Connect with us

ක්‍රීඩා

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි එක්දින තරගය අතහැර දමයි

Published

on

ක්‍රයිස්චර්ච්හිදි ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි එක්දින තරගයේ අතහැර දමා තිබේ.

මෙරට වේලාවෙන් උදෑසන 6.30ට ආරම්භ වීමට නියමිතව තිබුණ මෙම තරගයට බාධා එල්ල වීම හේතුවෙනි.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ලකුණු 198 කින් ජය ගත් නවසීලන්තය මේ වනවිට පෙරමුණේ සිටින අතර, තෙවැනි එක්දින තගරය එළැඹෙන 31දා හැමිල්ටන්හිදී පැවැත්වීමට නියමිතයි.  

ක්‍රීඩා

උසේන් බෝල්ට්, T20 ලෝක කුසලානයට එක්වෙයි!

Published

on

By

වාර්තා පිට වාර්තා තබමින් ඉතිහාසගත මළල ක්‍රීඩකයෙකු වන ඔලිම්පික් කෙටි දුර ධාවන ශූර – උසේන් බෝල්ට්, තානාපතිවරයෙකු ලෙස 2024 ICC පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගවලියට එක්වීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.
මෙම තරගාවලිය මේ වසේ ජුනි 01- 29 දක්වා ඇමෙරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල පැවැත්වීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

චමරිට ලොවෙන්ම පළමුතැන 

Published

on

By

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ (ICC) කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සුපිරි පිතිකරු චමරි අතපත්තු එක්දින පිතිකරණ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තුන්වන සහ අවසන් එක්දින තරගවලදි චමරි අතපත්තු දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරඟ තුනකින් සමන්විත තරඟාවලිය සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

චමරි අතපත්තු ඉහළට ඒමත් සමඟ එතෙක් ඉදිරියෙන් සිටි එංගලන්ත කාන්තා කණ්ඩායමේ නටාලි ස්කැවියර් බර්න්ට් දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ දී ලකුණු 302ක වාර්තාගත ඉලක්කයක් හඹා ගිය චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ලබා දෙමින් නොදැවී ලකුණු 195* ලබා ගැනීමට ඇයට හැකි වූවාය. එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයක දී සාර්ථක හඹායාමකදී ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ.

2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව ග්ලේන් මැක්ස්වෙල් ( Glenn Maxwell) නොදැවී ලකුණු 201 ලබා ගැනීම එවැනි දස්කමක ලොව පළමු තැන තිබේ.

Continue Reading

ක්‍රීඩා

චමරිගේ ඉනිමෙන් ලංකාව වාර්තා පොත් වලට

Published

on

By

එක් දින තරඟාවලිය එකට එකක් ලෙස සම කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු හයක ජයක් ලබා ගැනීමට ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය.

දකුණු අප්‍රිකාවේ පැවති මෙම තරඟයේදී නායකත්වයේ වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු නොදැවී ලකුණු 195 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාව ලබා දුන් ලකුණු 301/5 ඉලක්කය පසුකර යෑමට සමත් වූවාය.

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව කාන්තා එක්දින තරඟාවලියක දී  ඉහළම සාර්ථක හඹායාම (305/4) මෙය වේ.

වෘත්තීය දිවියේ හොඳම එක්දින ලකුණ සහ ලෝක කාන්තා එක්දින තරගවලදී පිතිකරුවෙක් ලබාගත් තෙවැනි ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව චමරි අතපත්තු සතුවීම මෙම තරගයේ තවත් විශේෂත්වයකි.

නායකයන්ගේ සටනක් බවට පත්වූ මෙම තරගයේ ,චමරි අතපත්තු පරාජයට පත්කළේ දකුණු අප්‍රිකානු නායිකා වොල්වාඩ්ගේ ලකුණු 184 යි.

දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සහ පසුගිය සැප්තැම්බරයේ නායකත්වයට පත්වීමෙන් පසු ඇයගේ සිව්වැනි ශතකය මෙම තරගයේදී වාර්තා විය.

අතපත්තු සහ නිලක්ෂිකා ද සිල්වා පස්වැනි කඩුල්ලට ලකුණු 179ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර එය පස්වැනි කඩුල්ල සඳහා හෝ ඊට පහළින් දෙවැනි කඩුල්ල සඳහා වූ දෙවැනි ඉහළම සම්බන්ධතාව වන අතර ශ්‍රී ලංකාව 21 වැනි ඕවරයේදී කඩුලු 4කට ලකුණු 126 සිට ජයග්‍රහණය දක්වා ඔසවා තැබීමට එය සමත් විය.

තරගයේ වීරයා සම්මානය චමරි අතපත්තු විසින් හිමිකර ගත්තාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved