Connect with us

විදෙස්

ඉන්දියාවේ වෛද්‍යවරු වර්ජනයක්

Published

on

ඉන්දියාවේ කොල්කටා රෝහලක වෛද්‍ය පුහුණුව ලබමින් සිටි වෛද්‍ය සිසුවියක  දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් එරට වෛද්‍යවරු පැය 24ක රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඉන්දියාවේ විශාලතම වෛද්‍යවරුන් කණ්ඩායම වන ඉන්දියානු වෛද්‍ය සංගමය (IMA) පවසා ඇත්තේ රට පුරා පවතින අත්‍යාවශ්‍ය  සේවා ක්‍රියාත්මක නොවන සියලුම රෝහල් අද (17) දිනයේ වසා දමන බවයි.

කාන්තාවන් සඳහා සුරක්ෂිත පරිසරයක් නොමැතිකම හේතුවෙන් මෙවැනි ම්ලේච්ඡ අපරාධයක් සිදුව ඇති බවත් මෙම අසාධාරණයට යුක්තිය ඉල්ලීමේ සටනට සහය දක්වන ලෙස ඉන්දියාවේම ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්  ඉන්දියානු වෛද්‍ය සංගමය පවසා තිබේ.

පුවත්

ලෙබනනයේ පේජර්වලින් පසුව වෝකි ටෝකිත් පුපුරයි!

Published

on

By

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑම හේතුවෙන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්ව, 450 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

‘වෝකි-ටෝකි’ පුපුරා යෑමට පටන් ගත්තේ, හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට භාවිත කරන ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් පැය කීපයකට පසුවය.

එම ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

කුඩා දරුවන් දෙදෙනකු ද ඒ අතර සිටින බව වාර්තා වේ. 

‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් තුවාල ලැබූ ගණන 3,000 ක් බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය කියයි.

Continue Reading

විදෙස්

බෙබින්කා සුළි කුණාටුවෙන් ෂැංහායි වලට දැඩි බලපෑම්

Published

on

By

බෙබින්කා සුළි කුණාටුව සැප්තැම්බර් 16 වැනිදා චීනයේ ෂැංහායි කලාපයට හා ජ(ර්)ජියැං (Je-jiang) පළාතට ඇතුළු වී ඇතැයි වාර්තා වේ.

මෙය, 1949න් පසුව ෂැංහායි කලාපයට බලපෑ දරුණුම සුළි කුණාටුව ලෙස සැලකේ.

බෙබින්කා සුළි කුණාටුව හේතුවෙන් ෂැංහායි තුළ ගුවන් ගමන් මෙන්ම දුම්රිය හා බස් ගමන්වාර රැසක්ද අවලංගු කර ඇති අතර, මුදවාගැනීමේ කණ්ඩායම් සීරුවෙන් තබා ඇත.

තවද, ෂැංහායි වැසියන් 414,000ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

මේ අතර, ජ(ර්)ජියැං පළාතේ වෙරළබඩ කළාපයෙන්ද තද සුළං හා වැසි වාර්තා වේ.

Continue Reading

විදෙස්

ට්‍රම්ප් ඝාතන කිරීමේ තැතක් ව්‍යර්ථ වෙයි

Published

on

By

අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනා මත සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටියදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමට සැකකරු උත්සහ දරා ඇති බවයි.

රයිෆලයක් අතැතිව සැඟව සිටි සැකකරුට ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමග ඔහු පළාගොස් තිබේ.

අනතුරුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

පසුගිය ජූලි මාසයේ පෙන්සිල්වේනියාවේ පැවති දේශපාලන රැළියක් අතරතුරදී ද ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්විය.

මෙලෙස දෙවැනි වරටත් ඔහු ඝාතනය කිරීමට තැත් කර ඇත්තේ, ඉරානය ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට අමෙරිකානු බුද්ධි අංශ අනතුරු අඟවා ඇති පසුබිමකදීයි.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉන් කිසිදු හානියක් සිදුව නැත.

සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වන්නැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved