Connect with us

විදෙස්

කැනඩාවේ සැකකටයුතු ගින්නකින් ඉන්දීය පවුලක් මරුට

Published

on

කැනඩාවේ ඔන්ටාරියෝ හි නිවසක හටගත් ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ ඉන්දියානු සම්භවය සහිත එකම පවුලේ මව, පියා සහ දියණිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගින්න නිවා දැමීමෙන් පසුව පුද්ගල මළසිරුරු තුනක් හමුවී තිබුණි.

කෙසේ වුවද ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට බලධාරීන් සමත්වී තිබුණේ නැති බවද වාර්තා වෙයි.

මෙම ගින්න අනතුරක් නොවන බවත් සැක කටයුතු ගින්නක් බවත් කැනඩා පොලීසිය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස්

කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි

Published

on

By

කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මාර්ක් කාර්නි දිවුරුම් දී තිබේ.

ජස්ටින් ටෲඩෝ අග්‍රාමාත්‍ය ධුරයෙන් මෙන්ම ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම සිදුවිය.

59 වන වියේ පසුවන මාර්ක් කාර්නි අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ ඒ අනුවය.

පක්ෂ සාමාජිකයන් එක්ලක්ෂ පනස්දෙදහසකට අඩු සංඛ්‍යාවක් ඡන්දය දුන් තරගයක දී වැඩි ප්‍රතිශතයක් අත්කර ගැනීමට ඔහුට හැකිවූ අතර ප්‍රකාශිත ඡන්දවලින් 86%ක් ලබාගත් කාර්නි මෙසේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ බවයි කැනඩා වාර්තා සඳහන් කරයි.

කැනඩාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වශයෙන් ද කටයුතුකර තිබේ.

සබැඳි පුවත්

කැනඩාවේ නව අගමැති මාර්ක් කාර්නි

Continue Reading

විදෙස්

මධ්‍යසාර නිෂ්පාදන සඳහා 200%ක බදු පනවන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

Published

on

By

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයෙන් ආනයනය කරනු ලබන මධ්‍යසාර වෙනුවෙන් 200%ක බදු පනවන බවට තර්ජනය කර තිබේ.

ඒ අනුව, මේ වන විට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබන රටවල් 193ක් වෙනුවෙන් මෙම තීරුබදු බලාත්මක වනු ඇත.

පසුගියදා එක්සත් ජනපදයේ නිෂ්පාදිත විස්කි සඳහා යුරෝපා සංගමයේ රටවල් 50% ක ආනයන බද්දක් පැනවීමට ප්‍රතිචාර වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (13) දිනයේදී මේ බව නිවේදනය කර තිබේ.

ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර තීරුබදු පොරොන්දු වූ අතර දැන් එම පොරොන්දු ඉටු වෙමින් පවතී. කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ මෙම තත්වය දිගටම පවතින්නේ නම් එක්සත් ජනපද ආර්ථිකය අවපාතයක් කරා ගමන් කරනු ඇති බවයි.

Continue Reading

විදෙස්

Sheikh Hasina ගේ පවුලේ දේපළ සහ බැංකු ගිණුම් රැසක් රාජසන්තක කෙරේ

Published

on

By

හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ ධන්මොන්ඩි නිවස වන ‘සුදාසන්’ සහ ඉන්දියාවේ පිටුවහල්ව සිටින ඇගේ පවුලේ සාමාජිකයින්ට අයත් තවත් දේපළ කිහිපයක් අත්පත් කර ගැනීමට නියෝග කර ඇතැයි වාර්තා වේ.

ඒ ඩකාහි අධිකරණයක් විසින් බව වැඩිදුරටත් වාර්තා වේ.

තවද, ඇගේ පවුලට අයත් බැංකු ගිණුම් 124 ක් අත්අඩංගුවට ගැනීමට ද අධිකරණය නියෝග කළ බව නිලධාරීහු පවසති. දූෂණ විරෝධී කොමිසම (ACC) විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඩකා මෙට්‍රොපොලිටන් ජ්‍යෙෂ්ඨ විශේෂ විනිසුරු සකීර් හොසේන් ගලිබ් අඟහරුවාදා මෙම නියෝගය නිකුත් කර ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කරයි.

හසීනාගේ සැමියා වන අභාවප්‍රාප්ත න්‍යෂ්ටික විද්‍යාඥ එම්ඒ වාසෙඩ් මියා, සුධා මියා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලදී. ‘සුධාසදන්’ නම් නිවස ඔහුගේ නමින් නම් කර ඇත්තේ ඒ අනුවය. හසීනාට අමතරව ඇගේ පුත් සජිබ් වාසෙඩ් ජෝයි, දියණිය සයිමා වාසෙඩ් පුටුල්, සහෝදරිය ෂෙයික් රෙහානා සහ ඇගේ දියණියන් වන ටියුලිප් සිද්දික් සහ රඩ්වාන් මුජිබ් සිද්දික් යන අයට අයත් තවත් දේපළ කිහිපයක් අත්පත් කරගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved