Connect with us

විදෙස්

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

Published

on

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව විභාග වන නඩුවකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණි අවස්ථාවේ එරට ආරක්ෂක අංශ විසින් අද (09) ඔහුව අත් අඩංගුවට ගනු ලැබ ඇත.

තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය ඉම්රාන් ඛාන් අත් අඩංව ගුවට ගැනීම තහවුරු කර ඇති අතර පාකිස්තාන ආරක්ෂක අංශ ඔහුව ප්‍රචණ්ඩකාරී ලෙස එම ස්ථානයෙන් රැගෙන ගිය බවත් ඔහු රැගෙන යනු ලැබුවේ හඳුනා නොගත් ස්ථානයකට බවත් එම පක්ෂය චෝදනා කර ඇත.

නඩු විභාගය ආරම්භ වීමට ප්‍රථම ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගත් බවත් අත් අඩංගුවට ගැනීම නීති විරෝධී ලෙස සිදු කළ බවත් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය චෝදනා කර තිබේ.

ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමේදී එය ප්‍රචණ්ඩ ලෙස සිදු නොවුණු බවත්  එල්ල වී ඇති දුෂණ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගත් බවත් පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා ප්‍රකාශ කර ඇත.

ඉම්රාන් ඛාන්ට එරෙහිව චෝදනා 85 කට ආසන්න සංඛ්‍යාවක් එල්ල වී ඇති බවත් ටොක්ශානා සිද්ධිය ඉන් එක් චෝදනාවක් බවත් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය පවසා තිබේ.

ටොක්ශානා සිද්ධිය යනු ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා ලෙස ධුර දරමින් සිටියදී රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු ත්‍යාග     ටොක්ශානා හි තැන්පත් නොකර ඔහු තබා ගත් බවට එල්ල වී ඇති චෝදනාවයි.පාකිස්තාන නීතියට අනුව විදේශ රාජ්‍ය නායකයන්ගෙන් පාකිස්තාන නායකයන්ට ලැබෙන ත්‍යාග ටොක්ශානා නම් භාණ්ඩාගාරයෙ හි තැන්පත් කළ යුතු අතර එසේ නොකරන්නේ නම් එහි වටිනාකම ටොක්ශානා වෙත ගෙවිය යුතු වේ.

අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුවක් ඉදිරිපත් කරන ඕනෑම අවස්ථාවක තමන් නිහඬව අත් අඩංගුවට පත් වීමට සුදානම් බවත් තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් බල ඇණියක් අවශ්‍ය නොවන බවත් ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණීමට ප්‍රථම ඉම්රාන් ඛාන් වීඩියෝ පණිවිඩයක් පටිගත කරමින් පවසා ඇත.

ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට විරෝධතා දක්වන්නන් සියලු දෙනා අත් අඩංගුවට ගන්නා බව ඉස්ලාමාබාද් පොලිස් කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.

ඉම්රාන් ඛාන්ව දූෂණ විරෝධී විනිශ්චය සභාවක් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහුව අත් අඩංගුවට ගනු ලැබුවේ ඇප ලබා නොගත් වරෙන්තුවක් තිබීම නිසා බවත් එරට ආරක්ෂක අංශ පෙන්වා දී ඇත.

(ලංකාදීප)

විදෙස්

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කරයි

Published

on

By

ඊශ්‍රායල විසින් ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර දැඩි කර තිබේ.

ඒ අනුව අද අලු‍යම සිට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායලයේ අඛණ්ඩ මෙහෙයුම් හමුවේ ගාසාහි විශාලම රෝහල්වල කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ප්‍රතිකාර කටයුතු අඩාල වී රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බව ද සඳහන්ය.

Continue Reading

විදෙස්

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූතී කැරළිකරුවන්ගෙන් ප්‍රහාර

Published

on

By

රතු මුහුදේ යාත්‍රා කළ තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූතී කැරළිකරුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

හූති කැරළිකරුවන් රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මෙම සතිය තුළ එල්ල කළ දෙවන ප්‍රහාරය ⁣මෙය වේ.

ප්‍රහාරයෙන් අනතුරුව නෞකාව මුහුදුබත් වී ඇති අතර ඉන්  කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු  දිවි බේරාගෙන තිබේ.

ඉන් කිහිපදෙනෙකු හූතී කැරළිකරුවන් විසින් පැහරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලයිබීරියානු ධජය සහිත ග්‍රීක එටර්නිටි සී නෞකාවට ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ කාර්ය මණ්ඩලය සාමාජිකයින් 25 දෙනෙකු එහි සිට ඇතැයි සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නෞකාව මුහුදුබත් වීමෙන් කාර්ය මණ්ඩල සාමජිකයින් 15 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවයි.

අදාල නෞකාව ඊශ්‍රායලය බලා යාත්‍රා කිරිම හේතුවෙන් ප්‍රහාර එල්ල කළ බව හුති කැරළිකරුවන් පවසා තිබේ.

Continue Reading

විදෙස්

නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නමත්

Published

on

By

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබේ.

ධවල මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර, නෙතන්යාහු මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මැද පෙරදිග කලාපයේ සාමය සහ ආරක්ෂාව ඇති කිරීම වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දරන උත්සාහය වෙනුවෙන් ඔහුගේ නම මෙලෙස යෝජනා කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved