදී සිදු කරනු ලැබූ ප්‍රකාශයක් මෙලෙස විකෘති සංස්කරණය කිරීමට සිදුව ඇති බවයි.

සිය ගිණුමේ අදහස් දක්වන මැතිව්ස්,

“මෙය විශාල වංචාවක්. මිනිසුන් රවටා මගේ කීර්තිනාමය කැළැල් කිරීමේ ද්වේෂසහගත උත්සාහයක්. මෙම වංචාකරුවන් ප්‍රමුඛ පෙළේ රූපවාහිනී ජාලයකින් සංස්කරණය කළ මගේ වීඩියෝවක් භාවිතා කරනවා.

කරුණාකර එවැනි ක්‍රියාකාරකම් වාර්තා කර ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් කරන්න. මම මේ ගැන අදාළ බලධාරීන්ට වාර්තා කරන්නම්.”

Continue Reading

ක්‍රීඩා

ඔලිම්පික් රන් පදක්කම් ලාභීන්ට ත්‍යාග මුදල්

Published

on

By

එළැඹෙන ඔලිම්පික් තරගාවලියේ සිට මලල ක්‍රීඩා ඉසව්වල රන් පදක්කම් ලාභීන්ට ත්‍යාග මුදල් පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබේ.

ඒ අනුව ඔලිම්පික් තරග ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග මුදල් පිරිනමන පළමු ක්‍රීඩා සම්මේලනය බවටද ලෝක මලල ක්‍රීඩා සම්මේලනය පත්වෙයි.

ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වීමට නියමිත 2024 ඔලිම්පික් තරගාවලියේ සිට මෙම ත්‍යාග මුදල් ලබෙන අතර, රන් පදක්කම් ලාභියෙකුට අමෙරිකානු ඩොලර් 50,000ක් හිමිවනු ඇත. මේ අනුව, ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් ත්‍යාග මුදල් ලෙස ලබාදීමට නියමිත සමස්ත මුදල ඩොලර් මිලියන 2.4කි.

මේ අතර, ලොස් ඇන්ජලීස් හි පැවැත්වීමට නියමිත 2028 ඔලිම්පික් උළෙලේදී රිදී සහ ලෝකඩ පදක්කම්ලාභීන්ට ද මුදල් ත්‍යාග ලබාදීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved