Connect with us

විදෙස්

ඊශ්‍රායලය – හමාස් සටන්විරාමය දීර්ඝ කිරීමේ තීරණයක

Published

on

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පවතින සටන්විරාම කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ගාසා තීරයේ පවතින සටන්විරාම කාලය පෙබරවාරි මස 18වනදා දක්වා දීර්ඝ කර ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත.

මාස 15 කට ආසන්න කාලයක් පැවති යුදමය වාතාවරණය නිමාවට පත් කරමින් ගාසා තීරයේ පසුගිය 19වනදා සටන්විරාම කාලසීමාව ආරම්භ විය.

කෙසේවෙතත් සති හතරක පමණ කාලයක් දක්වා සටන්විරාමය පැවැත්වීමට තීරණය කර තිබු අතර එය තවදුරටත් දීර්ඝ කිරීමට අදාළ පාර්ශව කැමැත්ත පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

විදෙස්

ආර්ජන්ටිනා ජනපතිට  දූෂණ චෝදනා

Published

on

By

ආර්ජන්ටිනා ජනාධිපති Javier Milei සමාජ මාධ්‍ය භාවිතා කරමින් ක්‍රිප්ටෝ කරන්සි ප්‍රවර්ධනය කළ බවට දූෂණ චෝදනා එල්ල වී තිබෙන බව වාර්තා වේ. ඒ හේතුවෙන් ජනාධිපතිවරයා වංචාවකට සම්බන්ධ බව විපක්ෂය චෝදනා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් සඳහන් කරන්නේ, ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරන බවයි එමෙන්ම ජනාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව ද විපක්ෂය පවසයි.

නීතිඥවරුන් කණ්ඩායමක් කටයුතු කර ඇත්තේ, ජනාධිපතිවරයාට එරෙහිව එරට අපරාධ අධිකරණයේ චෝදනා ගොනුකිරීමටයි.

Continue Reading

පුවත්

කැනඩාවේ ගුවන් යානයක් පෙරලී 18කට තුවාල වෙයි!

Published

on

By

කැනඩාවේදී ගුවන් යානයක් පෙරළී සිදුවූ අනතුරක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු රැගත් ගුවන් යානය ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබස්වන අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව එම වාර්තාවල දැක්වේ.

අනතුරින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තුන් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව කැනේඩියානු බලධාරීන් පවසයි.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ, අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සිට පැමිණි ඩෙල්ටා ගුවන් ගමන් සමාගමට අයත් යානයකි.

අනතුරින් පසු යානය ගිනි ගැනීමකට ලක්ව ඇති නමුත්, ගිනි නිවන භටයින් වහාම එය නිවා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.

ගුවන් යානය සම්පුර්ණයෙන් උඩු යටිකුරු කරමින් සිදුව ඇති එම අනතුරින් පසු පැය දෙකක පමණ කාලයක් ගුවන්තොටුපොළ වසා තැබීමට බලධාරීන් කටයුතු කර තිබේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ගුවන්තොටුපොළ අවට දැඩි සුළං සහ හිම පතනයක් වාර්තා වන බව විදෙස් වාර්තාවල සඳහන් විය.

Continue Reading

පුවත්

නවදිල්ලි දුම්රියපලේ තෙරපී 18ක් මරු දකියි!

Published

on

By

ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.

සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රයාග්‍රාජ් හී මහා කුම්භමේලා උත්සවය සඳහා දුම්රියවලට නැගීමට උත්සාහ කළ මගීන්ගේ හදිසි තදබදය මීට හේතුව බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved