Connect with us

ක්‍රීඩා

දිමුත් යළි කැඳවයි

Published

on

ඇෆ්ගනිස්තානයට එරෙහිව ජුනි මාසයේදී පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරග 2 සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

එහි විශේෂත්වයක් වන්නේ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද මෙම කණ්ඩායමට නම්කර තිබීමයි.

මෙම සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද නම් කර ඇති තිබේ.

කෙසේවෙතත්, තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ මෙම සංචිතයට නම් කර නැති අතර, ඔහු වෙනුවට නවක ක්‍රීඩක දුෂාන් හේමන්ත නම් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නම් කර ඇති සංචිතය මෙසේය :

දසුන් ශානක – (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, චාමික කරුණාරත්න, දුෂාන් හේමන්ත, වනිඳු හසරංග, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ

ක්‍රීඩා

දෙවැනි ටෙස්ට් තරගයට කසුන් වෙනුවට අසිත

Published

on

By

පිටේ ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන සහ අවසන් තරගය කසුන් රාජිතට අහිමි වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසා ඇත්තේ ඒ අනුව කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු ටෙස්ට් සංචිතයට එක් වනු ඇති බවයි.

Continue Reading

ක්‍රීඩා

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේ

Published

on

By

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

කණ්ඩායම් 08ක් තරගවදින මෙම තරගාවලිය එළඹෙන ජුලි 19දා – 28දා දක්වා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

පාසැල් ක්‍රිකට් තරග පැවැත්වීමට එරෙහිව වාරණ නියෝගයක්

Published

on

By

ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමයේ 2023-2024 දෙදින තරඟාවලියේ පහත දැමීමේ තරඟ (Demotion/Relegation) පැවැත්වීම තාවකාලිකව වළක්වමින් කොළඹ ප්‍රධන දිසා විනිසුරු සඳුන් විතාන මහතා වාරණ නියෝගයක් අද (25) නිකුත් කළේය.

අප්‍රේල් 08 වැනිදා තෙක් බලපැවැත්වෙන අන්දමට ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමයට එරෙහිව අදාළ වාරණ නියෝගය නිකුත් කළ දිසා විනිසුරුවරයා මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එදින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස නියම කරමින් ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමයට නොතිසි නිකුත් කළේය.

කොළඹ ආනන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලය, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය පවරා ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමය එහි නිලධාරීන් ඇතුළු පිරිසක් නම් කර ඇත.

නීතීඥ ගිම්හානි ලිවේරා මහත්මියගේ උපදෙස් මත මෙම පෙත්සමම ඉදිරිපත් කරන ප්‍රධාන පෙළේ පාසැල් 05ක් විසින් ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමය 2023-2024 දෙදින තරඟාවලිය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම් හතරක් පහත හෙලීම සඳහා සැලසුම් කර ඇති ක්‍රියාවලිය අසාධාරණ සහ දෝෂ සහිත බව පෙන්වා දී ඇත.

එක් තරඟාවලියකදී එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙකක් පමණක් පහත දැමීම සහ ඒ සඳහා ලකුණු සටහනේ අවසානයට සිටින කණ්ඩායම් දෙක තොරාගත යුතු බව මෙතෙක් පැවති ක්‍රමවේදය බවත් එම ක්‍රමවේදය කඩකරමින් වගඋත්තරකාර ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමය එහි නිලධාරීන් මෙවර පැවැත්වෙන 2023-2024 දෙදින තරඟාවලිය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම් හතරක් පහත හෙලීම සඳහා සැලසුම් කර ඇතැයි පෙන්වා දී ඇත.

වගඋත්තරකරුවන්ගේ එම ක්‍රියාවලිය අසාධාරණ සහ දෝෂ සහිත බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ මෙතෙක් පැවති ආකාරයට එක් තරඟාවලියකදී එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙකක් පමණක් පහත දැමීම සහ ඒ සඳහා ලකුණු සටහනේ අවසානයට සිටින කණ්ඩායම් දෙක තොරාගත යුතු බවට වන තීන්දුවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.

මේ බව තහවුරු කරමින් නීතීඥ හිලරි ලිවේරා මහතා දැක්වු කරුණු සැළකිල්ලට ගනිමින් ලබන මස 08 වැනිදා දක්වා බලපැවැත්වෙන අන්දමට අදාළ වාරණ නියෝගයක් නිකුත් කළ දිසා විනිසුරුවරයා එදින මෙම පෙත්සම යළි කැඳවවීමට නියම කළේය.

පෙත්සම්කාර පාසැල් වෙනුවෙන් නීතීඥ ගිම්හානි ලිවේරා මහත්මියගේ උපදෙස් මත නීතීඥ අරුණි ද සිල්වා මහත්මියය සමඟ නීතීඥ හිලරි ලිවේරා මහතා පෙනී සිටියේය.
මූලාශ්‍රය – ලංකාදීප 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved