Connect with us

Uncategorized

පුංචි ඡන්දයට නමදුන් 300ක් රට, 20ක් මැරිලා!

Published

on

පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන් 300කට ආසන්න පිරිසක් ආර්ථික ගැටලු හේතුවෙන් විදේශගතව ඇතැයි වාර්තා වේ.

එසේම නාම යෝජනා දුන් අපේක්ෂකයන් විස්සකට ආසන්න පිරිසක් මියගොස් සිටින බවද පැවසේ.

මීට අමතරව අපේක්ෂකයන් පන්සියයකට ආසන්න පිරිසක් විවිධ හේතු මත පසුකාලීනව පක්ෂ මාරු කර ඇති බව ද දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර, පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා දුන් පුද්ගලයන් පිළිබඳ විස්තර සොයා බැලීමට ඉදිරි කාලයේදී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා මාධ්‍යට පවසා ඇත.

පළාත් පාලන ඇතිවරණයට අදාළව නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු අපේක්ෂකයන් සම්බන්ධයෙන් එසේ පුළුල් සොයා බැලීමක් කරන බවද ඔහු පවසා ඇත.

ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ඒ ඒ දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව බලාපොරොත්තු සිටින බවද වාර්තා වේ.

මේ කරුණු කාරණා හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ප්‍රායෝගික ගැටලු රැසක් මතුව ඇතැයි මැතිවරණ නිලධාරීහු පෙන්වා දී ඇති බවද පැවසේ.

පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබූ අතර, ඒ සඳහා අපේක්ෂකයෝ 80,672 දෙනෙක් ඉදිරිපත්වී තිබිණි.

Uncategorized

රංජන්ගේ මැම්බර් | 2025.01.12

Published

on

By

Continue Reading

Uncategorized

මහින්දානන්දගේ චණ්ඩි දේශපාලනය ඉවරයි

Published

on

By

කසළ ගොඩක් වී ඇති පාර්ලිමේන්තුව මහ මැතිවරණයේදී පවිත්‍ර කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ගම්පොළ – කුරුදුවත්ත ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජාතික ජන බලවේගය සංවිධාන කළ ජන හමුවක් ගම්පොළ – කුරුඳුවත්ත ප්‍රදේශයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය කියා සිටියේ,

“මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී එක එක කතා කිය කිය ගියා. පුලුවන් නම් 200ක් එකතු කරලා පෙන්නන්න නාවලපිටියෙන් කියලා. කොහොමද අද? නාවලපිටියෙන් 200ක් එකතු කලා නෙවෙයි නාවලපිටිය අපි දින්නා. එයා දැනගන්න ඕනේ මේ පැත්ත බය කරගෙන මිනිස්සුන්ට තග් පාට් දාගෙන, චන්ඩි පාට් දාගෙන කරපු දේශපාලන සංස්තිය දැන් ඉවරයි. නොවැම්බර් 14 වෙනිදා අපි දියවන්නාව සුද්ද කරනවා.”

Continue Reading

Uncategorized

දහම් පාසල් ගුරුවරුන්ට දීමනාවක්

Published

on

By

දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

එය ලබන වසරේ සිට ක්‍රියාත්මක බව  කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ගුරුවරුන් සඳහා ‌මේ දක්වා ලබා දුන් නිල ඇඳුම් ලබා නොදෙන බව ද සඳහන්.

ඒ වෙනුවට රුපියල් 2,500ක නිල ඇඳුම් දීමනාවක් හිමි වනු ඇත.

බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සහ කතෝලික දහම් පාසල් ගුරුභවතුන් හට වාර්ෂික රුපියල් 7,500ක දීමනාවක ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved