Connect with us

විදෙස්

අමෙරිකාවේ කවුරු ජනපති වුනත් ඉන්දියාවට වෙනසක් නැහැ

Published

on

ලබන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනපතිවරණයෙන් කවුරුන් තේරී පත් වූවත්, ඕනෑම අයෙකු සමඟ වැඩ කිරීමට ඉන්දියාවට හැකි බව ඉන්දීය විදේශ ඇමති එස් ජයිශංකර් මහතා පවසයි.

ඉන්දීය ඩයස්පෝරාවේ ලෝක බලපැම සම්බන්ධයෙන් නවදිල්ලි නුවරදී අදහස් දක්වමින් ඉන්දීය විදේශ ඇමතිවරයා මෙම අදහස් පළ කර ඇති බව සඳහන්ය.

මෙවර අමරිකානු ජනපතිවරණයට ඉන්දීය සම්භවයක් සහිත කමලා හැරිස් ඉදිරිපත්ව සිටියත් ජයග්‍රාහකයා කටයුතු කරන්නේ, අමෙරිකානු විදෙස් ප්‍රතිපත්තියට අදාළව බව ඔහු එහිදී අවධාරණය කර ඇත.

එම නිසා විදෙස් රටවල ජනපතිවරණ පිළිබඳ අදහස් දැක්වීමට ඉන්දියාවට හැකියාවක් නැතත්, යුක්‍රේන රුසියා යුද්ධය සහ ඊශ්‍රායලය පලස්තීන ගැටුම නිසා මුළු ලොවටම විශාල බලපෑමක් ඇතිව තිබෙන බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබේ.

විදෙස්

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩිතැබීමකින්  දෙනෙකු  මරුට

Published

on

By

අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යලයේ එරට වේලාවෙන් ඊයේ (17) දහවල් සිදු වූ වෙඩිතැබිමකින් පුද්ගලයින් 02ක් මියගොස් තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, වෙඩික්කරුද පොලිස් වෙඩිපහරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවය.

වෙඩිතැබීමට යොදාගත් ගිනිඅවියද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, සැකකරුද එම විශ්වවිද්‍යාලයේ සිසුවෙකු බවට සැකකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ සිද්ධියෙන් පසු එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසාදැමීමට බලධාරින් පියවරගෙන තිබේ.

වෙඩිතැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය සඳහන් කරන්නේ, එම විශ්වවිද්‍යාලයේම සේවය කරන පොලිස් නිලධාරිනියකගේ පුත්‍රයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

ඔහු ඒ සඳහා සිය මවගේ පැරණි තුවක්කුවක් යොදාගෙන ඇති බව සඳහන්ය.

කෙසේ නමුත් සැකකරුගේ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Continue Reading

විදෙස්

ඊශ්‍රායලයේ නව සටන් විරාම යෝජනාව හමාස් ප්‍රතික්ෂේප කරයි

Published

on

By

ඊශ්‍රායලයේ නවතම සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

ඊශ්‍රායලය පවසා ඇත්තේ යුද්ධය අවසන් කර පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඉතිරි සියලු ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට වහාම සාකච්ඡා කිරීමට සූදානම් බවය.

ප්‍රාණ ඇපකරුවන් 59 දෙනෙකු හමාස් සංවිධානය භාරයේ සිටිය යුතු නමුත් ඔවුන් අතරින් ජිවත්ව සිටිනුයේ 24 දෙනෙකු පමණක් බවටයි විශ්වාස කරයි.

ඊශ්‍රායලයේ නවතම යෝජනාවට ප්‍රාණඇපකරුවන් දසදෙනෙකු නිදහස් කිරීම සඳහා දින 45ක සටන් විරාමයක් ඇතුලත් විය.

මෙම යෝජනා ප්‍රතික්ෂේප කරමින් හමාස් සංවිධානය පවසා ඇත්තේ ඊශ්‍රායල අගමැතිවරයාගේ න්‍යාය පත්‍රයට ගැති අර්ධ ගනුදෙනු පිළිගන්නේ නැති බවය.

Continue Reading

විදෙස්

ඇමෙරිකාවේ Shein – Temu භාණ්ඩ මිල ඉහළට

Published

on

By

ලබන සතියේ සිට සිය භාණ්ඩ මිල ගණන් වැඩි වන බවට ලොව පුරා අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමේ සිදු කරන චීන සමාගම් දෙකක් වන Shein සහ Temu විසින් ඇමෙරිකානු පාරිභෝගිකයන් හට අනතුරු අඟවා ඇත.

චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා දැඩි තීරුබදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබුණි.

නිවේදන නිකුත් කරමින් මෙම සමාගම් පවසා ඇත්තේ ගෝලීය වෙළඳ නීති හා තීරු බදු වල පසුගියදා ඇති වූ වෙනස්කම් හේතුවෙන් අප්‍රේල් 25දා සිට සිය භාණ්ඩ වල මිල සංශෝධන ඇතිවනු ඇති බවයි.

අතිශය අඩු මිල ගණන් හේතුවෙන් Shein සහ Temu හි භාණ්ඩ අලෙවිය ලොව පුරා වඩාත් ප්‍රචලිත වී ඇති අතර මෙරට ද විශාල පිරිසක් එම යෙදවුම් හරහා භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved