Connect with us

Videos

චීනයට ළඟදිම අලුත් තානාපතිවරයෙක් – විදේශ කටයුතු රාජ්‍ය ඇමති (වීඩියෝ)

Published

on

By

මාස 7කට ආසන්න කාලයක් හිස්ව තිබූ චීනයේ ශ්‍රී ලංකා තානාපති ධූරය සඳහා ළඟදීම අයෙකු පත්කර යවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේය.

චීන තානාපතිවරයා ඇතුළු තවත් තානාපතිධූර අටක් සඳහා මෙම පත් කිරීම් සිදු කිරීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔස්ට්‍රියාවේ වියානා හි සිටි තානාපති මජිංත ජයසිංහ මහතා මෙසේ චීනයේ නව තානාපතිවරයා ලෙස පත් කර යැවෙන බව වාර්තා වේ.

චීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පසුගිය වසරේ අගෝස්තු 10 වැනිදා එම ධූරයෙන් ඉවත්වීමෙන් පසුව එම ධූරය මේ දක්වාම හිස්ව පවතී.

‍ඒ අනුව මේව විට එහි තානාපති ධූරය හිස්ව මාස 07කට ආසන්න කාලයක් ගතව තිබේ.

ජනපතිවරයා හා අගමැතිවරයා සිය චීන සංචාරයට එක්වූයේද අදාල පුරප්පාඩුව තිබියදීය.

මජිංත ජයසිංහ මහතා විදසේ සේවාවේ සිටින ඒ ශ්‍රේණියේ නිලධාරියකු වන අතර ඔහු චීනයේ ද රාජතාන්ත්‍රිකයකු ලෙස කටයුතු කර ඇති බව පැවසේ.
මේ අතර, පසුගියදා 

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා රාජතාන්ත්‍රික සේවය සදහා මෑතකදී පිටත්වයාමට නියමිත පිරිස හමුවී තිබූ අතර ඔවුන්‍ට X පනිවුඩයක් ඔස්සේ සුබ පැතුම්ද එක්කර තිබිණි.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ශ්‍රී ලංකා මිරර් කර්තෘ කැළුම් ශිවන්ත මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

Continue Reading

Videos

ඇමෙරිකානු තානාපතිනය මෙරට මුහුදු පතුලටත් යයි (වීඩියෝ)

Published

on

By

ඇමෙරිකානු තානාපති ජුලී චංග් මහත්මිය විසින් මෑතකදී ගොඩවාය මුහුදුබත් නෞකාව දැකගැනීමට සිදුකළ කිමිදුම් චාරිකාව සමුද්‍රීය ඉතිහාසය සහ සංස්කෘතික උරුමය සංරක්ෂණය සඳහා එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතරේ ඇති සහයෝගීතාවය ඉස්මතු කරයි.

කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය මධ්‍යම සංස්කෘතික අරමුදලේ සමුද්‍රීය පුරාවිද්‍යා ඒකකය සමග සහයෝගයෙන් ආසියා-ශාන්තිකර කලාපයේ හඳුනාගෙන ඇති පැරණිතම දියබත් නෞකාවක් වන ගොඩවාය දියබත් නෞකාව සංරක්ෂණය සහ ලේඛනගත කිරීම හරහා ශ්‍රී ලංකාවේ පොහොසත් සමුද්‍රීය ඉතිහාසය සුරැකීම සඳහා ඉතා වැදගත් පියවරක් ගෙන තිබේ. 

සංස්කෘතික සංරක්ෂණය සඳහා වන ඇමෙරිකානු තානාපති අරමුදලෙන් මුදල් ලබමින් ක්‍රියාත්මක වන මෙම මුලපිරීම සංස්කෘතික සංරක්ෂණය සහ පුරාවිද්‍යා පර්යේෂණ සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති දීර්ඝ කාලීන සහයෝගීතාවය අවධාරණය කරයි. 

ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති ජුලී චංග් මහත්මිය, එම තානාපති කාර්යාලයේ මහජන සබඳතා පිළිබඳ උපදේශක හයිඩි හටෙන්බාක් මහත්මිය සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සමුද්‍රීය පුරාවිද්‍යා ඒකකයේ ජ්‍යේෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී රසික මුතුකුමාරණ මහතා සමගින් හම්බන්තොට වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති මෙම ඉපැරණි ගොඩවාය දියබත් නෞකාව දැකබලාගැනීම පිණිස කිමිදුම් චාරිකාවක නිරත වූවාය. 

මෙම චාරිකාව, ක්‍රි.පූ. 2වන සියවසට අයත් මෙම දියබත් වූ සංස්කෘතික වස්තූන් අධ්‍යනය කිරීමට සහ සංරක්ෂණය කිරීමට සංස්කෘතික සංරක්ෂණය සඳහා වන ඇමෙරිකානු තානාපති අරමුදලෙන් මුදල් ලබා 2022 දී දියත් කළ ව්‍යාපෘතිය ඇතුළත් ඒ පුළුල් ප්‍රයත්නයේ කොටසක් වේ. 
මේ කටයුත්තෙහි වැදගත්කම සහ ඒ සම්බන්ධයෙන් දැනුනු විස්මය පල කරමින් චංග් තානාපතිතුමිය, “මුහුදු මතුපිට සිට මීටර 33ක් ගැඹුරින් ඇති ගොඩවාය දියබත් නෞකාව මගේ දෑසින් ම දැකගන්නට ලැබීම අද්විතීය අත්දැකීමක් වූවා. එය, වැදගත් නාවික කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ තොරතුරු හෙළි කරනවා. ගෝලීය සමුද්‍ර වෙළඳාමේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික භූමිකාව පිළිබඳ අවබෝධය වැඩිදියුණු කරමින් අනාගත පරපුර සඳහා මෙරට පොහොසත් සංස්කෘතික උරුමය සුරැකීම සහතික කරන මෙම ප්‍රයත්නයට සහාය දැක්වීමට හැකිවීම ගැන එක්සත් ජනපදය ආඩම්බර වනවා.”
තානාපතිතුමිය පළ කළ අදහස්වලට තවත් එක් කරමින්, ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මහජන සබඳතා පිළිබඳ උපදේශක හයිඩි හටෙන්බාක් මහත්මිය මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී වටිනාකම මෙසේ අවධාරණය කළාය, “ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ඉතිහාසයේ වැදගත් මාවතක ගැඹුරට කිමිදීමට දක්ෂ ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන්ට සහ පර්යේෂකයන්ට සහාය වූ හවුල්කාරිත්වයක් වන මෙම වැදගත් අධ්‍යයනය සහ සංරක්ෂණය සඳහා සමුද්‍රීය පුරාවිද්‍යා ඒකකය සමඟ හවුල් වීමට ලැබීම අපට ගෞරවයක්. ඉදිරි මාස කිහිපය තුළ, ඔවුන්ගේ කැපවීම හා උත්සාහයන් අනාගත පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සහ සංරක්ෂණ මුලපිරීම් සඳහා මග පාදමින් ශ්‍රී ලංකාවේ දිය යට සංස්කෘතික උරුමය පිළිබඳ අවබෝධය සහ ප්‍රවේශ්‍යතාව තවත් වැඩි කරාවි.” 

ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී රසික මුතුකුමාරණ මහතා ව්‍යාපෘතියේ තාක්ෂණික අංශ සහ ගැඹුර ගැන මෙනෙහි කරමින් වැඩිදුරටත් පැවසුවේ, “ගොඩවාය දියබත් නෞකාවේ කැණීම් ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකිවීම අපට ගෞරවයක්. අපගේ ගවේෂණ සිදුකරන්නට වූ ගැඹුර සෑහෙන අභියෝග ඉදිරිපත් කළත්, සත්‍ය හෙළිදරව් කිරීම සහ පුරාණ සමුද්‍ර මාර්ග සහ වෙළඳ භාවිතයන් පිළිබඳ ඉතිහාසය සුරැකීමට අපේ වූ පොදු කැපවීම අපගේ කණ්ඩායම් අතර ශක්තිමත් බැඳීමක් ඇති කළා. මේ හවුල්කාරිත්වය අනාගත සංස්කෘතික සංරක්ෂණ කටයුතු සඳහා ආදර්ශයක්.”

ගාල්ලේ පිහිටා ඇති සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය (MAU) ශ්‍රී ලංකාවේ දිය යට සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම සහ ගවේෂණය කිරීම, පුළුල් පර්යේෂණ පැවැත්වීම සහ උසස් සංරක්ෂණ ක්‍රමවේද භාවිතය සඳහා කැපවී සිටී. ඉන්දියානු සාගරයේ පැරණිතම දියබත් වූ නෞකාවක් වන ගොඩවාය දියබත් නෞකාව යනු, දැනට MAU ක්‍රියාත්මක කරන වඩාත් වැදගත් ව්‍යාපෘතිවලින් එකකි. මූලික පර්යේෂණ ප්‍රයත්නයන් මගින් වටිනා තොරතුරු රාශියක් හෙළිදරව් කර ගෙන ඇති අතර, මෙම නෞකාවේ විවිධ භාණ්ඩ ප්‍රවාහනය කර ඇති බවත්, නිමි ඇඹරුම් ගල් සහ පිඟන් මැටි බඳුන් සමඟ යකඩ සහ වීදුරු කුට්ටි යනාදිය ඊට ඇතුළත් වී තිබේ. සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපති අරමුදලේ අනුග්‍රහය හරහා, සුන්බුන්වලින් මතුකරගත් මැටි පිඟන් භාණ්ඩවල සිට ලෝහමය වස්තූන් සහ සියුම් කානේලියන් පබළු දක්වා වූ පුරාවස්තු 200කට ආසන්න ප්‍රමාණයක් සුරැකීමට MAU සමත් වී ඇත. ඇමෙරිකානු අරමුදල් පුරාවිද්‍යා ස්ථානය සැකසීමේ ආරම්භක අදියර සඳහා පහසුකම් සැලසීමට සහ විස්තීරණ අඩවි සමීක්ෂණ සඳහා ත්‍රිමාණ ආකෘති (3D) නිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කිරීමට ඒකකයට ඉඩ සලසා දී තිබේ. ව්‍යාපෘතියේ ප්‍රගතියත් සමඟ, ශ්‍රී ලංකාවේ සමුද්‍ර පුරාවිද්‍යා සහ සංස්කෘතික සංරක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකරන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම දියබත් නෞකාව සහිත සමස්ථ ස්ථානයේම සම්පූර්ණ ත්‍රිමාණ ආකෘතියක් සංවර්ධනය කිරීමට MAU කටයුතු කරමින් සිටී. නෞකාවෙන් ඉවත් කරන ලද පුරාවස්තු අවසානයේ ශ්‍රී ලාංකිකයින්ට සහ සංචාරකයින්ට පැමිණ නැරඹීමට සහ රටේ පොහොසත් ඉතිහාසය පිළිබඳ ඉගෙන ගැනීමට හැකි වන අන්දමින් සමුද්‍ර ඉතිහාස කෞතුකාගාරයේ තැන්පත් කෙරේ. මෙම කිමිදුම් ස්ථානය අවට පාසල් සහ සිසුන්ට ගොඩවාය ව්‍යාපෘතියෙන් ඉගෙනීමට අවස්ථාවන් ගෙන දෙන අධ්‍යාපන වැඩසටහනක් සඳහා ද AFCP විසින් අරමුදල් සපයනු ඇත. 

