Connect with us

විදෙස්

කතුරක් ජපාන ගුවන් ගමන් 36ක් අවලංගු කරයි 

Published

on

ජපානයේ Hokkaido හි New Chitose ගුවන් තොටුපළේ කතුරක් අතුරුදන් වීම හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීමක් පිළිබඳ පුවතක් වාර්තා වේ.

සති අන්තයේදී ජපාන New Chitose ගුවන් තොටුපලේ බෝඩිං ගේට්ටුව අසල ගබඩාවක තිබූ කතුරක් මෙලෙස අතුරුදහන් වීම නිසා ගුවන් ගමන් තිස් හයක් අවලංගු කර තිබෙන බවට විදෙස් වාර්තා පවසයි.

මේ හේතුවෙන් ප්‍රමාද වූ ගුවන් ගමන් ගණන 201ක් බවයි පැවසේ

ඒ අනුව ගුවන් තොටුපළේ අභ්‍යන්තර පර්යන්තයේ ආරක්‍ෂක පරීක්‍ෂණ සෙනසුරාදා උදෑසන පැය දෙකක පමණ කාලයක් අත්හිටුවා තිබේ.

අතුරුදන්වූ කතුර සොයා පිටත්වීමේ විවේකාගාරයේ සිටි මගීන්ගේ ආරක්ෂක පරීක්ෂාවන් නැවත සිදු කිරීමේදී විශාල අවහිරතා සහ පෝලිම් ඇතිව තිබු බව විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කරයි.

නමුත් එම අතුරුදහන් වූ කතුර නැවත සොයා ගෙන ඇත්තේ ඊට පසුදිනය.

ගුවන්තොටුපළ නිවේදනය නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ මෙම සිදුවිම පැහැර ගැනීම් හෝ ත්‍රස්තවාදයට සම්බන්ධ විය හැකි සිදුවීමක් විය හැකි බැවින් කළමනාකාරිත්වය දැනුවත් කිරීම සහතික කිරීමට කටයුතු කළ බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව ගුවන් තොටුපළේ ප්‍රතිචාරය පැසසුමට ලක් කර ඇති අතර, කිහිප දෙනෙකු පවසා ඇත්තේ, එම ක්‍රියාව ජපාන ගුවන් ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය යළිත් තහවුරු කළ බවයි.

විදෙස්

දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට

Published

on

By

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, විමර්ශන නිලධාරීන් මෙම මස මුලදී ඔහු අත්අඩංගුවට ගැනීමට ගත් පළමු උත්සහයද අසාර්ථක වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

දකුණු කොරියානු ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන නඩුව ඊයේ (14) කැඳවූ අවස්ථාවේදී අධිකරණය මඟින් ඔහුගේ වරෙන්තුව දීර්ඝ කිරීම පියවර ගෙන තිබුණි.

දෙසැම්බර් මාසයේදී යුද නීතිය පැනවීම, රට තුළ කැරැල්ලක් ඇතිකිරීමට උත්සාහ කිරීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබේ.

දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට ජනතාව රැස්වී ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුකළ බාධා නොතකමින් මෙම අත්අඩංගුවට ගැනිමට සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Continue Reading

විදෙස්

වසර 160,000කට පසු දිස්වන “ඇට්ලස්”

Published

on

By

ඉදිරි දින කිහිපය තුළ වසර 160,000කට පසු පළමු වරට ලොව පුරා අහසේ දීප්තිමත් වල්ගා තරුවක් දැකගත හැකි බව තාරකා විද්‍යාඥයින් පවසයි.

බීබීසී පුවත් සේවය වාර්තා කළේ 2025 මෙම මාසයෙන් පසුව තවත් කෙතරම් කාලයකින් අනතුරුව මෙවැනි වල්ගා තරුවක දිස්වීමක් ගැන පුරෝකථනය කිරීම අසීරු බවට නාසා ආයතනය ප්‍රකාශ කර ඇති බවය.

මෙම වල්ගා තරුව C/2024 G3 (ඇට්ලස්) නමින් නම්කර තිබේ.

මෙය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට පහසු තරම් දීප්තිමත්ව රාත්‍රී අහසේ දිස්වන බව වාර්තා වේ.

මෙම වල්ගා තරුව ඊයේ (13) දින රාත්‍රියේ දී සූර්යයාට සමීපතම ස්ථානය වන පරිහේලියන් හි ස්ථානගත විය.

එය ලොව පුරා වැසියන්ට නිරීක්ෂණය වන බව විද්‍යාඥයින් සඳහන් කරයි.

මෙම වල්ගා තරුව සිකුරු ග්‍රහලෝකය මෙන් දැඩි දීප්තියකින් යුක්ත වේ.

එය දකුණු අර්ධ ගෝල වැසියන්ට වඩාත් හොඳින් නිරීක්ෂණය වන බව සඳහන්ය.

ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ තාරකා අංශු භෞතික විද්‍යාව සහ විශ්වවිද්‍යාව පිළිබඳ පර්යේෂක ආචාර්ය ශ්‍යාම් බාලාජි පැවසුවේ “වත්මන් කක්ෂීය ගණනය කිරීම්වලට අනුව එය සූර්යයාගේ සිට සැතපුම් මිලියන 8.3ක් පමණ ගමන් කරන බවත්, එය “හිරු- ස්කිර්ටිං” වල්ගා තරුවක් ලෙස වර්ගීකරණය කරන බවය.

උතුරු අර්ධගෝලයේ රාජ්‍යයන් වන එක්සත් රාජධානිය ඇතුළු රටවල්වලට මෙය සමීපව නිරීක්ෂණයට ද හැකි වේ.

Continue Reading

විදෙස්

පතලක් තුළ සිරවීමෙන් 100ක් මරුට

Published

on

By

දකුණු අප්‍රිකාවේ පතලක සිරවීමෙන් මියගිය සංඛ්‍යාව 100 දක්වා  ඉහළ ගොස් තිබේ.

මියගොස් ඇති පිරිස නීතිවිරෝධි පතල් කම්කරුවන් බවයි විදෙස් මාධ්‍ය පවසයි.

දකුණු අප්‍රිකාවේ අතහැර දැමු රන් පතලක කැනිම් කරමින් සිටි කම්කරුවන් පිරිසක් මෙම අනතුරට ලක්ව ඇත.

ඔවුන් දින ගණනක් පතල තුළ සිරවී සිට ඇති බවයි වාර්තා වේ.

කුසගින්න සහ විජලනය හේතුවෙන් එම පිරිස මියගොස් ඇති බව සඳහන්ය.

පතලේ සිරවි සිටි කම්කරුවන් කිහිපදෙනෙකු බේරා ගැනීම සිදුවිය.

ගලවා ගැනිමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව එරට බලධාරින් පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved