Connect with us

ක්‍රීඩා

2023 ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹේ

Published

on

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (05) ආරම්භ වීමට නියමිතය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 1975 වසරේදී එංගලන්තයේදී ඇරඹි අතර මෙවර පැවැත්වෙන්නේ එහි 13 වැනි අදියරයි.

මෙවර තරඟාවලිය සඳහා ඉන්දියාව සත්කාරකත්වය දරන අතර ක්‍රීඩාංගණ 10කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව එහි ආරම්භක තරඟය එංගලන්තය සහ නවසීලන්තය අතර අද පැවැත්වේ.

තරඟාවලිය ආරම්භ කරමින් අද තරඟ බිමට පිවිසෙන එංගලන්ත සහ නවසීලන්ත කණ්ඩායම් වල ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ආබාධවලට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් ආබාධයක් හේතුවෙන් අද තරගයට සහභාගී වීම අවිනිශ්චිත බවට සඳහන් වේ.

මේ අතර නවසීලන්ත නිත්‍ය නායක කේන් විලියම්සන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සෝදිගේ සහභාගීත්වයද අවිනිශ්චිත බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

අද තරඟය මෙරට වේලාවෙන් පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතය.

ක්‍රීඩා

සංගක්කාර යලි ක්‍රිකට් පිටියට

Published

on

By

2024 International Masters League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙබවීමට කුමාර් සංගක්කාර හට අවස්ථාව හිමි වී තිබේ.

එළඹෙන නොවැම්බර් මස 17 සිට දෙසැම්බර් මස 08 වැනි දා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් දේශය, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වීමට නියමිතය.

මෙහි දී සංගක්කාරට අමතරව එක් එක් කණ්ඩායම්වල නායකත්ව වගකීම් Sachin Tendulkar (ඉන්දියාව), Shane Watson (ඕස්ට්‍රේලියාව), Eoin Morgan (එංගලන්තය), Brian Lara (බටහිර ඉන්දීය කොදෙව්), Jacques Kallis (දකුණු අප්‍රිකාව) යන ප්‍රවීණ ක්‍රීඩකයින් වෙත පැවරී තිබේ.

තරගාවලිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ආරම්භ වීමට නියමිත අතර, එම තරගය නොවැම්බර් මස 17 වැනි දා පැවැත්වෙනු ඇති. ඉන් පසුව නොවැම්බර් 19 එංගලන්තය, නොවැම්බර් 25 බටහිර ඉන්දීය කොදෙව්, නොවැම්බර් 30 එංගලන්තය සහ දෙසැම්බර් 02 ඕස්ට්‍රේලියාව සමඟින් ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

චමරි අතපත්තු පරාජයට හේතු පැහැදිලි කරයි

Published

on

By

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් ඉවත් වී තිබේ.

ඒ ඉන්දියාව සමඟ පැවැති තරගය ලකුණු 82කින් පරජයට පත්වීමත් සමඟය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 172කි.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 90ක් පමණි.

මෙය මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ද වේ.

පරාජය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, කණ්ඩායම් නායිකා චමරි අතපත්තු ප්‍රකාශ කළේ, තමන් ඇතුළු කණ්ඩායම සිදු කළ යුතු දේ පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවය.

පන්දු යැවීමේ අංශය දුර්වල වීම තරගය පරාජය වීමට හේතු වී තිබේ.

“අපි හොඳින් පන්දු යැව්වේ නැහැ. ඒ වගේම උඩපන්දු අතහරියා. මම, විශ්මි ඇතුළු පිරිසට හොඳින් පිතිකරණයේ යෙදෙන්න බැරි වුණා. අපි කරන්න අවශ්‍ය දේවල් ගැන නැවත සිතා බලන්න ඔනේ. අපිට මුල් තරග දෙකේදී අපිට ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්න වුණත්, මෙම තරගයේදී හඹා යන්න වුණා. පළමු තරග දෙකේදී කණ්ඩායමේ පන්දුයැවීම ගැන සතුටුයි. අපේ පිතිකරණය වැඩිදියුණු කරන්න ඔනේ.”

Continue Reading

ක්‍රීඩා

කොදෙව් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Published

on

By

බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා අද ( 10/10) උදෑසන දිවයිනට පැමිණියහ.

ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග 20-20 තරග 03 ක් සහ එක් දින තරග 03 ක් සඳහා සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න රුද්‍රිගු මහතා පැවසුවේය.

මෙම 20-20 තරග එළඹෙන 10/13 , 10/15 සහ 10/17 යන දින වල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය.

මීට අමතරව එක් දින තරග එළඹෙන 10/20 , 10/23 සහ 10/26 යන දින වල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිත බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved