Connect with us

ක්‍රීඩා

මෙවර LPL විනිසුරු මඩුල්ලට විදෙස් විනිසුරුවන් දෙදෙනෙක්

Published

on

2022 LPL තරගාවලියට එක්වන තරග තීරකවරුන් සහ විනිසුරුවරුන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව තරග තීරකවරුන් සිව්දෙනෙකු සහ තරග විනිසුරුවරුන් 11 දෙනෙකු මෙවර LPL තරගාවලියට එක්වීමට නියමිතය.  මෙම විනිසුරු මඩුල්ලට විදෙස් විනිසුරුවන් දෙදෙනෙක්ද එක්ව තිබීම තවත් විශේෂයකි. නවසීලන්තයේ වේන් නයිට්ස් හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල ග්‍රෙගරි බ්‍රැත්වෙට් එලෙස එක්වන විදෙස් විනිසුරුවරුන් දෙදෙනා වේ.

මෙවර LPL තරගාවලියට එක්වන තරග තීරකවරුන් මෙසේය :

ග්‍රැහැම් ලැබ්රෝයි

වෙන්ඩල් ලැබ්රෝයි

මනෝජ් මෙන්ඩිස්

ප්‍රදීප් ජයප්‍රකාශ්

LPL තරගාවලියට එක්වන තරග විනිසුරුවරුන් මෙසේය :

කුමාර් ධර්මසේන

රවීන්ද්‍ර විමලසිරි

රුචිර පල්ලියගුරුගේ

වේන් නයිට්ස්

ග්‍රෙගරි බ්‍රැත්වෙට්

ලින්ඩන් හැනිබල්

ප්‍රගීත් රඹුක්වැල්ල

රැන්මෝ මාටිනස්

රවීන්ද්‍ර කොට්ටච්චි

චාමර ද සොයිසා

චන්ද්‍රික අමරසිංහ

ක්‍රීඩා

චමරිගේ ඉනිමෙන් ලංකාව වාර්තා පොත් වලට

Published

on

By

එක් දින තරඟාවලිය එකට එකක් ලෙස සම කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු හයක ජයක් ලබා ගැනීමට ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය.

දකුණු අප්‍රිකාවේ පැවති මෙම තරඟයේදී නායකත්වයේ වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු නොදැවී ලකුණු 195 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාව ලබා දුන් ලකුණු 301/5 ඉලක්කය පසුකර යෑමට සමත් වූවාය.

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව කාන්තා එක්දින තරඟාවලියක දී  ඉහළම සාර්ථක හඹායාම (305/4) මෙය වේ.

වෘත්තීය දිවියේ හොඳම එක්දින ලකුණ සහ ලෝක කාන්තා එක්දින තරගවලදී පිතිකරුවෙක් ලබාගත් තෙවැනි ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව චමරි අතපත්තු සතුවීම මෙම තරගයේ තවත් විශේෂත්වයකි.

නායකයන්ගේ සටනක් බවට පත්වූ මෙම තරගයේ ,චමරි අතපත්තු පරාජයට පත්කළේ දකුණු අප්‍රිකානු නායිකා වොල්වාඩ්ගේ ලකුණු 184 යි.

දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සහ පසුගිය සැප්තැම්බරයේ නායකත්වයට පත්වීමෙන් පසු ඇයගේ සිව්වැනි ශතකය මෙම තරගයේදී වාර්තා විය.

අතපත්තු සහ නිලක්ෂිකා ද සිල්වා පස්වැනි කඩුල්ලට ලකුණු 179ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර එය පස්වැනි කඩුල්ල සඳහා හෝ ඊට පහළින් දෙවැනි කඩුල්ල සඳහා වූ දෙවැනි ඉහළම සම්බන්ධතාව වන අතර ශ්‍රී ලංකාව 21 වැනි ඕවරයේදී කඩුලු 4කට ලකුණු 126 සිට ජයග්‍රහණය දක්වා ඔසවා තැබීමට එය සමත් විය.

තරගයේ වීරයා සම්මානය චමරි අතපත්තු විසින් හිමිකර ගත්තාය.

Continue Reading

ක්‍රීඩා

විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබයි

Published

on

By

බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ගැනීමට සමත් විය.

ඒ, එම ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ ලොව ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙසිනි.

2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසාධන මට්ටම සපුරා ගැනීමට 20 හැවිරිදි විරේන් නෙත්තසිංහ පසුගිය මාස කිහිපයේදී ලොව පුරා විවිධ රටවල පැවැති තරගවලට සහභාගී විය.

ඒ අතරට පෝලන්තය, නෙදර්ලන්තය සහ තායිලන්තය ඇතුළු රටවල් ගණනාවකදී පැවැති බැඩ්මින්ටන් තරගාවලි ඇතුළත්.

මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේදී බැඩ්මින්ටන් ක්‍රීඩකයින් 38 දෙනෙකුට පරිසාධන මට්ටම පසුකර ඍජු ලෙස සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ ඊට සුදුසුකම් ලබා ගත්තේ ඔවුන් අතරින් 32 වැනි ස්ථානයට පත් වෙමිනි.

මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා මෙන්ම, ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙසද, විරේන් වාර්තා අතරට එක් විය.

2012 වසරේදී නිලූක කරුණාරත්නගෙන් අනතුරුව පරිසාධන මට්ටම පසු කර ඍජු ලෙස ඔලිම්පික් වරම් දිනූ පළමු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන්නේද විරේන් නෙත්තසිංහ.

(News1st)

Continue Reading

ක්‍රීඩා

මැතිව්ස්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹයි

Published

on

By

තම වීඩියෝවක් ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පෙන්වා දෙයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ ගැන සිය අදහස් දක්වා තිබේ.

මැතිව්ස් පෙන්වාදෙන්නේ තමන් විසින් සම්මුඛ සාකඡාවකදී සිදු කරනු ලැබූ ප්‍රකාශයක් මෙලෙස විකෘති සංස්කරණය කිරීමට සිදුව ඇති බවයි.

සිය ගිණුමේ අදහස් දක්වන මැතිව්ස්,

“මෙය විශාල වංචාවක්. මිනිසුන් රවටා මගේ කීර්තිනාමය කැළැල් කිරීමේ ද්වේෂසහගත උත්සාහයක්. මෙම වංචාකරුවන් ප්‍රමුඛ පෙළේ රූපවාහිනී ජාලයකින් සංස්කරණය කළ මගේ වීඩියෝවක් භාවිතා කරනවා.

කරුණාකර එවැනි ක්‍රියාකාරකම් වාර්තා කර ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් කරන්න. මම මේ ගැන අදාළ බලධාරීන්ට වාර්තා කරන්නම්.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved