Connect with us

ක්‍රීඩා

19න් පහල T20 බාලිකා ලෝක කුසලානය ඉන්දියාවට

Published

on

ඉන්දියාව අඛණ්ඩව දෙවැනි වරටත් වයස අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට හිමිකම් කීමට සමත් විය.

ඒ දකුණු අප්‍රිකාව සමග පැවැති අවසන් මහා තරගය කඩුළු 09කින් ජය ගනිමින්.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 82ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම නියමිත ඉලක්කය පසුකළේ පන්දුවාර 11යි පන්දු 2ක් තුළ කඩුල්ලක් දැවී සිටියදීයි.

ක්‍රීඩා

පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්

Published

on

By

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ  (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ.

FIFA විසින් වසර 8ක් තුළ පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව මෙයයි.

ජාත්‍යන්තර පාපන්දු නිර්ණායකයන්ට අනුව පාකිස්තාන පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපොහොසත් වීම මෙම තහනම පැනවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

2019 වසරේ ජුනි මාසයේ සිට පාකිස්තාන පාපන්දුව FIFA විසින් පත් කරන ලද සාමාන්‍යකරණ කමිටුවක් විසින් පාලනය කරනු ලබයි.

කෙසේ නමුත් ඔවුන් විසින් ලබාදෙන නිර්දේශයන්ට අනුව කටයුතු කිරීමට පාකිස්තාන පාපන්දු සම්මේලනය අපොහොසත් වී ඇත. 

ඒ අනුව FIFA නිර්දේශ ක්‍රියාත්මක කරන තෙක් පාකිස්තානයේ මෙම තහනම බලපැවැත් වේ.

Continue Reading

ක්‍රීඩා

ස්මිත්ගෙන් ශතකයක්

Published

on

By

ටෙස්ට් ක්‍රිකට් දිවියේ 36වන ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කිරීමට ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් අද (7) සමත් විය.

ශ්‍රී ලංකා හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ අද ඔස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් ඔහු මෙම ඉනිම ක්‍රීඩා කළේය.

පන්දු 191කට මුහුණදෙමින් ස්මිත් ක්‍රීඩාකළ මෙම ශතකයට හයේ පහරක් හා හතරේ පහර 9ක් ඇතුළත් විය.

මෙය ස්මිත් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩාකළ 4වන ටෙස්ට් ශතකය වන අතර, ඒ සියල්ලම ඔහු ශ්‍රී ලංකාවේදීම රැස්කර තිබීම විශේෂත්වයකි.

ස්මිත්ගේ ඉනිමත් සමග ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 248ක් රැස්කරගෙන ශ්‍රී ලංකා පළමු ඉනිම වඩා ලකුණු 9ක් පසුපසින් සිටියි.

ස්මිත් සමගින් කඩුල්ලේ රැඳී සිටින ඇලෙක්ස් කේරී ලකුණු 76ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 4වැනි කඩුල්ලට ලකුණු 157ක සබඳතාවක් මේ වනවිට ගොඩනගා ඇත.

Continue Reading

ක්‍රීඩා

දිමුත් වෙනුවෙන් මාලිංග ඉල්ලීමක් කරයි

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශේෂ වීඩියෝවක් පළ කර තිබේ.

හෙට (06) ආරම්භ වන ටෙස්ට් තරගයෙන් පසු ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට නියමිතව ඇතැයි පළ වූ පුවත සම්බන්ධයෙන් ප්‍රචාර දක්වමින් ලසිත් මාලිංග මෙම වීඩියෝව සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණි.

Posted by Lasith Malinga on Tuesday, February 4, 2025

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved