Connect with us

ක්‍රීඩා

LPL ශූරතාව සිව්වැනි වරටත් ජැෆ්නා කිංග්ස්ට!

Published

on

5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

ගෝල් මාර්වල්ස් පිල කඩුලු 9කින් පරාජය කරමින් ජැෆ්නා කිංග්ස් පිල එම ශූරතාව දිනාගත්තේය.

තරගයේ කාසියේ වාසිය චරිත් අසලංක දිනාගත් අතර පළමුව පන්දුවට පහරදීමට ඔහු ගෝල් කණ්ඩායම ට ආරාධනා කළේය.

ඒ අනුව ගෝල් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 184ක් රැස්කළේය.

ලකුණු 185ක ඉලක්කයක් හඹා යෑම ඇරඹූ ජැෆ්නා කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවේදීම දැවී ගියේය.

ඒ අනුව පැතුම් නිස්සංකට එකදු ලකුණක් හෝ රැස් කිරීමට නොහැකි විය.

නමුත් අනතුරුව පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් සහ රයිලි රූසෝ ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණය සඳහා ගෙන ගියහ.

ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 185ක් එක්කළ අතර එය එල්පීඑල් වාර්තාවකි.

රූසෝ නොදැවී ලකුණු 106යි. මෙන්ඩිස් නොදැවී ලකුණු 72යි.

ඒ අනූව එල්පීඑල් ශූරතාවය සිව් වැනි වරටත් දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපදේශක පුහුණුකරුවෙක්

Published

on

By

දකුණු අප්‍රිකාවේ හිටපු පිතිකරුවෙකු වන නේල් මැක්කෙන්සි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ක්‍රිකට් පුහුණුකරු ලෙස පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ, ඔහු නොවැම්බර් 13 සිට 21 දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ කටයුතු කරනු ඇති බවයි.

ඒ අනුව ඔහු දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් සමඟ කටයුතු කිරීමට නියමිතයි.

මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

පළමු තරගය නොවැම්බර් 27දා සිට දෙසැම්බර් 01දා දක්වා ඩර්බන් හිදී පැවැත්වීමට නියමිතයි. 

දෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් 05 වැනිදා සිට 09දා දක්වා ශාන්ත ගර්බර්හා හි පැවැත්වීමට නියමිතයි.

Continue Reading

ක්‍රීඩා

හෙට එක්දින තරඟයට වනිදු නැහැ

Published

on

By



නවසීලන්ත කණ්ඩායම සමඟ හෙට (13) දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියෙන් වනිදු හසරංග ඉවත්කර තිබේ.

ඔහු වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වේ.

පෙරේදා නවසීලන්තය සමග පැවති දෙවන පන්දුවාර 20 තරඟයේදී වනිදු හසරංග ආබාධයට ලක්වීම ඊට හේතුවී තිබේ.

දෙරට අතර පන්දුවාර 20 තරඟාවලිය 1ට 1ක් ලෙස සම තත්වයෙන් අවසන් වූ අතර වනිදු හසරංග තරඟාවලියේ වීරයා සම්මානය හිමිකරගත්තේය.

Continue Reading

ක්‍රීඩා

ලංකාවට ලකුණූ 5ක පරාජයක් 

Published

on

By

දඹුල්ලේ දී ඊයේ (10) අවසන් වූ දෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 5ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

ඒ අනුව තරගාවලි තරග 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඊයේ තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ නම්, නවසීලන්තයට එරෙහිව වසර 11කට පසු විස්සයි20 තරගාවලියක් ජයගැනීමට හැකියාව තිබුණි.

ලංකාව අවසන්වර නවසීලන්තයට එරෙහිව විස්සයි20 තරගාවලියක් ජයගෙන ඇත්තේ 2013 වසරේදීය.

එයද ශ්‍රී ලංකාවේදීමය.

ඒ හැරෙන්න එම තරගාවලියෙන් අනතුරුව නවසීලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත් වූ සෑම තරගාවලියක්ම (තරගාවලි 4) ජයගැනීමට සමත් වූයේ නවසීලන්තය යි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 108ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 103ක් පමණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved