Connect with us

ක්‍රීඩා

Galle Marvels හිමිකරුට ඇප

Published

on

මහනුවර, පල්ලෙකැලේ පැවති ලංකා ටි 10 ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට තරඟ පාවාදීම සඳහා යෝජනා කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික ප්‍රේම් තකාර් නැමැත්තා ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කලේය.

මෙම පැමිණිල්ල අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තම සේවාදායකයා ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක සඳහන් කළේ, මෙම සැකකරු ශ්‍රී ලංකාව තුළ රඳවා ගත හැකි වන ආකාරයේ සුදුසු නියෝගයක් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලෙසය.

ඒ අනුව, අදාළ සැකකරු රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර, සැකකරු විදේශගත වීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කලේය.

ඊට අමතරව සෑම බදාදා දිනකම සැකකරු ක්‍රීඩා දූෂණ විමර්ශන පොලිස් ඒකකය හමුවේ පෙනී සිටිය යුතු බවටත් තවත් ඇප කොන්දේසියක් පනවන ලදී.

ක්‍රීඩා

හෙට යළිත් ඇරඹෙන  IPL

Published

on

By

ඉන්දු – පාකිස්තාන ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය යළි හෙට (17) සිට ආරම්භවීමට නියමිතව ඇත.

ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම අතර තරගය හෙට රාත්‍රි 7ට බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හිමිව ඇති අතර කොල්කටා නයිට් රයිඩර් කණඩායම පසුවන්නේ එහි හයවන ස්ථානයේය.

Continue Reading

ක්‍රීඩා

කුසල් මෙන්ඩිස්ට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් කැඳවීමක්

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ප්ලේ-ඕෆ් වටයේ තරග ක්‍රීඩාකිරීම සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් කුසල් මෙන්ඩිස් කැඳවා ඇත.

එංගලන්ත පිතිකරු මෙන්ම කඩුලු රකින්නා වන ජොස් බට්ලර් වෙනුවට මෙන්ඩිස්ට මෙම කැඳවීම ලැබී තිබේ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති යුද අවදානම හේතුවෙන් හදිසි තීරණයක් ගනිමින් මෙම තරගාවලිය පසුගිය 9වනදා සිට සතියක කාලයකට අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI)කටයුතු කළේය.

ඒ අනුව තරගාවලිය එළැඹෙන 17වනදා සිට යළි ක්‍රියාත්මක වේ.

IPL තරගාවලිය නියමිත දිනට අවසන් කිරීමට නොහැකි වූ හෙයින් ජොස් බට්ලර්ට බ.ඉ. කොදෙව්වන්ට එරෙහි සීමිත පන්දුවාර තරගාවලිය ක්‍රීඩාකිරීමට සඳහා එංගලන්තය බලා පිටත්ව යාමට සිදුවේ.

ඒ හේතුවෙන් ටයිටන්ස් පාලනාධිකාරිය විසින් මෙලෙස මෙන්ඩිස්ට මෙම කැඳවීම සිදුකර ඇත.

එක්දින හා විස්සයි20 තරග 3 බැගින් වූ එංගලන්ත – බ.ඉ. කොදෙව් සීමිත පන්දුවාර තරගාවලිය මැයි 29වනදා ආරම්භවීමට නියමිතව ඇත.

IPL තරගාවලියේ අවසන් වටයේ තරග  ජූනි 3වනදා දක්වා පැවැත්වේ.

කෙසේ නමුත් බට්ලර් යළි එංගලන්තය බලා පිටත්ව යාමට පෙර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ක්‍රීඩාකරන මූලික වටයේ ඉතිරි තරග තුන ක්‍රීඩාකිරීමට නියමිතව ඇත.

මේ අතර ඉන්දු – පාකිස්තාන අර්බුධය හේතුවෙන් පාකිස්තානු සුපර් ලීග් (PSL) තරගාවලියද කල්දැමීමට සිදු වූ අතර, ඒ වනවිට මෙන්ඩිස් ක්වෙටා ග්ලැඩියේටර්ස් වෙනුවෙන් ක්‍රීඩාකරමින් සිටියේය.

කෙසේ නමුත් මෙන්ඩිස්ට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් ලැබුණු කැඳවීමත් සමග ඔහු  PSL අවසන් අදියර ක්‍රීඩාකිරීම සඳහා පාකිස්තානයට යළි නොයනු ඇති බව වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස “පුබුදු” පත්වේ

Published

on

By

ශ්‍රී ලංකා හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක අමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.

මෙම තනතුරේ මීට පෙර කටයුතු කර තිබුණේ ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු ස්ටුවර්ට් ලෝ ය.

බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාව එක්ව සත්කාරකත්වය දැරූ ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහු එම තනතුරෙන් ඉවත් විය.

ඒ අනුව පුබුදු දසනායකට මෙම තනතුර හිමිව ඇත.

ඔහු අමෙරිකා එක්සත් ජනපදය සමඟ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන දෙවන අවස්ථාව මෙය වේ.

54 හැවිරිදි පුබුදු දසනායක මීට පෙර 2016 සිට 2019 දක්වා වසර තුනක කාලයක් එම තනතුර දැරීය.

එම කාලය තුළ දසනායක අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් සඳහා එක්දින වරම් හිමිකර ගැනීමට සහ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයක් ඇති කිරීමට දායක විය.

එළැඹෙන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලානය තරගාවලිය සඳහා අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම දැනටමත් සුදුසුකම් ලබා ඇති හෙයින්, තවත් අන්තර්ජාතික තරගාවලි වලදී ජයග්‍රහණ ලබා ගැනීම සඳහා සිය දායකත්වය ලබා දීමට පුබුදු දසනායක බලාපොරොත්තුවෙන් සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුබුදු දසනායක පවසා ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපද පිරිමි ජාතික කණ්ඩායමට නැවත පැමිණීමට සහ නායකත්වය දීමට ලැබීම තමන්ට ගෞරවයක් බවත් මීට පෙර තමන්ගේ මෙහෙයවීම යටතේ ලබා ගත් ජයග්‍රහණ සම්බන්ධයෙන් ආඩම්බර වන අතර, ඉදිරියේදී  ඊටත් වඩා ඉහළ මට්ටමකට ළඟා වීමට කැපවීමෙන් කටයුතු කරන බවය.

පුබුදු දසනායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11ක් සහ එක්දින තරග 16ක් ක්‍රීඩා කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved