Connect with us

විදෙස්

ඉම්රාන්ට ඇප නියම වෙයි

Published

on

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් හා හිටපු විදේශ කටයුතු ඇමති – ශාහ් මහ්මුද් කුරෙෂි දෙදෙනාව ලක්ෂ 10 ක් බැගින් වූ ඇප බැඳුම්කරයක් මත නිදහස් කිරීමට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) නියෝග කළේය.

ඛාන් මහතා විසින් රාජ්‍යතාන්ත්‍රික ලියවිල්ලක් යළි භාර නොදීම් සම්බන්ධයෙන් එරට ෆෙඩරල් පරීක්ෂණ ඒජන්සිය (FIA) විසින් එල්ල කළ චෝදනාවක් සම්බන්ධයෙන් මෙම නඩුව පැවැත්වුණි.

සර්දාර් තරික් මසූඩ්, අතාර් මිනාල්ලා සහ සයිඩ් මන්සූර් අලි ෂා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය ගොනු කරනු ලැබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ එම විනිසුරුවරුන් විසින් මෙම නියෝගය නිකුත් කළේය.

නඩුවට ඇප නියම වුවත් ඔහු අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී වෙනත් රටවල රාජ තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වරදකරු වී වසර 3 ක සිර දඬුවමක් නියම වී සිටින නිසාත් තවත් චෝදනා ගණනාවකට ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් වී තිබීම නිසාත් ඉම්රාන් ඛාන් නිදහස් වන දිනයක් ප්‍රකාශ කර නොහැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

විදෙස්

SAMSUNG උප සභාපති අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

SAMSUNG සමාගමේ උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී  Han Jong-Hee මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මිය යන විට 63 හැවිරිදි වියේ පසු විය

Continue Reading

විදෙස්

හීත්‍රෝ ගුවන්තොටුපල යළි වැඩ අරඹයි

Published

on

By

ගින්නක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් යළිත් ආරම්භ කර තිබේ.

එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21) දවස පුරා මෙහි බහුතර ගුවන්ගමන් අත්හිටුවීමට එහි පරිපාලනය කටයුතු කර තිබුණි.

මේ හේතුවෙන් මගීන් 200,000කට පමණ බලපෑමක් සිදුවූ බව විදෙස් වාර්තා වල දැක්වේ.

එංගලන්තයේ ප්‍රධානම මෙන්ම විශාලම ගුවන්තොටුපොලේ මෙහෙයුම් අද දිනයේදී සම්පූර්ණ යථා ත්ත්වයට පත්වීමට නියමිතයි.

Continue Reading

විදෙස්

පැරණි සොහොනක් නිසා ඉන්දියාවේ ආගමික ගැටුමක්

Published

on

By


17 වන සියවසේ ඉදිකළ සොහොනක් මුල් කර ගනිමින් ඉන්දියාවේ ආගමික ගැටුමක් නිර්මාණය වී තිබේ.

ඒ, බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් නගරයේය.

ගැටුම් උණුසුම්වීමත් සමග දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීමටයි බලධාරීන් තීරණය කර ඇත.

මෙම ගැටුම්වලට මූලික වී ඇත්තේ වසර 300 කට වැඩි කාලයකට පෙර මිය ගිය මුස්ලිම් මෝගල් පාලකයෙකු වූ ඕරංසෙබ්ගේ සොහොන කඩා දැමීමට ඉල්ලා හින්දු ජාතිකවාදී කණ්ඩායම් විසින් විරෝධතාවයක් ආරම්භ කිරීමය.

ඒ අතරතුර ඊයේ දිනයේ හින්දු සහ මුස්ලිම් කණ්ඩායම් අතර ගැටුම් ආරම්භ වී තිබේ.

ප්‍රචණ්ඩත්වය අතරතුර අවම වශයෙන් පොලිස් නිලධාරීන් 34 දෙනෙකු සහ තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිවාස සහ වාහනවලටද හානි සිදුවී ඇති අතර මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඖරංසෙබ්ගේ සොහොන නාග්පූර් සිට කිලෝමීටර් 500ක් පමණ දුරින් පිහිටි නගරයක පිහිටා ඇත.

මෙම නගරය කලින් හැඳින්වූයේ මෝගල් පාලකයා නමිනි. 17 වන සියවසේ ඔහුගේ පාලන සමයේදී හින්දු භක්තිකයන්ට හිංසා පීඩා කළ බවට චෝදනා කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved