Connect with us

ක්‍රීඩා

Nassau County ක්‍රීඩාංගණය ගලවා ඉවත්  කරයි?

Published

on

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් අමෙරිකාවේ නිව්යෝක්හි තාවකාලිකව ඉදි කෙරුණු  නාසා කවුන්ටි ක්‍රීඩාංගණය බෙහෙවින් අවධානයට ලක්විය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නාසා කවුන්ටි ලෙස නම් කරපු මේ ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

ඒ, නිමාවූ ඉන්දු – අමෙරිකා තරගයෙන් අනතුරුවය.

ඩ්‍රොපිං පිච් හෙවත් පෙර සැකසූ තණතිලි තැම්පත් කිරීමේ ක්‍රමවේදයට අනුකූලව මෙම ක්‍රීඩාංගනය සකස් කර තිබූ අතර එවැනි තණතීරු 10කින් ක්‍රීඩා පිටිය සමන්විත විය.

නාසා කවුන්ටි ක්‍රීඩාංගණය සකස් කළේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලෙයිඩ් ටර්ෆ් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් වන අතර, මෙම ක්‍රීඩාංගණයේ දී එකවර ප්‍රේක්ෂකයින් 34,000 දහසකට අසුන් ගැනීමට හැකියාව තිබේ.

මෙම ක්‍රීඩාංගනයේ පළමු තරගය ලෙස පැවැත්වුණේ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරඟයයි.

මීට අමතරව, තරගාවලියේ ඉන්දු – අමෙරිකා, දකුණු අප්‍රිකා – බංග්ලාදේශ සහ ඉන්දු – පකිස්ථාන තරගද ඇතුළුව තරග 8ක් නාසා කවුන්ටි ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කරයි

Published

on

By

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද (17) ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් වේ.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන සෙනසුරාදා (20) බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය මෙසේය : චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරී, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝදනී, අචිනි කුලසූරිය, ඉනෝෂී ප්‍රියදර්ෂනී, කාව්‍යා කාවින්දී, සචිනි නිසංසලා, ෂෂිනි ගිම්හානී හා අමා කාංචනා

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩක “ජොන්ටි” වෙඩි තබා මරාදාලා

Published

on

By

අම්බලන්ගොඩ බෝගහවත්ත කන්ද මාවතේ ප්‍ර දේශයේ නිවසක ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හිනිදුමගේ ධම්මික නිරෝෂන හෙවත් ජොන්ටි (41) නැමැති දෙදරු පියෙකි.

මිය ගිය පුද්ගලයා 2002 වසරේ 19පහල ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම නියොජනය කරමින් එහි නායකත්වයද දැරූ ක්‍රීඩකයෙකි.

ඔහු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වූ සටහනක් පහත දැක්වේ.


අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද ඔහු විසින් දරා ඇති බව වාර්තා වේ.

නිවස ආසන්නයේ ඇති අවමගුල් ගෙදරකට යාමට ඊයේ (16) රාත්‍රි 9.30 ට පමණ නිවසෙන් එලියට එන අවස්තාවේ දි යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පැවසීය.

මෙම ඝාතනය පාතල ක්‍රියාවක්ද යන බව අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන කරයි.

Continue Reading

ක්‍රීඩා

ICC වාර්ෂික සමුළුව මෙවර ලංකාවේ

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එම මහ සභා රැස්වීම ජූලි 19 සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවය.

මෙම ක්‍රිකට් සමුළුව සඳහා අප්‍රිකාව, අමෙරිකාව, ආසියාව, නැගෙනහිර ආසියා පැසිෆික් සහ යුරෝපය වැනි කලාප ආවරණය වන පරිදි ලොව පුරා ICC සාමාජික රටවල් 10‍8කින් නියෝජිතයින් 220කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා එක්වනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved