Connect with us

Uncategorized

තානාපතිලා 5කගේ නිල කාලය දික් කිරීම ජනපති ප්‍රතික්ෂේප කරයි!

Published

on

තානාපතිවරුන් සිව් දෙනෙකුට සහ එක් මහ කොමසාරිස්වරයෙකුට විශ්‍රාම යන වයස අවුරුදු 60 ඉක්මවා ඔවුන්ගේ වසර තුනක සේවා කාලය සම්පූර්ණ කිරීමට අවසර ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

මෙම දූත මණ්ඩල ප්‍රධානීන්ගෙන් එක් අයෙක් දැනටමත් විශ්‍රාම යන දිනය සම්පූර්ණ කර ඇති අතර ලබන වසර වන විට විශ්‍රාම යන වයසට පැමිණෙන තවත් සිව් දෙනෙකුට – තෙවසරක නිල කාලය සම්පූර්ණ කිරීමට අවසර ඉල්ලා තිබු බව පැවසේ.

ජනපතිවරයා විසින් රාජ්‍ය අංශයේ සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගත යුතු බවට රජයේ ප්‍රතිපත්තියක් තබා ගනිමින් කිසිදු සේවා දිගුවක් ලබා නොදීමට තීරණයක් ගෙන ඇති බව මේ අතර වාර්තා වේ.

මේ අතර විදේශ අමාත්‍යාංශයේ තවත් ඉල්ලීම් කිහිපයක් ද ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

ඉන් එක් ඉල්ලීමක් වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවයෙන් පත් කරන ලද දූත මණ්ඩල ප්‍රධානීන්ගේ විශ්‍රාම වයස සංශෝධනය වුවද වසර තුනක සේවා කාලය සම්පූර්ණ කිරීමට අවසර දිය යුතු බවට විදේශ අමාත්‍යාංශයේ ස්ථාවරයයි.

මේ ඉල්ලීම සමඟ විදේශ සේවයෙන් පත් කරන ලද දූත මණ්ඩල ප්‍රධානීන්ට වයස අවුරුදු 60 ඉක්ම වූ පසු වසර තුනක සම්පූර්ණ සේවා කාලය සම්පූර්ණ කිරීමට අවසර දීමේ පුරුද්ද ද අමාත්‍යාංශය උපුටා දක්වා ඇත.

තානාපතිවරුන් සම්බන්ධයෙන් දීර්ඝ කිරීම් ඉල්ලා ඇත්තේ පී. අම්සා (රියාද්), ග්‍රේස් ආසිර්වතම් (බ්‍රසල්ස්), ඒ. සබරුල්ලා ඛාන් (ඕමානය) සහ එස්.ඩී.කේ සේමසිංහ (වෝර්සෝ) සහ මහ කොමසාරිස් ඒ.එම්.ජේ. සාදික් (මාලදිවයින) යන අය වෙනුවෙනි.

අමාත්‍යාංශය නිර්දේශ කර තිබුණේ අම්සා මහතාට 2024 ඔක්තෝබර් දක්වාද, ආශිර්වතම් මහත්මියට 2023 ජුනි දක්වාද, සේමසිංහ මහත්මියට 2024 ජූනි දක්වාද, සාදික් මහතාට 2025 ජනවාරි දක්වාද, ඛාන් මහතාට 2025 සැප්තැම්බර් දක්වාද ඔහුගේ ධුර කාලය සම්පූර්ණ කිරීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි පැවසේ.

Uncategorized

පුංචි ඡන්දයට නමදුන් 300ක් රට, 20ක් මැරිලා!

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන් 300කට ආසන්න පිරිසක් ආර්ථික ගැටලු හේතුවෙන් විදේශගතව ඇතැයි වාර්තා වේ.

එසේම නාම යෝජනා දුන් අපේක්ෂකයන් විස්සකට ආසන්න පිරිසක් මියගොස් සිටින බවද පැවසේ.

මීට අමතරව අපේක්ෂකයන් පන්සියයකට ආසන්න පිරිසක් විවිධ හේතු මත පසුකාලීනව පක්ෂ මාරු කර ඇති බව ද දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර, පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා දුන් පුද්ගලයන් පිළිබඳ විස්තර සොයා බැලීමට ඉදිරි කාලයේදී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා මාධ්‍යට පවසා ඇත.