සංස්කෘතික සංරක්ෂණය සඳහා වන තානාපති අරමුදල (AFCP) පිළිබඳව: AFCP ප්‍රදාන වැඩසටහන සිවිල් සමාජය ශක්තිමත් කරන, ආර්ථික වර්ධනයට සහ සංස්කෘතික විවිධත්වයට ගරු කරන වැඩසටහන් හරහා ලොව පුරා සිටින ප්‍රජාවන්ට ඔවුන්ගේ සංස්කෘතික උරුමයන් සුරැකීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාර කරන වැඩසටහනකි. AFCP ප්‍රදානයන් පුරාවිද්‍යාත්මක ස්ථාන, ඓතිහාසික ගොඩනැගිලි සහ ස්මාරක, කෞතුකාගාර එකතු සහ දේශීය භාෂා සහ සංගීතය සහ ශිල්ප වැනි සම්ප්‍රදායික සංස්කෘතික ප්‍රකාශන ආකෘති සංරක්ෂණයට සහාය වේ. සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපති අරමුදල 2001 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 15ක් සඳහා අරමුදල් සපයා ඇති අතර, එසේ ලබාදුන් ආධාර මුදල්වල එකතුව ඇ.ඩොලර් මිලියන 1.3 ක් වේ. අනුරාධපුර ලෝක උරුම අඩවියේ ඇති බටහිර ආරාම පිළිබඳ ලේඛනගත කිරීම, රජගල බෞද්ධ වන ආරණ්‍යය සංරක්ෂණය කිරීම, අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඇති බෞද්ධ, හින්දු සහ අනෙකුත් එකතූන් සංරක්ෂණය කිරීම සහ මඩකලපුවේ ලන්දේසි බලකොටුව ප්‍රතිසංස්කරණය, ආදිවාසි, දෙමළ සහ බෞද්ධ ප්‍රජාවන්ගේ චාරිත්‍රානුකූල නර්තන සහ ගායන රටා සංරක්ෂණය කිරීම, සහ මහනුවර පිහිටි 17 වන සියවසට අයත් රජවාසල සංරක්ෂණය කිරීම ඊට ඇතුළත් ය.

Continue Reading

Videos

ශ්‍රී ලංකාව හා චීනය අතර නව ගිවිසුම් 9කට අත්සන් තැබෙයි

Published

on

By

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ චීන සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාව හා චීනය අතර නව ගිවිසුම් 9ක‍ට ඊයේ (26) අත්සන් තැබීය.

චීන අග්‍රාමාත්‍ය ලී චියාංග් (Li Qiang) සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ ගිවිසුම් සඳහා අත්සන් තැබීම සිදු කෙරුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ගිවිසුම් සඳහා අත්සන් තැබූ අතර චීනය වෙනුවෙන් අමාත්‍යංශ 9ක ලේකම්වරුන් අත්සන් කළේය.

මේ අතර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ෂාඕ ලෙජි (Zhao Leji) මහතා අතර හමුවක් ද බීජිංහිදී සිදුවිය.

එම හමුවේදී  ෂාඕ මහතා, පැවසුවේ වසර 67 කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට, ජාත්‍යන්තර භූ දර්ශනයේ වෙනස්කම් නොසලකා චීන-ශ්‍රී ලංකා සබඳතා හොඳ සහ ස්ථාවර සංවර්ධනයක් භුක්ති විඳිමින් සිටින බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved