Connect with us

ක්‍රීඩා

ලංකාවට තීරණාත්මක ඇෆ්ගන් සටන අද ඇරඹෙයි!

Published

on

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද (25) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මෙය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සුපර් ලීග් එක්දින තරගාවලියට අයත් එකකි.

තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පස්වරු 2.30ට ආරම්භ වේ.

වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට කෙළින්ම සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදා කර ගැනීමට මේ තරගාවලිය ශ්‍රී ලංකාවට වාසිදායක අවස්ථාවකි.

ඒ අයිසීසී සුපර් ලීග් ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව 10 වැනි ස්ථානයේ පසුවීමය.

මෙම තරගාවලිය ජයගතහොත් ලංකාවට පියවරක් ඉදිරියට යාමට අවස්ථාව උදාවේ.

අයිසීසී ලකුණු සටහනේ පළමු කණ්ඩායම් අට සඳහා ලෝක කුසලානයට සහභාගිවීමේ අවස්ථාව නිරායාසයෙන් හිමිවේ.

මේ වන විට ඇෆ්ගනිස්තානය එම ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ හා බටහිර ඉන්දිය කොදෙව් පිල 8 වැනි ස්ථානයේ සිටී.

ශ්‍රී ලංකාවට ඉහළින් 9 වැනි ස්ථානයේ සිටින්නේ අයර්ලන්ත පිලය.

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව මෑතකදී කුතුහලය දනවමින් තියුණු අවසානයක් කරා ගිය තරග ගණනාවකට සහභාගී විය.

පසුගිය ආසියානු කුසලාන පළමු තරගයේදී ඇෆ්ගනිස්තානය පහසුවෙන් ශ්‍රී ලංකාව පරාජය කිරීම තැතිගන්වන සුළු විය.

එම තරගාවලියේදීම සුපිරි හතර වටයේදී ශ්‍රී ලංකාව විශිෂ්ට පිබිදීමකින් ඇෆ්ගනිස්තානය පරාජය කළේය.

ඔස්ට්‍රේලියාවේ නිමා වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නැවත වරක් පෙරැළිකාර ආසියානු ප්‍රතිවාදියා වූ ඇෆ්ගනිස්තානය, බ්‍රිස්බේන් ගැබා ක්‍රීඩාංගණයේදී කඩුලු 6කින් පරාජය කළේය.

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය මෙතෙක් අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 4කට සහභාගී වී ඇති අතර, එයින් වැඩි වාසි ශ්‍රී ලංකාව හිමි කර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව තරග 3කින් ජය ගනිද්දී ඇෆ්ගනිස්තානය තරගයක ජය වාර්තා කළේය.

මේ සියලු තරග මධ්‍යස්ථ ක්‍රීඩාංගණවලදී පවත්වා තිබීම විශේෂත්වයකි

Continue Reading

ක්‍රීඩා

මැතිව්ස්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹයි

Published

on

By

තම වීඩියෝවක් ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පෙන්වා දෙයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ ගැන සිය අදහස් දක්වා තිබේ.

මැතිව්ස් පෙන්වාදෙන්නේ තමන් විසින් සම්මුඛ සාකඡාවකදී සිදු කරනු ලැබූ ප්‍රකාශයක් මෙලෙස විකෘති සංස්කරණය කිරීමට සිදුව ඇති බවයි.

සිය ගිණුමේ අදහස් දක්වන මැතිව්ස්,

“මෙය විශාල වංචාවක්. මිනිසුන් රවටා මගේ කීර්තිනාමය කැළැල් කිරීමේ ද්වේෂසහගත උත්සාහයක්. මෙම වංචාකරුවන් ප්‍රමුඛ පෙළේ රූපවාහිනී ජාලයකින් සංස්කරණය කළ මගේ වීඩියෝවක් භාවිතා කරනවා.

කරුණාකර එවැනි ක්‍රියාකාරකම් වාර්තා කර ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් කරන්න. මම මේ ගැන අදාළ බලධාරීන්ට වාර්තා කරන්නම්.”

Continue Reading

ක්‍රීඩා

ඔලිම්පික් රන් පදක්කම් ලාභීන්ට ත්‍යාග මුදල්

Published

on

By

එළැඹෙන ඔලිම්පික් තරගාවලියේ සිට මලල ක්‍රීඩා ඉසව්වල රන් පදක්කම් ලාභීන්ට ත්‍යාග මුදල් පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබේ.

ඒ අනුව ඔලිම්පික් තරග ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග මුදල් පිරිනමන පළමු ක්‍රීඩා සම්මේලනය බවටද ලෝක මලල ක්‍රීඩා සම්මේලනය පත්වෙයි.

ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වීමට නියමිත 2024 ඔලිම්පික් තරගාවලියේ සිට මෙම ත්‍යාග මුදල් ලබෙන අතර, රන් පදක්කම් ලාභියෙකුට අමෙරිකානු ඩොලර් 50,000ක් හිමිවනු ඇත. මේ අනුව, ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් ත්‍යාග මුදල් ලෙස ලබාදීමට නියමිත සමස්ත මුදල ඩොලර් මිලියන 2.4කි.

මේ අතර, ලොස් ඇන්ජලීස් හි පැවැත්වීමට නියමිත 2028 ඔලිම්පික් උළෙලේදී රිදී සහ ලෝකඩ පදක්කම්ලාභීන්ට ද මුදල් ත්‍යාග ලබාදීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

2024 LPL කාලසටහන නිකුත් කරයි

Published

on

By

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන මේ වනවිට නිකුත් කර ඇත.
මෙම තරගාවලිය 2024 ICC T20 ලෝක කුසලානයෙන් දින 2කට පසුව ආරම්භ වීමට නියමිතයි.

එහි ආරම්භක උත්සවසය ජූලි 01දා පැවැත්වීමට නියමිත අතර එදිනම පළමු තරගය නුවර සහ දඹුල්ල අතර පැවැත්වේ.

මෙම තරගාවලියට අදාල තරග කොළඹ, මහනුවර හා දඹුල්ලේදී පැවැත්වීමට නියමිතය.

අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ජුලි මස මස 22දා පැවැත්වෙන අතර එම කාල සටහන පහතින් දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved