මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන කියුබාවේ ඉන්ධන මිල පස් ගුණයකින් ඉහළ ගොස් ඇති බව එරට රජය පවසයි.
ඒ අනුව, මේ වන විට පෙසෝ 25ක් ලෙස පවතින පෙට්රල් ලීටරයක මිල ලබන මාසයේ සිට පෙසෝ 132ක් වනු ඇත.
ඩීසල් හා අනෙකුත් ඉන්ධන වර්ගද මීට සමානව වැඩි වනු ඇති බවද එරට මුදල් ඇමතිවරයා පවසා ඇත.
රටේ විදේශ විනිමය වැඩිකරගැනීමේ අරමුණෙන් ඩොලර් වලින් පමණක් ගෙවිය හැකි ඉන්ධන පිරවුම්හල් 29ක් විවෘත කිරීමටද කියුබානු රජය තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.
ඉන්ධන මිල වැඩිකිරීමත් සමගම කියුබානු ජාතිකයන්ගේ ජීවිතය තවත් දුෂ්කර වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.