පළාත් පාලන ඇතිවරණයට අදාළව නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු අපේක්ෂකයන් සම්බන්ධයෙන් එසේ පුළුල් සොයා බැලීමක් කරන බවද ඔහු පවසා ඇත.

ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ඒ ඒ දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව බලාපොරොත්තු සිටින බවද වාර්තා වේ.

මේ කරුණු කාරණා හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ප්‍රායෝගික ගැටලු රැසක් මතුව ඇතැයි මැතිවරණ නිලධාරීහු පෙන්වා දී ඇති බවද පැවසේ.

පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබූ අතර, ඒ සඳහා අපේක්ෂකයෝ 80,672 දෙනෙක් ඉදිරිපත්වී තිබිණි.

Continue Reading

Uncategorized

විදේශ රැකියා ආයතන 200ක් තහනම් කරලා

Published

on

By

විවිධ අක්‍රමිකතා මත විදේශ රැකියා ආයතන දෙසීයක බලපත්‍ර තහනම් කර තිබෙන බවද තවත් ආයතන හාරසියයක බලපත්‍ර අත්හිටුවා පරීක්ෂණ පැවැත්වෙන බවද ඇමැති මනූෂ නානායක්කාර පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පසුගිය 2019 වසරේ සිට මේ දක්වා කාන්තා ශ්‍රමිකයන් හාරලක්ෂ හැටහතර දහස් එකසියතිස් දෙදෙනෙක් විදෙස් ගත වී සිටින බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා එහිදී කීය.

ඒ අතරින් තුන්ලක්ෂ එක්දහස් එකසිය අසූඅට දෙනෙක් ගෘහ සේවය සඳහාත් වෙනත් රැකියාවලට සෙසු එක් ලක්ෂ හැටදෙදහස් නවසිය හතළිස්හතර දෙනා පිටත්ව ගොස් තිබෙන බවත් ඇමැතිවරයා කීවේය. 

එමෙන්ම මේ අතරින් තුන්ලක්ෂ හැට දෙදහස් නවසිය හතළිස්තුන්දෙනෙක් පුහුණු ශ්‍රමිකයන් බවත් එක් ලක්ෂ එක් දහස් එකසිය අනූනව දෙනෙක් නුපුහුණු ශ්‍රමිකයන් බවත් ඇමැතිවරයා සඳහන් කළේය. 

Continue Reading

Uncategorized

වතුකරයට නව “ජනාවාස ගම්මාන”

Published

on

By

දැනට රාජ්‍ය වැවිලි සමාගම හා ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ පාලනය වන වතුකරයේ ජනතාව ජීවත්වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ නීත්‍යානුකූලව නව ජනාවාස ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

එහි ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
රාජ්‍ය වැවිලි සමාගම හා ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ පාලනය වන වතුකරයේ ජනතාව ජීවත වන ප්‍රදේශ නීත්‍යනුකුලව නව ගම්මාන වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සම්පාදනය ඉතා වැදගත් හා කාලීන යෝජනාවක් බැවින් ඒ සඳහා මෙහිදී සියලු පාර්ශ්වයන්ගේ ප්‍රතිපත්තිමය එකඟතාවය පළ කෙරිණි.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී කඳුකරයේ දැනට ජීවත් වන සියලු ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් වන යෝජනාවලියක් ද ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ගමත්, නගරයත්, වතුකරයත්  ආවරණය වන පරිදි  ජනතාවට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබාදීම රජයේ අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් වූ  විප්ලවීය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත්ය.

ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් ද ලබා ගනිමින් අදාළ නීති සම්පාදන ක්‍රියාවලිය සිදු කිරීමටත්, ඒ වෙනුවෙන් වතුකරයේ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, වඩිවෙල් සුරේශ්, වේලු කුමාර්, එම්. රාමේශ්වරන් සහ එම්. උදය කුමාර් යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ඒ.සී.එම්. නෆීල්, රාජ්‍ය වැවිලි ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුගත් යාලේගම යන මහත්වරුන් ඇතුළු අදාළ රාජ්‍ය  නිලධාරීන්  මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved